| 4. සුමනවග්ගො | 4. සුමනා වර්ගය | 
| 1. සුමනසුත්තං | 1. සුමනා සූත්‍රය | 
| 
        31
        
          එකං 
                        
             
        ‘‘ඉධස්සු, භන්තෙ, භගවතො ද්වෙ සාවකා සමසද්ධා සමසීලා සමපඤ්ඤා - එකො දායකො, එකො අදායකො. තෙ කායස්ස භෙදා 
                        
             
        ‘‘සියා, සුමනෙ’’ති භගවා අවොච - ‘‘යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං දෙවභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්යෙන. යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං දෙවභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති’’. 
        ‘‘සචෙ පන තෙ, භන්තෙ, තතො චුතා ඉත්ථත්තං ආගච්ඡන්ති, මනුස්සභූතානං පන නෙසං, භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණ’’න්ති? ‘‘සියා, සුමනෙ’’ති භගවා අවොච - ‘‘යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං මනුස්සභූතො සමානො පඤ්චහි ඨානෙහි අධිගණ්හාති - මානුසකෙන ආයුනා, මානුසකෙන වණ්ණෙන, මානුසකෙන සුඛෙන, මානුසකෙන යසෙන, මානුසකෙන ආධිපතෙය්යෙන. යො සො, සුමනෙ, දායකො සො අමුං අදායකං මනුස්සභූතො සමානො ඉමෙහි පඤ්චහි ඨානෙහි අධිගණ්හාති’’. 
        ‘‘සචෙ 
                        
             
        ‘‘සචෙ පන තෙ, භන්තෙ, උභො අරහත්තං පාපුණන්ති, අරහත්තප්පත්තානං පන නෙසං, භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණ’’න්ති? ‘‘එත්ථ ඛො පනෙසාහං, සුමනෙ, න කිඤ්චි නානාකරණං වදාමි, යදිදං විමුත්තියා විමුත්ති’’න්ති 
                        
            (විමුත්තන්ති (ස්‍යා. කං.)).
                    
         
        ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවඤ්චිදං, භන්තෙ, අලමෙව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං; යත්ර හි නාම දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති. ‘‘එවමෙතං, සුමනෙ! අලඤ්හි, සුමනෙ, දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං! දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති 
                        
             
        ඉදමවොච භගවා. ඉදං වත්වාන 
                        
            (ඉදං වත්වා (සී. පී.) එවමුපරිපි) සුගතො අථාපරං එතදවොච සත්ථා -
                    
         
        ‘‘යථාපි චන්දො විමලො, ගච්ඡං ආකාසධාතුයා; 
        සබ්බෙ තාරාගණෙ ලොකෙ, ආභාය අතිරොචති. 
        ‘‘තථෙව සීලසම්පන්නො, සද්ධො පුරිසපුග්ගලො; 
        සබ්බෙ මච්ඡරිනො ලොකෙ, චාගෙන අතිරොචති. 
        ‘‘යථාපි 
                        
             
        ථලං නින්නඤ්ච පූරෙති, අභිවස්සං වසුන්ධරං. 
        ‘‘එවං දස්සනසම්පන්නො, සම්මාසම්බුද්ධසාවකො; 
        මච්ඡරිං අධිගණ්හාති, පඤ්චඨානෙහි පණ්ඩිතො. 
        ‘‘ආයුනා 
                        
             
        ස වෙ භොගපරිබ්යූළ්හො 
                        
            (භොගපරිබ්බූළ්හො (සී.)), පෙච්ච සග්ගෙ පමොදතී’’ති. පඨමං;
                    
         
     | 
    
        31
        
         එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සුමනා නම් රජ කුමරී තොමෝ, පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම සුමනා රාජ කුමාරී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. 
        “ස්වාමීනි, මේ ශාසනයෙහි සමාන ශ්‍රද්ධා ඇත්තා වූ, සමාන සිල් ඇත්තා වූ, සමාන ප්‍රඥා ඇත්තා වූ, දන් දෙන එකෙක, දන් නොදෙන එකෙකැයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහුය. ඔවුහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තා වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නාහුය. ස්වාමීනි, දෙවිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?” 
        “සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් මේ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ නොදෙන්නහු දෙවිවූයේම දිව්‍ය වූ ආයුෂයෙන්ද, දිව්‍ය වූ ශරීර වර්ණයෙන්ද, දිව්‍ය වූ සැපයෙන්ද, දිව්‍ය වූ යශසින්ද, දිව්‍ය වූ අධිපති බැවින්ද, යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, මේ දන් නොදෙන්නහු දෙවි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.” 
        “ස්වාමීනි, ඉදින් වනාහි ඔවුහු එයින් චුතවූවාහු, මේ ආත්ම භාවයට පැමිණෙත් නම් මනුෂ්‍යවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?” 
        “සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම, මිනිසුන් අයත්වූ  ආයුෂයෙන්ද, මානුෂක වූ ශරීර වර්ණයෙන්ද, මානුෂක වූ සැපයෙන්ද, මානුෂක වූ යසසින්ද, මානුෂක වූ අධිපති භාවයෙන්ද යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු මනුෂ්‍ය වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.” 
        “ස්වාමීනි, ඉදින් වනාහි ඒ ඔවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනි, පැවිදිවූම ඔවුන්ගේ වෙසෙසක් වන්නේද, වෙන් කිරීමක් වන්නේද?” 
        “සුමනාවෙනි, වන්නේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම, යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සිවුරු පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ පිණ්ඩපාතය පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ සෙනසුන් පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යාඥා කරණ ලද්දේම, බොහෝ වූ ගිලන්පස බෙහෙත් පිරිකර  පරිභෝග කරයි. යාඥා නොකරණ ලද්දේ, ස්වල්පයක් පරිභෝග කරයි. යම් බ්‍රහ්මචාරීන් සමග වාසය කෙර්ද, ඔවුහු මොහුට මනාපවූම කාය කර්මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම වාක් කර්මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම මනෝ කර්මයෙන්, බොහෝකොට මනාව හැසිරෙත්. අමනාපයෙන් මඳකොට හැසිරෙත්. මනාපවූම පූජාව එළවත්. අමනාප වූ පූජාව මඳකොට එළවත් යන කරුණු පසින් මැඩ පවත්වයි. සුමනාවෙනි, යම් ඒ දන් දෙන්නෙක් වේද, හෙතෙම මේ දන් නොදෙන්නහු පැවිදි වූයේම මේ කරුණු පසින් මැඩ පවත්වයි.” 
        “ස්වාමීනි, ඉදින් වනාහි ඔහු දෙදෙන රහත් බවට පැමිණෙද්ද, ස්වාමීනි, රහත් බවට පැමිණියාවූම ඔවුන්ගේ වෙනසක් වන්නේද, වෙන් කිරීම වන්නේද?” 
        “සුමනාවෙනි, මෙහි වනාහි, මම මොවුන්ගේ කිසි වෙනස් කරුණක් නොකියමි. එනම් එකකුගේ විමුක්තිය සමග අනිකාගේ විමුක්තිය අරබයාය.” 
        “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අද්භූතයෙකි. ස්වාමීනි, යම්බඳු වූ පුණ්‍යයෝ නම් දෙවිවූවහුටත් උපකාර වෙද්ද, මනුෂ්‍යවූවහුටත් උපකාර වෙද්ද, ස්වාමීනි, මේ දන් දෙන්ට ඉතාම සුදුසුය, පින් කරන්ට සුදුසුමය” යි කීයේය. 
        “සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.” යි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, ඉන්පසු මෙය වදාළ සේක. 
        (1) “යම් සේ ලෝකයෙහි අහසින් ගමන් කරන්නා වූ, නිර්මලවූ චන්ද්‍ර තෙම සියලු තාරකාවන් රශ්මියෙන් ඉක්මවා බබළාද, 
        (2) “එසේම, ශීලයෙන් යුක්ත වූ, ශ්‍රද්ධාව ඇත්තා වූ පුරුෂ පුද්ගලතෙම ලෝකයෙහි සියලු මසුරු පුද්ගලයන් ත්‍යාගය කරණ කොට ගෙන ඉක්මවා බබලයි. 
        (3) “යම්සේ සිය ගනන් මුදුන් ඇති, විදුලි මාළා ඇති මේඝය තෙම ගර්ජනා කරමින් පෘථිවියට මනාකොට වර්ෂා කරන්නේ ගොඩබිම හා පහත් බිම පුරවාද, 
        (4) “මෙසේ සෝවාන් වූ, සම්‍යක් සම්බුද්ධ ශ්‍රාවක වූ පණ්ඩිත තෙම කරුණු පසකින් මසුරු පුද්ගලයා මැඩ පවත්වයි. 
        (5) “ආයුෂයෙන්ද, යශසින්ද, ශරීර වර්ණයෙන්ද, සැපයෙන්ද, හෙතෙම ඒකාන්තයෙන් සැඩ පහරින් භොගවලින් මෙන් දාන වශයෙන් පමුණුවන්නා වූ දෙව්ලොවට පමුණුවන ලද්දේ පරලොවද, දෙව්ලොවද සතුටුවේය” යි වදාළ සේක. 
     | 
| 2. චුන්දීසුත්තං | 2. චුන්දී සූත්‍රය | 
| 
        32
        
