සමුට්ඨාන දහතුන
9. උභය විභඞ්ගයෙහි පනවන ලද යම් සිකපද සමූහයක් පොහොය දිනයෙහි උදෙසත් ද, ඒ සිකපද සමූහයේ ඇවැත් හටගන්නා ආකාර (ආපත්ති සමුට්ඨාන) යුක්ති පරිදි කියන්නෙමි. මා කියන ඒ වදන් අසව්.
10. යම් පළමු පාරාජික සමුට්ඨානයක් වේ නම් එය ද, ඉන් පසු දෙවන පාරාජික සමුට්ඨානය ද, සඤ්චරිත්තය ද, සමනුභාසනය ද, කඨිනය (අතිරේක චීවරය) ද,
11. එළකලෝමය (එළු ලොම්) ද, පදසෝධම්මය ද, භූතාරෝචනය ද, අද්ධානගමනය (කතිකා කොට එක්ව මගක යාම) ද, ථෙය්යසත්ථය ද, ධම්මදේසනාව ද, චොරිවුට්ඨාපනය ද, අනනුඤ්ඤාතය (මව්පියන් හෝ ස්වාමියා අනුදැන නොමැති බව) ද යන දහතුනකි.
12. මේ සමුට්ඨාන ක්‍රම දහතුන නුවණැත්තන් විසින් සිතා බලන ලදී. එක් එක් සමුට්ඨානයෙහි (ඇතුළත් වන අන්‍ය වූ) සමාන සමුට්ඨාන ද මේ උභය විභඞ්ගයෙහි පෙනේ.
පළමු පාරාජික සමුට්ඨානය
13. මෛථුනය ද, සුක්කවිස්සට්ඨිය ද, කායසංසර්‍ගය ද, පළමු අනියතය ද, පුබ්බූපගතය ද, (භික්ෂුණී) පරිපාචිතය ද, භික්ෂුණියක සමඟ රහෝනිසජ්ජය (රහසිගතව හිඳීම) ද,
14. සභෝජනය ද, රහෝනිසජ්ජා දෙක ද, අඞ්ගුලිපතෝදකය (ඇඟිල්ලෙන් ඇනීම) ද, උදකහස්සධම්මය (දියෙහි සෙල්ලම් කිරීම) ද, පහාරදානය (පහර දීම) ද, තලසත්තිඋග්ගිරණය (පහර දෙන්නට අත එසවීම) ද, සේඛිය පනස් තුන ද,
15. අධක්ඛකය ද, ගාමන්තරගමනය ද, අවස්සුතය ද, තලඝාතකය ද, ජතුමට්ඨකය ද, උදකසුද්ධිකය ද, වස්සංවුත්ථය ද, ඕවාදයට නොයාම ද, නානුබන්ධපවත්තිනිය ද යන,
16. මේ සිකපද හැත්තෑ හය කයින් හා සිතින් හටගන්නා ඒවා ලෙස කරන ලදී. (මේ) සියලු සිකපද පළමු පාරාජිකය මෙන් එක් සමුට්ඨානයක් ඇත්තේ වෙයි.
පළමු පාරාජික සමුට්ඨානය නිමි.
දෙවන පාරාජික සමුට්ඨානය
17. අදත්තාදානය ද, මනුස්සවිග්ගහය ද, උත්තරිමනුස්සධම්මය ද, දුට්ඨුල්ලය ද, අත්තකාමපාරිචරියාව ද, අමූලකය ද, අඤ්ඤභාගියය ද, දෙවන අනියතය ද,
18. අච්ඡින්දනය ද, පරිණාමනය ද, මුසාවාදය ද, ඕමසවාදය ද, (භික්ඛු) පෙසුඤ්ඤය ද, දුට්ඨුල්ලාපත්ති ආරෝචනය ද, පඨවිඛණනය ද, භූතගාමය ද, අඤ්ඤවාදකය ද, උජ්ඣාපනකය ද,
19. නික්කඩ්ඪනය ද, සිඤ්චනය ද, ආමිසහේතුව ද, භුත්තාවී (පවාරණය) ද, ‘ඒහාවුසො ගාමං වා’ යනු ද, අනාදරියය ද, භිංසාපනකය ද, අපනිධානය ද, ජීවිතාවෝරෝපනය ද,
20. ‘ජානං සප්පාණකං’ යනු ද, (උක්කෝටන) කර්මය ද, ඌනවීසතිවස්සය ද, සංවාසය ද, නාසනය ද, සහධම්මිකය ද, විලේඛනය ද, මෝහනකය ද, අමූලකය ද,
21. කුක්කුච්චය ද, ධම්මිකය ද, චීවරය ද, පුග්ගලපරිණාමනය ද, ‘කිං තෙ’ යනු ද, අකාලචීවරය ද, චීවර අච්ඡින්දනය ද, දුග්ගහීතය ද, (නිරය ආදිය කියා) අභිසපනය (ශාප කිරීම) ද,
22. ගණචීවරන්තරාය ද, චීවරවිභඞ්ගය ද, දුබ්බලචීවරය ද, කඨිනුද්ධාරය ද, අඵාසුකරණය ද, උපස්සයය ද, අක්කෝසනය ද, චණ්ඩීකතය ද, මච්ඡරිය ද, ගබ්භිනී වුට්ඨාපනය ද, පායන්තී වුට්ඨාපනය ද,
23. ‘ද්වෙ වස්සානි’ යනු ද, ‘සඞ්ඝෙන අසම්මතං’ යනු ද, ගිහිගත සිකපද තුන ද, කුමාරීභූත සිකපද තුන ද, ඌනද්වාදසවස්ස වුට්ඨාපනය ද, (පරිපුණ්ණද්වාදසවස්ස) අසම්මත වුට්ඨාපනය ද,
24. ‘අලං තාව’ යනු ද, ‘සොකාවාසං’ යනු ද, ඡන්දදානය ද, අනුවස්ස වුට්ඨාපනය ද, ද්වේ වුට්ඨාපනය ද යන මේ සිකපද හැත්තෑව තික සමුට්ඨාන (හටගන්නා ආකාර තුනක් ඇති ඒවා) ලෙස කරන ලදී.
25. කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. වචනයෙන් ද සිතින් ද හටගනී, කයින් හට නොගනී. මෙසේ දෙවන පාරාජිකය මෙන් දොරටු තුනෙන් හටගනී.
දෙවන පාරාජික සමුට්ඨානය නිමි.