ත්‍රිපිටකය
9. අසඞ්ඛතසංයුත්තං 9. අසංඛත සංයුත්තය
1. පඨමවග්ගො 1. අසංඛත වර්ගය
1. කායගතාසතිසුත්තං 1. කායගතාසති සූත්‍රය
366
සාවත්ථිනිදානං . ‘‘අසඞ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසඞ්ඛතගාමිඤ්ච මග්ගං. තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඞ්ඛතං? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො - ඉදං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතං. කතමො ච, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො? කායගතාසති. අයං වුච්චති, භික්ඛවෙ, අසඞ්ඛතගාමිමග්ගො’’.
‘‘ඉති ඛො, භික්ඛවෙ, දෙසිතං වො මයා අසඞ්ඛතං, දෙසිතො අසඞ්ඛතගාමිමග්ගො. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි, භික්ඛවෙ, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ (නිජ්ඣායථ (ක.)), භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති. පඨමං.
366
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
[2] “මහණෙනි තොපට අසංඛතයද (නිර්වාණයද), අසංඛතගාමී (නිවනට පැමිණෙන) මඟද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ.
[3] “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ කායගතාසතිය අසංඛතගාමී මාර්ගයයි.
[4] “මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.”
(මේ වර්ගයේ සූත්‍ර සියල්ලේම 1, 2, 4 වෙනි ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 1, 2, 4 වෙනි ඡේද මෙන් වේ. වෙනස් වන 3 වෙනි ඡේද පමණක් දක්වා ඇත.)
2. සමථවිපස්සනාසුත්තං 2. සමථ විපස්සනා සූත්‍රය
3. සවිතක්කසවිචාරසුත්තං 3. සවිතක්ක සවිචාර සූත්‍රය
4. සුඤ්ඤතසමාධිසුත්තං 4. සුඤ්ඤත සමාධි සූත්‍රය
5. සතිපට්ඨානසුත්තං 5. සතිපට්ඨාන සූත්‍රය
6. සම්මප්පධානසුත්තං 6. සම්මප්පධාන සූත්‍රය
7. ඉද්ධිපාදසුත්තං 7. ඉද්ධිපාද සූත්‍රය
8. ඉන්ද්‍රියසුත්තං 8. ඉන්ද්‍රිය සූත්‍රය
9. බලසුත්තං 9. බල සූත්‍රය
10. බොජ්ඣඞ්ගසුත්තං 10. බොජ්ඣංග සූත්‍රය
11. මග්ගඞ්ගසුත්තං 11. මග්ගංග සූත්‍රය
2. දුතියවග්ගො 2. දුතිය අසංඛත වර්ගය
1. අසඞ්ඛතසුත්තං 1. අසංඛත සූත්‍ර
2. අනතසුත්තං 2. අන්ත සූත්‍ර
3-32. අනාසවාදිසුත්තං 3-32. අනාසව ආදී සූත්‍ර
33. පරායනසුත්තං 33. පරායණ සූත්‍ර