          එකං 
                        
             
        ‘‘අම්හාකං, භන්තෙ, භාතා චුන්දො නාම 
                        
             
        ‘‘යාවතා, චුන්දි, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා 
                        
            (අපාදා වා ද්වීපාදා වාචතුප්පාදා වා බහුප්පාදා වා (සී.) අ. නි. 4.34; ඉතිවු. 90) රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති 
                        
             
        ‘‘යාවතා, චුන්දි, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති. යෙ, චුන්දි, අරියෙ අට්ඨඞ්ගිකෙ මග්ගෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා, අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති. 
        ‘‘යාවතා 
                        
             
        ‘‘යාවතා, චුන්දි, සඞ්ඝා වා ගණා වා, තථාගතසාවකසඞ්ඝො තෙසං අග්ගමක්ඛායති, යදිදං - චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. යෙ ඛො, චුන්දි, සඞ්ඝෙ පසන්නා, අග්ගෙ තෙ පසන්නා. අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො හොති. 
        ‘‘යාවතා, චුන්දි, සීලානි, අරියකන්තානි සීලානි තෙසං 
                        
            (අරියකන්තානිතෙසං (සී. ස්‍යා. කං.)) අග්ගමක්ඛායති, යදිදං - අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. යෙ ඛො, චුන්දි, අරියකන්තෙසු සීලෙසු පරිපූරකාරිනො, අග්ගෙ තෙ පරිපූරකාරිනො. අග්ගෙ ඛො පන පරිපූරකාරීනං අග්ගො විපාකො හොතී’’ති.
                    
         
        ‘‘අග්ගතො වෙ පසන්නානං, අග්ගං ධම්මං විජානතං; 
        අග්ගෙ බුද්ධෙ පසන්නානං, දක්ඛිණෙය්යෙ අනුත්තරෙ. 
        ‘‘අග්ගෙ ධම්මෙ පසන්නානං, විරාගූපසමෙ සුඛෙ; 
        අග්ගෙ සඞ්ඝෙ පසන්නානං, පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ. 
        ‘‘අග්ගස්මිං 
                        
             
        අග්ගං ආයු ච වණ්ණො ච, යසො කිත්ති සුඛං බලං. 
        ‘‘අග්ගස්ස දාතා මෙධාවී, අග්ගධම්මසමාහිතො; 
        දෙවභූතො මනුස්සො වා, අග්ගප්පත්තො පමොදතී’’ති. දුතියං; 
     | 
    
