අත්ථවස ප්‍රකරණය (ශික්ෂාපද පැනවීමේ අරමුණු දහය පිළිබඳ කොටස)
1. කරුණු දහයක් පිණිස තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවූ සේක: සංඝයාගේ මනා බව පිණිස ය, සංඝයාගේ පහසුව පිණිස ය, දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස ය, සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස ය, මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස ය, පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස ය, නොපැහැදුණු අය පැහැදීම පිණිස ය, පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස ය, තුන් සසුනේ (සද්ධර්මයේ) පැවැත්ම පිණිස ය, විනයට උපකාර වීම පිණිස ය.
2. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය සංඝයාගේ පහසුව පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ. යමක් දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ ද, එය සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ. යමක් සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ ද, එය මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ. යමක් මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ ද, එය පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ. යමක් පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ ද, එය නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ. යමක් නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ ද, එය පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ. යමක් පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ ද, එය තුන් සසුනේ පැවැත්ම පිණිස වේ. යමක් තුන් සසුනේ පැවැත්ම පිණිස වේ ද, එය විනයට උපකාර වීම පිණිස වේ.
3. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය සංඝයාගේ පහසුව පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය තුන් සසුනේ පැවැත්ම පිණිස වේ. යමක් සංඝයාගේ මනා බව පිණිස වේ ද, එය විනයට උපකාර වීම පිණිස වේ.
4. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය තුන් සසුනේ පැවැත්ම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය විනයට උපකාර වීම පිණිස වේ. යමක් සංඝයාගේ පහසුව පිණිස වේ ද, එය සංඝයාගේ මනා බව පිණිස වේ.
5. යමක් දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ ද -පෙ- යමක් සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ ද -පෙ- යමක් මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ ද -පෙ- යමක් පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ ද -පෙ- යමක් නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ ද -පෙ- යමක් පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ ද -පෙ- යමක් තුන් සසුනේ පැවැත්ම පිණිස වේ ද -පෙ-
6. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය සංඝයාගේ මනා බව පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය සංඝයාගේ පහසුව පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය දුසිල් පුද්ගලයන් මැඩලීම පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය සිල්වත් යහපත් භික්ෂූන්ගේ පහසු වාසය පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය මේ ජීවිතයේදීම විඳිය යුතු දුක් කරදර වැළැක්වීම පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය පරලොවදී විඳිය යුතු දුක් කරදර නැසීම පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය නොපැහැදුණු අය පැහැදීම පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය පැහැදුණු අය වඩාත් පැහැදීම පිණිස වේ. යමක් විනයට උපකාර වීම පිණිස වේ ද, එය තුන් සසුනේ පැවැත්ම පිණිස වේ.
අත්ථවස ප්‍රකරණයෙහි (සංඝයාගේ මනා බව ආදී කරුණු දහයෙහි දහ වරක් බැගින්) අර්ථ සියයක් ද, ධර්ම සියයක් ද, නිරුක්ති වශයෙන් දෙසියයක් ද වශයෙන් ඥාන හාරසියයක් වේ.
අත්ථවස ප්‍රකරණය නිමි.
මහාවග්ගය නිමි.
එහි නාමාවලිය:
1. භික්ෂු විභඞ්ගයේ පළමුව පුච්ඡාවාර අටක් ද, නැවත පච්චයවාර අටක් ද යනුවෙන් භික්ෂූන් පිළිබඳව මේ දහසයක් ද, භික්ෂුණී විභඞ්ගයේ දහසයක් ද වේ.
2. අන්තරපෙය්‍යාල, (සමථ) භේද, ඒකුත්තරික නය, පවාරණ, අත්ථවස යනුවෙන් මහාවග්ගයේ සංග්‍රහය (සාරාංශය) වේ.