ඛන්ධක පුච්ඡා (ඛන්ධක ගැන ප්‍රශ්න)
1. නිදානය සහිතව, නිර්දේශය සහිතව උපසම්පදා ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල (ඇවැත් පනවා ඇති පදවල) ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව උපසම්පදා ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (පාචිත්තිය - දුක්කට) දෙකකි.
2. නිදානය සහිතව, නිර්දේශය සහිතව උපෝසථ ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව උපෝසථ ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
3. නිදානය සහිතව, නිර්දේශය සහිතව වස්සූපනායික ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව වස්සූපනායික ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
4. නිදානය සහිතව, නිර්දේශය සහිතව පවාරණ ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව පවාරණ ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
5. නිදානය සහිතව, නිර්දේශය සහිතව චම්ම ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව චම්ම ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
6. නිදානය සහිතව, නිර්දේශය සහිතව භෙසජ්ජ ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව භෙසජ්ජ ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
7. නිදානය සහිතව, නිර්දේශය සහිතව කඨින ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව කඨින ඛන්ධකය විසඳමි. එහි උත්කෘෂ්ට පදවල ඇවැත් නැත.
8. නිදානය සහිතව, නිර්දේශය සහිතව චීවර ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව චීවර ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - නිස්සග්ගිය පාචිත්තිය - දුක්කට) තුනකි.
9. නිදානය සහිතව, නිර්දේශය සහිතව චම්පෙය්‍ය ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව චම්පෙය්‍ය ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
10. නිදානය සහිතව, නිර්දේශය සහිතව කෝසම්බක ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව කෝසම්බක ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
11. නිදානය සහිතව, නිර්දේශය සහිතව කම්ම ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව කම්ම ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
12. නිදානය සහිතව, නිර්දේශය සහිතව පාරිවාසික ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව පාරිවාසික ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
13. නිදානය සහිතව, නිර්දේශය සහිතව සමුච්චය ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව සමුච්චය ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
14. නිදානය සහිතව, නිර්දේශය සහිතව සමථ ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව සමථ ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (පාචිත්තිය - දුක්කට) දෙකකි.
15. නිදානය සහිතව, නිර්දේශය සහිතව ඛුද්දකවත්ථුක ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව ඛුද්දකවත්ථුක ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
16. නිදානය සහිතව, නිර්දේශය සහිතව සේනාසන ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව සේනාසන ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කට) තුනකි.
17. නිදානය සහිතව, නිර්දේශය සහිතව සංඝභේදක ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව සංඝභේදක ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (ථුල්ලච්චය - පාචිත්තිය) දෙකකි.
18. නිදානය සහිතව, නිර්දේශය සහිතව වත්ත ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව වත්ත ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
19. නිදානය සහිතව, නිර්දේශය සහිතව පාතිමොක්ඛඨපන ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව පාතිමොක්ඛඨපන ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇත්තේ එක් (දුක්කට) ඇවැතකි.
20. නිදානය සහිතව, නිර්දේශය සහිතව භික්ඛුනී ඛන්ධකය ගැන අසමි. උත්කෘෂ්ට පදවල ඇවැත් කීයක් ද? නිදානය සහිතව, නිර්දේශය සහිතව භික්ඛුනී ඛන්ධකය විසඳමි. උත්කෘෂ්ට පදවල ඇවැත් (පාචිත්තිය - දුක්කට) දෙකකි.