        32
        
         “එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම්වූ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි චුන්දී නම් රාජ කුමාරී තොමෝ පන්සියයක් රථ වලින් පන්සියයක් රජ කුමරියන් විසින් පිරිවරණ ලද්දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකස් කොට වැඳ එකත්පස්ව හුන්නේය. 
        එකත්පස්ව හුන්නාවූම චුන්දී නම් රාජ කුමාරී තොමෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, අපගේ චුන්ද නම් රාජ කුමාරයෙක් වේ. හෙතෙම මෙසේ කීය. ‘යම් මේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුන් සරණ කොට ගියේ වේද, දහම් සරණ කොට ගියේ වේද, සංඝයා සරණ කොට ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිත්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදියි. දුර්ගතියෙහි නූපදියි” යනුයි. 
        “ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ විචාරමි. ස්වාමීනි, කෙබඳු වූ ශාස්තෘවරයෙකු කෙරෙහි ප්‍රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? 
        “ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ විචාරමි. ස්වාමීනි, කෙබඳු වූ ධර්මයෙක්හි වනාහි ප්‍රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? කෙබඳු සංඝයා කෙරෙහි වනාහි ප්‍රසන්න වූයේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි? කෙබඳු කුශල ධර්මයන්හි සම්පූර්ණ කිරීම් ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියෙහිම උපදීද, දුර්ගතියෙහි නූපදීදැයි?” 
        “එම්බා චුන්දිය, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පාද ඇත්තා වූ හෝ රූප ඇත්තා වූ හෝ රූප නැත්තා වූ හෝ සංඥා ඇත්තා වූ හෝ සංඥා නැත්තා වූ හෝ නෙවසඤ්ඤීනාසචඤ්ඤී වූ හෝ යම්තාක් සත්ත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගත තෙමේ උතුම්යයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි බුදුන් කෙරහි ප්‍රසන්න වූවාහුද, ඔවුහු අග්‍ර වූවහු කෙරෙහි ප්‍රසන්න වූවාහුය. අග්‍ර වූවහු කෙරෙහි වනාහි ප්‍රසන්න වූවන්ට අග්‍ර වූ විපාකය වේ. 
        “චුන්දිය, සංස්කරණය කරණ ලද්දා වූ හෝ සංස්කරණය නොකරණ ලද්දා වූ හෝ යම්තාක් ධර්මයෝ වෙද්ද, ඒ ධර්මයන් අතුරෙන් යම් සේ රාගාදී මදයන්ගේ දුරු කිරීම ඇත්තා වූ, සියලු පිපාසා දුරු කිරීම ඇත්තා වූ, සියලු ආලයන්ගේ නැසීම ඇත්තා වූ, වෘත්තයන්ගේ සිඳීම් ඇත්තා වූ, තෘෂ්ණාවන්ගේ ක්ෂය කිරීම් ඇත්තා වූ, නොඇල්ම ඇත්තා වූ, නිරුද්ධවීම ඇත්තා වූ, නිවණක් වේද, විරාග නම් වූ ඒ නිවණ අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි විරාග ධර්මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍ර වූ ධර්මයෙහි පැහැදුනාහුය. අග්‍ර වූ ධර්මයෙහි වනාහි පැහැදුනවුන්ට අග්‍ර වූ විපාකය වේ. 
        “එම්බා චුන්දිය, යම්තාක් සඞ්ඝ වූවාහු හෝ ගණ වූවාහු හෝ වෙද්ද, ඔවුන්ගෙන් යම් මේ පුරුෂ යුග්ම සතරක් වෙද්ද, පුරුෂ පුද්ගලයන් අට දෙනක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝ තෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද පූජාවට සුදුසු වේ. දක්ෂිණාව පිළිගැනීමට සුදුසු වේ. ඇඳිලි කිරීමට සුදුසු වේ. ලෝකයාට උතුම් වූ පින් කෙත වේද, මේ තථාගතයන්ගේ ශ්‍රාවක සංඝ තෙම අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි සඞ්ඝයා කෙරෙහි ප්‍රසන්න වූවාහුද, ඔවුහු අග්‍ර තන්හි ප්‍රසන්න වූවාහු වෙත්. අග්‍ර වූ සංඝයා කෙරෙහි ප්‍රසන්න වූවන්ට වනාහි අග්‍ර වූ විපාකය වේ. 
        “එම්බා චුන්දිය, ආර්‍ය්‍යයන් කැමැති වූ යම්තාක් ශීලයෝ වෙද්ද, ඔවුන්ගෙන් නොකඩ වූ, නොසිදුරු වූ, නොකැළල් වූ, තිත් නැත්තා වූ, දාසකමින් මිදුනා වූ, නුවණැත්තන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණා දෘෂ්ටීන් පරාමර්ශණය නොකරණ ලද්දා වූ, සමාධිය පිණිස පවත්නා වූ යම් මේ ශීලයෝ වෙද්ද, මෙය අග්‍රයයි කියනු ලැබේ. චුන්දිය, යම් කෙනෙක් වනාහි ආර්‍ය්‍යයන් කැමති වූ ශීලයන්හි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙද්ද, ඔවුහු අග්‍ර වූ ශීලයෙහි සම්පූර්ණ කිරීම ඇත්තාහු වෙත්. අග්‍ර වූ ශීලයෙහි වනාහි සම්පූර්ණ කිරීම ඇත්තවුන්ට අග්‍ර වූ විපාකය වේ. 
        (1) “ඒකාන්තයෙන් අග්‍ර වශයෙන් පැහැදුනා වූ, අග්‍ර වූ ධර්මය දන්නා වූ, නිරුත්තර දක්ෂිණාර්හ වූ, අග්‍ර වූ බුදුන් කෙරෙහි පැහැදුනවුන්ටද, 
        (2) “විරාගයෙන් හා උපසමයෙන් යුත් සැපය ඇත්තා වූ, අග්‍ර වූ ධර්මයෙහි පැහැදුනවුන්ටද, උතුම් පින් කෙතක් වූ අග්‍ර වූ සංඝයා කෙරෙහි පැහැදුනවුන්ටද, 
        (3) “අග්රවූවහු කෙරෙහි දානය දෙන්නවුන්ටද අග්‍ර වූ පින වැඩේ. අග්‍ර වූ ආයුෂයද, අග්‍ර වූ ශරීර වර්ණයද, යශස හා කීර්තියද, සැපයද, බලයද ලැබේ. 
        (4) “අග්රවූවහුට දෙන්නා වූ, නුවණැත්තා වූ, අග්‍ර ධර්මයෙන් යුක්ත වූ පුද්ගල තෙමේ, දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අග්‍ර බවට පැමිණියේ අතිශයින් සතුටු වේයයි වදාළ සේක.” 
     | 
| 3. උග්ගහසුත්තං | 3. උග්ගහ සූත්‍රය | 
| 
        33
        
          එකං සමයං භගවා භද්දියෙ විහරති ජාතියා වනෙ. අථ ඛො උග්ගහො 
                        
             
        ‘‘අධිවාසෙතු 
                        
             
        අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගහස්ස මෙණ්ඩකනත්තුනො නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගහො මෙණ්ඩකනත්තා භගවන්තං එතදවොච - ‘‘ඉමා මෙ, භන්තෙ, කුමාරියො පතිකුලානි ගමිස්සන්ති. ඔවදතු තාසං, භන්තෙ, භගවා; අනුසාසතු තාසං, භන්තෙ, භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’’ති. 
        අථ ඛො භගවා තා කුමාරියො එතදවොච - ‘‘තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං - ‘යස්ස වො 
                        
            (යස්ස ඛො (සී. ස්‍යා. කං.)) මාතාපිතරො භත්තුනො දස්සන්ති අත්ථකාමා හිතෙසිනො අනුකම්පකා අනුකම්පං උපාදාය, තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො පච්ඡානිපාතිනියො කිංකාරපටිස්සාවිනියො 
                        
             
        ‘‘තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං - ‘යෙ තෙ භත්තු ගරුනො 
                        
            (ගුරුනො (ක.)) භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණබ්රාහ්මණාති වා, තෙ සක්කරිස්සාම ගරුං කරිස්සාම 
                        
            (ගරුකරිස්සාම (සී. ස්‍යා. කං. පී.)) මානෙස්සාම පූජෙස්සාම අබ්භාගතෙ ච ආසනොදකෙන පටිපූජෙස්සාමා’ති 
                        
            (පූජෙස්සාමාති (සී.)). එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං.
                    
         
        ‘‘තස්මාතිහ 
                        
             
        ‘‘තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං - ‘යො සො භත්තු අබ්භන්තරො 
                        
            (අබ්භන්තරෙ (ක.)) අන්තොජනො දාසාති වා පෙස්සාති වා 
                        
             
        ‘‘තස්මාතිහ, කුමාරියො, එවං සික්ඛිතබ්බං - ‘යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන 
                        
            (තං ආරක්ඛාය (සී.)) ගුත්තියා සම්පාදෙස්සාම, තත්ථ ච භවිස්සාම අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසිකායො’ති. එවඤ්හි වො, කුමාරියො, සික්ඛිතබ්බං. ඉමෙහි ඛො, කුමාරියො, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො මාතුගාමො කායස්ස භෙදා පරං මරණා මනාපකායිකානං දෙවානං සහබ්යතං උපපජ්ජතී’’ති.
                    
