උපෝසථ ආදිය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු
ප්‍රශ්න
1. උපෝසථ කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? පවාරණ කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? තජ්ජනීය කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? නියස්ස කර්මයේ -පෙ- පබ්බාජනීය කර්මයේ -පෙ- පටිසාරණීය කර්මයේ -පෙ- උක්ඛේපනීය කර්මයේ -පෙ- පරිවාසදානයේ -පෙ- මූලායපටිකස්සන කර්මයේ -පෙ- මානත්තදානයේ -පෙ- අබ්භාන කර්මයේ -පෙ- උපසම්පදා කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද?
2. තජ්ජනීය කර්මය සංසිඳවීමේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? නියස්ස කර්මය සංසිඳවීමේ -පෙ- පබ්බාජනීය කර්මය සංසිඳවීමේ -පෙ- පටිසාරණීය කර්මය සංසිඳවීමේ -පෙ- උක්ඛේපනීය කර්මය සංසිඳවීමේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද?
3. සතිවිනයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? අමූළ්හවිනයේ -පෙ- තස්සපාපිය්‍යසිකාවේ -පෙ- තිණවත්ථාරකයේ -පෙ- භික්ඛුනෝවාදක සම්මුතියේ -පෙ- තිචීවර අවිප්පවාස සම්මුතියේ -පෙ- සන්ථත සම්මුතියේ -පෙ- රූපියඡඩ්ඩක සම්මුතියේ -පෙ- සාටියගාහාපක සම්මුතියේ -පෙ- පත්තගාහාපක සම්මුතියේ -පෙ- දණ්ඩ සම්මුතියේ -පෙ- සික්කා සම්මුතියේ -පෙ- දණ්ඩසික්කා සම්මුතියේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද?
ප්‍රශ්න නිමි.
පිළිතුරු
1. උපෝසථ කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? සාමග්ගිය (සංඝයා එක් තැනක රැස් වීම) උපෝසථ කර්මයේ ආරම්භය වේ, (පාතිමොක්ඛය දේශනා කිරීමේ) ක්‍රියාව මැද වේ, (පාතිමොක්ඛ දේශනාව) නිම වීම අවසානය වේ.
2. පවාරණ කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? සාමග්ගිය (සංඝයා එක් තැනක රැස් වීම) පවාරණ කර්මයේ ආරම්භය වේ, (පවාරණ ඤත්තිය හා පවාරණ කථාව යන) ක්‍රියාව මැද වේ, (සංඝයා අතර බාලම භික්ෂුවගේ “පස්සන්තෝ පටිකරිස්සාමි” (දකින්නේ නම් පිළියම් කරන්නෙමි) යන වචනය වූ) නිම වීම අවසානය වේ.
3. තජ්ජනීය කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? වස්තුව (කර්මයට සුදුසු වන වරද) ද පුද්ගලයා (ඒ වරද කළ තැනැත්තා) ද තජ්ජනීය කර්මයේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
4. නියස්ස කර්මයේ -පෙ- පබ්බාජනීය කර්මයේ -පෙ- පටිසාරණීය කර්මයේ -පෙ- උක්ඛේපනීය කර්මයේ -පෙ- පරිවාසදානයේ -පෙ- මූලායපටිකස්සනයේ -පෙ- මානත්තදානයේ -පෙ- අබ්භාන කර්මයේ -පෙ-.
5. උපසම්පදා කර්මයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? පුද්ගලයා උපසම්පදා කර්මයේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
6. තජ්ජනීය කර්මය සංසිඳවීමේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? මනා පැවැත්ම (නිසි ලෙස හැසිරීම) තජ්ජනීය කර්මය සංසිඳවීමේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
7. නියස්ස කර්මය සංසිඳවීමේ -පෙ- පබ්බාජනීය කර්මය සංසිඳවීමේ -පෙ- පටිසාරණීය කර්මය සංසිඳවීමේ -පෙ- උක්ඛේපනීය කර්මය සංසිඳවීමේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? මනා පැවැත්ම උක්ඛේපනීය කර්මය සංසිඳවීමේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
8. සතිවිනයේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? වස්තුව ද පුද්ගලයා ද සතිවිනයේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
9. අමූළ්හවිනයේ -පෙ- තස්සපාපිය්‍යසිකාවේ -පෙ- තිණවත්ථාරකයේ -පෙ- භික්ඛුනෝවාදක සම්මුතියේ -පෙ- තිචීවර අවිප්පවාස සම්මුතියේ -පෙ- සන්ථත සම්මුතියේ -පෙ- රූපියඡඩ්ඩක සම්මුතියේ -පෙ- සාටියගාහාපක සම්මුතියේ -පෙ- පත්තගාහාපක සම්මුතියේ -පෙ- දණ්ඩ සම්මුතියේ -පෙ- සික්කා සම්මුතියේ -පෙ- දණ්ඩසික්කා සම්මුතියේ ආරම්භය කුමක් ද, මැද කුමක් ද, අවසානය කුමක් ද? වස්තුව ද පුද්ගලයා ද දණ්ඩසික්කා සම්මුතියේ ආරම්භය වේ, ඤත්තිය මැද වේ, කර්ම වාක්‍යය අවසානය වේ.
පිළිතුරු නිමි.
උපෝසථ ආදිය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු නිමි.