         
        ‘‘යො නං භරති සබ්බදා, නිච්චං ආතාපි උස්සුකො; 
        සබ්බකාමහරං පොසං, භත්තාරං නාතිමඤ්ඤති. 
        ‘‘න 
                        
             
        භත්තු ච ගරුනො සබ්බෙ, පටිපූජෙති පණ්ඩිතා. 
        ‘‘උට්ඨාහිකා 
                        
             
        භත්තු මනාපං 
                        
            (මනාපා (සී.)) චරති, සම්භතං අනුරක්ඛති.
                    
         
        ‘‘යා එවං වත්තතී නාරී, භත්තුඡන්දවසානුගා; 
        මනාපා නාම තෙ දෙවා, යත්ථ සා උපපජ්ජතී’’ති. තතියං; 
     | 
    
        33
        
         එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භද්දිය නම් නුවර ස්වයංජාත වන ලැහැබෙහි වැඩවසන සේක. එකල්හි වනාහි උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. 
        එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ තමන් සතරවෙනි කොට ඇත්තේ සෙට දවස පිණිස මාගේ බත ඉවසන සේක්වා” යි. භාග්‍යවතුන් වහන්සේ, නිශ්ශබ්දවීමෙන් ඉවසූ සේක. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටුහුගේ මුණුබුරු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ පැදකුණු කොට ගියේය. 
        ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරු වේලෙහි හැඳ පොරොවා, පාත්‍ර සිවුරු ගෙණ, උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරාගේ ගෘහය යම් තැනෙක්හිද, එතැනට පැමිණි සේක. පැමිණ පනවන ලද ආසනයෙහි වැඩ හුන් සේක. 
        ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීතවූ කෑ යුතු දෙයින්ද, බුදිය යුතු දෙයින්ද, සියතින් සතුටු කෙළේය. මනාකොට පැවරූයේය. ඉක්බිති උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම වැළඳුවාවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස්ව හුන්නේය. 
        එකත්පස්ව හුන්නාවූම උග්ගහ නම් මෙණ්ඩක සිටු මුණුබුරු තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මාගේ මේ කුමරියෝ සැමි කුල වලට යන්නාහුය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් ඔවුන්ට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, එහෙයින් ඔවුන්ට අවවාද කරන සේකවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට අනුශාසනා කරන සේක්වා.” 
        ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කුමරියන්ට මෙය වදාළ සේක. “කුමරියෙනි, එහෙයින් මෙහි වැඩ කැමැතිවූ, හිත කැමැති වූ, අනුකම්පා ඇත්තාවූ, මව්පියෝ අනුකම්පා පිණිස යම් ස්වාමියෙකුට දෙන්නාහුද, ඔහුට පළමු නැගිටින්නියෝද, පසුව නිදාගන්නියෝද, ‘කුමක් කරම්දැ’ යි පිළිවිස කරන්නියෝද, මනාප පරිදි හැසිරෙන්නියෝද, ප්‍රිය තෙපුල් කියන්නියෝද, වන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි. 
        “කුමරියෙනි, එහෙයින් මෙහි යම් ඒ ස්වාමීහුගේ මව්ය කියා හෝ, පියාය කියා හෝ, මහණ බමුණෝය කියා හෝ, ගරු කටයුත්තෝ වන්නාහුද, ඔවුන්ට සත්කාර කරන්නෙමු. ගෞරව කරන්නෙමු. බුහුමන් කරන්නෙමු. පූජා කරන්නෙමු. ලඟට පැමිණියවුන්ටද ආසනයෙන් හා ජලයෙන් පුදන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, තොප විසින් වනාහි මෙසේ හික්මිය යුතුයි. 
        “කුමරියෙනි, එහෙයින් මෙහි ස්වාමිහුගේ එළු ලොම් හෝ, කපු පුළුන් හෝ යම් ඒ ඇතුළත්වූ කර්මාන්ත වෙද්ද, එහි අලස නොවූවාහු, ඒ කර්මාන්තයෙහි උපායවූ විමසීම් නුවණින් යුක්තවූවෝ කරන්ට සමර්ත්ථ සංවිධාන කරන්ට සමර්ත්ථ දක්ෂවූවෝ වන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. කුමරියෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. 
        “කුමරියෙනි, එහෙයින් මෙහි ස්වාමීහුගේ අභ්යන්තරවූ දාසයෝය කියා හෝ පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ, යම් මේ ඇතුළත ජනයා වේද, ඔවුන් කළ දෙයද, කළ දෙය වශයෙන් දැනගන්නෙමු. නොකළ දෙයද, නොකළ දෙය වශයෙන් දැනගන්නෙමුයි, ගිලන්වූවන්ගේද සුවදුක් බලා දැනගන්නෙමුයි, කෑ යුතු දෙයක්ද, බුදිය යුතු දෙයක්ද, මොහුට උපකාර වේද, එයින් විභාග කරන්නෙමුයි, මෙසේ හික්මිය යුතුයි. 
        “කුමරියෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුයි. කුමරියෙනි, මේ කරුණු පසින් වනාහි යුක්තවූ ස්ත්‍රිය, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු මනාප කායික නම් දෙවියන්ගේ සමාන බවට පැමිණේයයි වදාළ සේක.” 
        (1) “වීර්‍ය්‍ය ඇති, උත්සාහවත්වූ, යමෙක් හැම කල්හි ඇය සතතයෙන් පෝෂණය කෙරේද, ඕ තොමෝ සියලු කැමති දෙය දෙන්නාවූ, පෝෂණය කරන්නාවූ, ස්වාමියා ඉක්මවා නොහඟියි. 
        (2) “ඒ ස්ත්‍රී තොමෝ කැමති පරිදි හැසිරීමෙන් ස්වාමියා කෝපද නොකරන්නේය. නුවණැත්තී ස්වාමීහුගේ සියලු ගරු කටයුත්තන්ද පුදයි. 
        (3) “උත්සාහවත් වූවා, අලස නොවූවා, සංග්‍රහ කරන ලද පිරිවර ජනයන් ඇත්තී, ස්වාමියාට මනාප වූවා හැසිරෙයි. රැස් කරන ලද ධනයද ආරක්ෂා කරයි. 
        (4) “ස්වාමියාගේ කැමැත්ත අනුව පවත්නාවූ, යම් ස්ත්‍රියක් තොමෝ මෙසේ පවතීද, ඕ තොමෝ යම් තැනෙක්හි නිර්මානරතී නම් ඒ දෙවියෝ ඇද්ද, එහි උපදීය” යි වදාළ සේක. 
     | 
| 4. සීහසෙනාපතිසුත්තං | 4. සීහසේනාපති සූත්‍රය | 
| 
        34
        
          එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා 
                        
             
        ‘‘සක්කා, සීහා’’ති භගවා අවොච - ‘‘දායකො, සීහ, දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො. යම්පි, සීහ, දායකො දානපති බහුනො ජනස්ස පියො හොති මනාපො, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. 
        ‘‘පුන චපරං, සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති. යම්පි, සීහ, දායකං දානපතිං සන්තො සප්පුරිසා භජන්ති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. 
        ‘‘පුන චපරං, සීහ, දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. යම්පි, සීහ, දායකස්ස දානපතිනො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදම්පි සන්දිට්ඨිකං දානඵලං. 
        ‘‘පුන චපරං, සීහ, දායකො දානපති යං යදෙව පරිසං උපසඞ්කමති - යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං - විසාරදො 
                        
             
        ‘‘පුන චපරං, සීහ, දායකො දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යම්පි, සීහ, දායකො දානපති කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, ඉදං 
                        
            (ඉදම්පි සීහ (ක.)) සම්පරායිකං දානඵල’’න්ති.
                    
         
        එවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච - ‘‘යානිමානි, භන්තෙ, භගවතා චත්තාරි සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි; අහං පෙතානි ජානාමි. අහං, භන්තෙ, දායකො දානපති බහුනො ජනස්ස පියො මනාපො. අහං, භන්තෙ, දායකො දානපති; මං සන්තො සප්පුරිසා භජන්ති. අහං, භන්තෙ, දායකො දානපති; මය්හං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘සීහො සෙනාපති දායකො කාරකො 
                        
             
        ‘‘දදං පියො හොති භජන්ති නං බහූ, 
        කිත්තිඤ්ච පප්පොති යසො ච වඩ්ඪති 
                        
            (යසස්ස වඩ්ඪති (ස්‍යා. කං.), යසං පවඩ්ඪති (ක.));
                    
         
        අමඞ්කුභූතො පරිසං විගාහති, 
        විසාරදො හොති නරො අමච්ඡරී. 
        ‘‘තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා, 
        විනෙය්ය මච්ඡෙරමලං සුඛෙසිනො; 
        තෙ 
                        
             
        දෙවානං සහබ්යගතා රමන්ති තෙ 
                        
            (සහබ්යතං ගතා රමන්ති (සී.), සහබ්යතා රමන්ති තෙ (ක.)).
                    
         
        ‘‘කතාවකාසා කතකුසලා ඉතො චුතා 
                        
            (තතො චුතා (සී.)),
                    
         
        සයංපභා අනුවිචරන්ති නන්දනං 
                        
            (නන්දනෙ (ස්‍යා. කං.));
                    
         
        තෙ තත්ථ නන්දන්ති රමන්ති මොදරෙ, 
        සමප්පිතා කාමගුණෙහි පඤ්චහි; 
        ‘‘කත්වාන වාක්යං අසිතස්ස තාදිනො, 
        රමන්ති සග්ගෙ 
                        
            (රමන්ති සුමනා (ක.), කමන්ති සබ්බෙ (ස්‍යා. කං.)) සුගතස්ස සාවකා’’ති. චතුත්ථං;
                    
         
     | 
    
        34
        
         එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ සිටියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකත්පස්ව හුන්නේය. 
        එකත්පස්ව හුන්නාවූම, සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, තමන් විසින් දැක්ක හැකිවූ දාන විපාකයක් පනවන්ට හැක්කේද?” 
        “සීහය, හැක්කේය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “සීහය, දීමෙහි ශූරවූ, ස්වාමිභාවයෙහි සිට දෙන තැනැත්තේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේ. සීහය, දීමෙහි ශූරවූ, දානපති භාවයෙහි සිටි තැනැත්තේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක් වේය යන යමකුත් වේද, මෙයද තමන් විසින් දැක්ක හැකි දානයෙහි ඵලය වේ. 
        “නැවත අනිකක්ද කියමි. සීහය, දීමෙහි ශූරවූ දානපතියා ශාන්ත වූ සත්පුරුෂයෝ සේවනය කරත්. සීහය, දානයෙහි ශූරවූ දානපතියා ශාන්ත වූ සත්පුරුෂයෝ සේවනය කරත් යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි වූ දානයෙහි ඵලය වේ. 
        “නැවත අනිකක්ද කියමි. සීහය, දානයෙහි ශූරවූ දානපතිහුගේ යහපත්වූ ගුණ ඝෝෂාවක් උස්ව පැනනගියි. සීහය, දානයෙහි ශූරවූ දානපතිහුගේ යහපත්වූ ගුණ ඝෝෂාවක් උස්ව පැනනගියි යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි දානයෙහි ඵලය වේ. 
        “නැවත අනිකක්ද කියමි. සීහය, දානයෙහි ශූරවූ දානපතිතෙම යම් යම් පිරිසකට පැමිණේද, ඉදින් ක්ෂත්රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ නිර්භයවම, නිෂ්තෙජස්ක නුවූයේම පැමිණෙයි. සීහය, දන්දීමෙහි ශූරවූ දානපති තෙම ක්ෂත්රිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද, නිර්භයවම, නොමකුවූයේම පැමිණෙයි යන යමකුත් වේද මෙයද තමන් විසින් දැක්ක හැකි දානයෙහි විපාකය වේ. 
        “නැවත අනිකක්ද කියමි. සීහය, දන්දීමෙහි ශූරවූ දානපති තෙම, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදීයි. සීහය, දීමෙහි ශූරවූ දානපති තෙම, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු, යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීය යන යමකුත් වේද, මෙය පරලොව වන්නාවූ දානයෙහි විපාකය වේය” යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි සීහ නම් සෙනෙවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. 
        “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකිවූ යම් මේ දාන විපාක සතරක් වදාරණ ලද්දාහුද, මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් නොපැමිණෙමියි මමද මොවුන් දනිමි. 
        “ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපතිවූයේ, බොහෝ දෙනාට ප්‍රිය වූවෙක්, මනාප වූවෙක් වෙමි. ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපතියෙක් වෙමි. ශාන්තවූ සත්පුරුෂයෝ මා සේවනය කරත්. ස්වාමීනි, මම දානයෙහි ශූරවූ දානපති වෙමි. මාගේ යහපත්වූ ගුණ ඝෝෂාව උස්ව නැංගේය. ‘සීහ නම් සෙනෙවි තෙම දන් දීමෙහි ශූරය. දන්දීම කරන්නෙක. සඞ්ඝයාට උපස්ථාන කරන්නෙක’ කියායි ස්වාමීනි, මම දන් දීමෙහි ශූරවූ දානපති වූයෙමි. ක්ෂත්රිය පිරිසකට හෝ, බ්‍රාහ්මණ පිරිසකට හෝ, ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ යම් මේ පිරිසකට පැමිණෙම්ද, නිර්භයවම, නොමකුවූයේම පැමිණෙමි. 
        “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් විසින් දැක්ක හැකිවූ යම් මේ දාන විපාක සතරක් වදාරණ ලද්දාහුද, මම මෙහි භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් නොපැමිණෙමියි මමද මොවුන් දනිමි. 
        “ස්වාමීනි, මට යමකුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේද, ‘සීහය, දානයෙහි ශූරවූ දානපති තෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීය’ යි මම මෙය නොදනිමි. මෙහිදු මම භාග්‍යවතුන් වහන්සේගේ ඇදහීමෙන් පැමිණෙමි” යි කීයේය. 
        “සීහය, මේ කාරණය මෙසේය. සීහය, මෙය මෙසේය. දන් දීමෙහි ශූරවූ දානපති තෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීය’ යි වදාළ සේක. 
        (1) “නොමසුරුවූ, දෙන්නාවූ, මනුෂ්‍ය තෙම ප්‍රියයෙක් වේ. ඔහු බොහෝ දෙනා සේවනය කෙරෙත්. හෙතෙම කීර්තියටද පැමිණේ. ඔහුගේ යශසද වැඩේ. නොමකුවූයේ පිරිසට පැමිණේ. විශාරදයෙක් වේ. 
        (2) “එහෙයින්ම නුවණැත්තෝ සැප සොයන්නාහු, මසුරුමල දුරුකොට දන් දෙත්. ඔවුහු දෙව්ලොව පිහිටියාහු, දෙවියන්ගේ එක්වීමට ගියාහු. බොහෝ කලක් සිත් අලවා වාසය කෙරෙත්. 
        (3) “කරණ ලද ආවාස ඇති හෙවත් දිව්‍ය විමාන පහළවීම් ඇති, කරණ ලද කුසල් ඇති, සත්ත්වයෝ මෙයින් චුතව ස්වකීය ප්‍රභාවෙන් නන්දනොද්යානයෙහි හැසිරෙත්. ඔවුහු එහි පස්කම් සැපයෙන් යුක්තවූවාහු, පිනවත්. ඇලෙත්. සතුටු වෙත්. 
        (4) “තාදී ගුණ ඇත්තාවූ, තෘෂ්ණාදීන් අනිශ්රිතවූ, තථාගතයන් වහන්සේගේ වචනය කොට බුදුන්ගේ ශ්‍රාවකයෝ දෙව්ලොව අභිරමනය කෙරෙත්වාය” යි වදාළ සේක. 
     | 
| 5. දානානිසංසසුත්තං | 5. දානානිසංස සූත්‍රය | 
| 
        35
        
          ‘‘පඤ්චිමෙ 
                        
             
        ‘‘දදමානො පියො හොති, සතං ධම්මං අනුක්කමං; 
        සන්තො නං සදා භජන්ති 
                        
            (සන්තො භජන්ති සප්පුරිසා (සී.)), සඤ්ඤතා බ්රහ්මචාරයො.
                    
         
        ‘‘තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; 
        යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො’’ති. පඤ්චමං; 
     | 
    
        35
        
         “මහණෙනි, මේ දානයෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්; බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මන වඩන්නෙක් වෙයි. ශාන්තවූ සත් පුරුෂයෝ භජනය කරත්. යහපත්වූ ගුණ ඝෝෂාව පැන නඟියි. ගෘහස්ත ධර්මයෙන් පහ නොවූයේ වෙයි හෙවත් නොකඩවූ පඤ්ච ශීලය ඇත්තේ වෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. මහණෙනි, මොහු වනාහි දානයෙහි අනුසස් පස වෙත්ය” යි වදාළ සේක. 
        (1) “සත්පුරුෂයන්ගේ ධර්මය නොඉක්මවමින් දෙනු ලබන්නේ ප්‍රියයෙක් වෙයි. සංයමයෙන් යුක්ත වූ, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තා වූ, ශාන්ත වූ සත්පුරුෂයෝ භජනය කෙරෙත්. 
        (2) “උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරලන්නා වූ යම් ධර්මයක් දේශනා කෙරෙත්ද, හෙතෙම මෙලොව ඒ ධර්මය දැන, ආශ්‍රව රහිතවූයේ පිරිනිවේය” යි වදාළ සේක. 
     | 
| 6. කාලදානසුත්තං | 6. කාලදාන සූත්‍රය | 
| 
        36
        
          ‘‘පඤ්චිමානි, භික්ඛවෙ, කාලදානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති; ගමිකස්ස දානං දෙති; ගිලානස්ස දානං දෙති; දුබ්භික්ඛෙ දානං දෙති; යානි තානි නවසස්සානි 
                        
             
        ‘‘කාලෙ දදන්ති සප්පඤ්ඤා, වදඤ්ඤූ වීතමච්ඡරා; 
        කාලෙන දින්නං අරියෙසු, උජුභූතෙසු තාදිසු. 
        ‘‘විප්පසන්නමනා තස්ස, විපුලා හොති දක්ඛිණා; 
        යෙ තත්ථ අනුමොදන්ති, වෙය්යාවච්චං කරොන්ති වා; 
        න තෙන 
                        
            (න තෙසං (පී. ක.)) දක්ඛිණා ඌනා, තෙපි පුඤ්ඤස්ස භාගිනො.
                    
         
        ‘‘තස්මා දදෙ අප්පටිවානචිත්තො, යත්ථ දින්නං මහප්ඵලං; 
        පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති. ඡට්ඨං; 
     | 
    
        36
        
         “මහණෙනි, මේ සුදුසු කාලයෙහි දෙන්නා වූ දාන පසක් වෙත්. කවර පසක්ද යත්; ආගන්තුකයාට දානය දේද, ගමන් යන්නාට දානය දේද, ගිලනාට දානය දේද, දුර්භික්ෂයෙහි දානය දේද, යම් ඒ අලුත් ශෂ්‍ය අලුත් ඵල වෙත්ද, ඔවුන් පළමුකොට සිල්වතුන් කෙරෙහි පිහිටුවාද (යන පසයි.) මහණෙනි, මොහු වනාහි සුදුසු කාලයෙහි දෙන දාන පස වෙත්ය” යි වදාළ සේක. 
        “ප්‍රඥා ඇත්තා වූ, ප්‍රතිග්‍රාහකයන්ගේ වචන දන්නා වූ, පහ වූ මසුරු මල ඇත්තෝ සුදුසු කාලයෙහි දන් දෙත්. සෘජු වූ, තාදී ගුණයෙන් යුක්ත වූ, ආර්‍ය්‍යයන් විෂයෙහි සුදුසු කාලයෙහි දෙන ලද්ද, කාලදානය වේ. 
        “විශේෂයෙන් ප්‍රසන්න සිත් ඇති ඔහුගේ දක්ෂිණා තොමෝ මහත් ඵල ඇත්තී වේ. යම් කෙනෙක් එහි අනුමෝදන් හෝ වෙද්ද, වතාවත් හෝ කෙරෙද්ද, එයින් දක්ෂිණා තොමෝ අඩුවූවක් නොවන්නීය. ඔවුහුද පිනට කොටස්කාරයෝ වෙත්.  
        “යමෙකු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වේද, එහෙයින් නොපසුබට සිත් ඇත්තේ දන් දෙන්නේය. පින් පරලොව සත්ත්වයන්ට පිහිට වෙත්ය” යි වදාළ සේක. 
     | 
| 9. භොජනසුත්තං | 7. භෝජන සූත්‍රය | 
| 
        37
        
          ‘‘භොජනං 
                        
             
        ‘‘ආයුදො බලදො ධීරො, වණ්ණදො පටිභානදො; 
        සුඛස්ස දාතා මෙධාවී, සුඛං සො අධිගච්ඡති. 
        ‘‘ආයුං දත්වා බලං වණ්ණං, සුඛඤ්ච පටිභානකං 
                        
            (පටිභාණකං (සී.), පටිභානදො (ස්‍යා. කං. පී. ක.));
                    
         
        දීඝායු යසවා හොති, යත්ථ යත්ථූපපජ්ජතී’’ති. සත්තමං; 
     | 
    
        37
        
         “මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට කරුණු පසක් දෙයි. කවර පසක්ද යත්; ආයුෂය දෙයි. ශරීර වර්ණය දෙයි. කායික චෛතසික සැපය දෙයි. ශරීර ශක්තිය දෙයි. වැටහෙන නුවණ දෙයි. ආයුෂය දී වනාහි දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ ආයුෂයට කොටස් කාරයෙක් වෙයි, වර්ණය දී, බලය දී, සැපය දී, නුවණ දී, දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ නුවණට කොටස් කාරයෙක් වෙයි යන පසයි. මහණෙනි, භෝජනය දෙන්නාවූ දායක තෙම දානය ලබන්නන්ට මේ කරුණු පස දේය” යි වදාළ සේක. 
        “ප්‍රාඥවූ දායක තෙම ආයුෂය දෙන්නේ, බලය දෙන්නේ, වර්ණය දෙන්නේ, නුවණ දෙන්නේ වේ. සැපය දෙන්නාවූ, නුවණැත්තාවූ හෙතෙම සැපයට පැමිණේ. 
        “ආයුෂයද, බලයද, වර්ණයද, සැපයද, නුවණද දී හෙතෙම යම් යම් තැනක උපදීද, ඒ ඒ තන්හි දීර්ඝායුෂ ඇත්තෙක්, යශස් ඇත්තෙක් වේය” යි වදාළ සේක. 
     | 
| 8. සද්ධසුත්තං | 8. සද්ධා සූත්‍රය | 
| 
        38
        
          ‘‘පඤ්චිමෙ 
                        
             
        ‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සුභූමියං චතුමහාපථෙ මහානිග්රොධො සමන්තා පක්ඛීනං පටිසරණං හොති; එවමෙවං 
                        
             
        ‘‘සාඛාපත්තඵලූපෙතො 
                        
            (සාඛාපත්තබහුපෙතො (කත්ථචි), සාඛාපත්තපලාසූපෙතො (?)), ඛන්ධිමාව 
                        
            (ඛන්ධිමා ච (සී.)) මහාදුමො;
                    
         
        මූලවා ඵලසම්පන්නො, පතිට්ඨා හොති පක්ඛිනං. 
        ‘‘මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විහඞ්ගමා; 
        ඡායං ඡායත්ථිකා 
                        
            (ඡායත්ථිනො (සී.)) යන්ති, ඵලත්ථා ඵලභොජිනො.
                    
         
        ‘‘තථෙව සීලසම්පන්නං, සද්ධං පුරිසපුග්ගලං; 
        නිවාතවුත්තිං අත්ථද්ධං, සොරතං සඛිලං මුදුං. 
        ‘‘වීතරාගා 
                        
             
        පුඤ්ඤක්ඛෙත්තානි ලොකස්මිං, සෙවන්ති තාදිසං නරං. 
        ‘‘තෙ තස්ස ධම්මං දෙසෙන්ති, සබ්බදුක්ඛාපනූදනං; 
        යං සො ධම්මං ඉධඤ්ඤාය, පරිනිබ්බාති අනාසවො’’ති. අට්ඨමං; 
     | 
    
        38
        
         “මහණෙනි, ශ්‍රද්ධාව ඇත්තාවූ කුලපුත්‍රයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්; මහණෙනි, ලෝකයෙහි යම් ඒ ශාන්තවූ සත්පුරුෂයෝ වෙද්ද, ඔවුහු ශ්‍රද්ධා ඇත්තහුටම පළමුකොට අනුකම්පා කරන්නාහු, අනුග්‍රහ කරත්. එසේ ශ්‍රද්ධා නැත්තහුට නොකරත්. ශ්‍රද්ධා ඇත්තහු කරාම පැමිණෙන්නාහු, පළමුකොට පැමිණෙත්. ශ්‍රද්ධා නැත්තහු කරා එසේ නොපැමිණෙත්. පිළිගන්නාහු, ශ්‍රද්ධා ඇත්හුගේම දෙය්ය ධර්මය පළමුකොට පිළිගනිත්. ශ්‍රද්ධා නැත්තහුගේ එසේ නොගනිත්. ශ්‍රද්ධා ඇත්තහුටම ධර්මය දේශනා කරන්නාහු පළමුකොට දේශනා කෙරෙත්. ශ්‍රද්ධා නැත්තහුට එසේ නොකරත්. ශ්‍රද්ධා ඇත්තේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දෙව්ලොව උපදියි. මහණෙනි, මොහු වනාහි ශ්‍රද්ධා ඇති කුලපුත්‍රයා කෙරෙහිවූ අනුසස් පස වෙත්. 
        “මහණෙනි, යම් සේ යහපත් භූමියෙහි සතර මං සන්ධියෙක්හි මහත්වූ නුග රුකෙක් හාත්පස පක්ෂීන්ට පිළිසරණ වේද, මහණෙනි, එපරිද්දෙන්ම ශ්‍රද්ධාව ඇත්තාවූ කුලපුත්‍ර තෙම භික්‍ෂුය, භික්ෂුණීය, උපාසකය, උපාසිකාය යන බොහෝ දෙනාට පිළිසරණ වේය” යි වදාළ සේක. 
        “අතු හා කොළ, ගෙඩි ඇත්තාවූද, කඳින් යුක්තවූද, හටගත් මුල් ඇත්තාවූද, ඵලයෙන් යුක්තවූ, මහත්වූ වෘක්ෂය තෙම පක්ෂීන්ට පිහිට වෙයි. 
        “සිත් කළු ස්ථානයෙහිවූ ඒ රුක පක්ෂීහු සේවනය කරත්. සෙවන ප්‍රයෝජනකොට ඇත්තාහු, සෙවනට යෙත්. ඵලය ප්‍රයෝජනකොට ඇත්තාහු ඵල බුදින්නාහු වෙත්. 
        “එසේම ශීලයෙන් යුක්තවූ, උඩඟු නොවූ පැවතුම් ඇති, තද ගති නැත්තාවූ, සුරත භාවයෙන් යුක්තවූ, මෘදුවූ, ශ්‍රද්ධාව ඇති පුරුෂ පුද්ගලයා වූ, එබඳු මනුෂ්‍යයා ලෝකයෙහි පුන්යක්ෂෙත්රවූ, පහවූ රාග ඇති, පහවූ දෝෂ ඇති, පහවූ මෝහ ඇති, ආශ්‍රව රහිතවූ සත්පුරුෂයෝ සේවනය කරත්. 
        “උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරු කරන්නාවූ යම් ධර්මයක් දේශනා කෙරෙද්ද, හෙතෙම මෙලොව ඒ ධර්මය දැන, ආශ්‍රව රහිතවූයේ පිරිනිවේය” යි වදාළ සේක. 
     | 
| 9. පුත්තසුත්තං | 9. පුත්ත සූත්‍රය | 
| 
        39
        
          ‘‘පඤ්චිමානි 
                        
             
        
            (කථා. 491) ‘‘පඤ්ච ඨානානි සම්පස්සං, පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා;
                    
         
        භතො වා නො භරිස්සති, කිච්චං වා නො කරිස්සති. 
        ‘‘කුලවංසො චිරං තිට්ඨෙ, දායජ්ජං පටිපජ්ජති; 
        අථ 
                        
             
        ‘‘ඨානානෙතානි සම්පස්සං, පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා; 
        තස්මා සන්තො සප්පුරිසා, කතඤ්ඤූ කතවෙදිනො. 
        ‘‘භරන්ති මාතාපිතරො, පුබ්බෙ කතමනුස්සරං; 
        කරොන්ති 
                        
             
        ‘‘ඔවාදකාරී භතපොසී, කුලවංසං අහාපයං; 
        සද්ධො සීලෙන සම්පන්නො, පුත්තො හොති පසංසියො’’ති. නවමං; 
     | 
    
        39
        
         “මහණෙනි, මේ කරුණු පසක් දක්නාවූ මව්පියෝ කුලයෙහි උපදින්නා වූ පුත්‍රයා කැමති වෙත්. කවර පසක්ද; පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය. කුලවංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, කළුරිය කළාවූ පරලොව ගියවුන්ට දානය දෙන්නේය යන පසයි. මහණෙනි, මේ කරුණු පස වනාහි දක්නාවූ මවුපියෝ කුලයෙහි උපදින්නාවූ පුත්‍රයා කැමති වෙත්ය” යි වදාළ සේක. 
        “නුවණැත්තෝ කරුණු පසක් දකිමින් පුතෙකු කැමති වෙත්. පෝෂණය කරන ලද්දේ හෝ අප පෝෂණය කරන්නේය. අපගේ කටයුත්ත හෝ කරන්නේය. 
        “කුල වංශය බොහෝ කල් පවත්නේය. දායාදය පිළිපදනේය. තවද, පරලොව ගියවුන්ට දක්ෂිණාව දෙන්නේය. 
        “නුවණැත්තෝ මේ කරුණු පස දකිමින් පුත්‍රයෙකු කැමති වෙත්. එහෙයින් කෘතඥවූ, කළ උපකාර දන්නාවූ, ශාන්තවූ සත්පුරුෂයෝ 
        “පෙර කළ උපකාර සිහි කරමින් මව්පියන් පෝෂණය කරත්. පූර්ව උපකාර ඇත්තාවූ ඔවුන්ගේ කටයුතු ඒ වූ පරිද්දෙන් කරත්. 
        “මවුපියන්ගේ අවවාදය කරන්නාවූ, තමන් පෝෂණය කළ මව්පියන් පෝෂණය කරන්නා වූ, කුළ වංශය නොපිරිහෙලන්නාවූ, ශ්‍රද්ධා ඇත්තාවූ, ශීලයෙන් යුක්තවූ පුත්‍ර තෙම පැසසිය යුතුවේය” යි වදාළ සේක. 
     | 
| 10. මහාසාලපුත්තසුත්තං | 10. මහාසාල සූත්‍රය | 
| 
        40
        
          ‘‘හිමවන්තං, භික්ඛවෙ, පබ්බතරාජං නිස්සාය මහාසාලා පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪන්ති. කතමාහි පඤ්චහි? සාඛාපත්තපලාසෙන වඩ්ඪන්ති; තචෙන වඩ්ඪන්ති; පපටිකාය වඩ්ඪන්ති; ඵෙග්ගුනා වඩ්ඪන්ති; සාරෙන වඩ්ඪන්ති. හිමවන්තං, භික්ඛවෙ, පබ්බතරාජං නිස්සාය මහාසාලා ඉමාහි පඤ්චහි 
                        
             
        ‘‘යථා හි පබ්බතො සෙලො, අරඤ්ඤස්මිං බ්රහාවනෙ; 
        තං රුක්ඛා උපනිස්සාය, වඩ්ඪන්තෙ තෙ වනප්පතී. 
        ‘‘තථෙව සීලසම්පන්නං, සද්ධං කුලපුත්තං ඉමං 
                        
            (කුලපතිං ඉධ (සී.), කුලපුත්තං ඉධ (ස්‍යා.));
                    
         
        උපනිස්සාය වඩ්ඪන්ති, පුත්තදාරා ච බන්ධවා; 
        අමච්චා 
                        
             
        ‘‘ත්යස්ස සීලවතො සීලං, චාගං සුචරිතානි ච; 
        පස්සමානානුකුබ්බන්ති, යෙ භවන්ති විචක්ඛණා. 
        ‘‘ඉමං ධම්මං චරිත්වාන, මග්ගං 
                        
            (සග්ගං (ස්‍යා. ක.)) සුගතිගාමිනං;
                    
         
        නන්දිනො දෙවලොකස්මිං, මොදන්ති කාමකාමිනො’’ති. දසමං; 
     | 
    
        40
        
         “මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහත්වූ වෘක්ෂයෝ වැඩීම් පසකින් වැඩෙත්. කවර පසකින්ද යත්; අතු හා කොළ දළු වලින් වැඩෙත්. සිවියෙන් වැඩෙත්. පතුරෙන් වැඩෙත්. ඵලයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් පර්වත රාජයා ඇසුරුකොට මහා වෘක්ෂයෝ මේ වැඩීම් පසෙන් වැඩෙත්. 
        “මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්‍රද්ධාව ඇති කුල පුත්‍රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි. 
        “කවර පසකින්ද යත්; ශ්‍රද්ධාවෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රුතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥාවෙන් වැඩෙයි. 
        “මහණෙනි, මෙපරිද්දෙන්ම ශ්‍රද්ධාව ඇති කුල පුත්‍රයා ඇසුරුකොට ඇතුළත් ජන තෙම වැඩීම් පසකින් වැඩෙයි. 
        “ගම් නැති පෙදෙසෙහිවූ මහත්වූ වනයෙහි ශෛල පර්වතයක් යම් සේ වෙද්ද, එය ඇසුරුකොට ඒ වනදෙටු වෘක්ෂයෝ යම් සේ වැඩෙද්ද, 
        “එසේම, මේ ලෝකයෙහි ශීලයෙන් යුක්තවූ, ශ්‍රද්ධාව ඇති කුලපතියා ඇසුරුකොට අඹුදරුවෝද, නෑයෝද වැඩෙත්. 
        “ඇමතියෝද, ඤාති සමූහයාද යන මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුහු සිල්වත්වූ මොහුගේ සීලයද, ත්‍යාගයද, සුචරිතයන්ද දකිමින් ඒ අනුව කටයුතු කෙරෙත්. නුවණැත්තාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුහු, 
        “මෙලොව සුගතියට යන මාර්ගයවූ කුශල ධර්මයෙහි හැසිර, දෙව් ලොව කම් සැපයෙන් කැමති වන්නාහු. ප්රීතිවන්නාහු, සතුටුවෙත්ය” යි වදාළ සේක. 
     |