සේඛියා
1. -පෙ- අනාදරයෙන් (ගරු නොකර) පරිභෝජනය කරන ජලයෙහි මළ හෝ මුත්රා හෝ කෙළ හෝ හෙළන භික්ෂුවට වන දුක්කට ඇවැත සමුට්ඨාන කීයකින් හට ගනී ද? අනාදරයෙන් පරිභෝජනය කරන ජලයෙහි මළ හෝ මුත්රා හෝ කෙළ හෝ හෙළන භික්ෂුවට වන දුක්කට ඇවැත සමුට්ඨාන එකකින් හට ගනී: කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී.
සේඛියා නිමි.
සමුට්ඨානය
1. පාරාජිකා හතර සමුට්ඨාන කීයකින් හට ගනී ද? පාරාජිකා හතර සමුට්ඨාන තුනකින් හට ගනී: සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
2. සංඝාදිසේස දහතුන සමුට්ඨාන කීයකින් හට ගනී ද? සංඝාදිසේස දහතුන සමුට්ඨාන හයකින් හට ගනී: සමහර විට කයින් හට ගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට වචනයෙන් හට ගනී, කයින් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හට ගනී, සිතින් හට නොගනී.
සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
3. අනියත දෙක සමුට්ඨාන කීයකින් හට ගනී ද? අනියත දෙක සමුට්ඨාන තුනකින් හට ගනී: සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
4. නිස්සග්ගිය පාචිත්තිය තිහ සමුට්ඨාන කීයකින් හට ගනී ද? නිස්සග්ගිය පාචිත්තිය තිහ සමුට්ඨාන හයකින් හට ගනී: සමහර විට කයින් හට ගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට වචනයෙන් හට ගනී, කයින් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හට ගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
5. පාචිත්තිය අනූදෙක සමුට්ඨාන කීයකින් හට ගනී ද? පාචිත්තිය අනූදෙක සමුට්ඨාන හයකින් හට ගනී: සමහර විට කයින් හට ගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට වචනයෙන් හට ගනී, කයින් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හට ගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
6. පාටිදේසනීය හතර සමුට්ඨාන කීයකින් හට ගනී ද? පාටිදේසනීය හතර සමුට්ඨාන හතරකින් හට ගනී: සමහර විට කයින් හට ගනී, වචනයෙන් හට නොගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද හට ගනී, සිතින් හට නොගනී. සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
7. සේඛියා හැත්තෑපහ සමුට්ඨාන කීයකින් හට ගනී ද? සේඛියා හැත්තෑපහ සමුට්ඨාන තුනකින් හට ගනී: සමහර විට කයින් ද සිතින් ද හට ගනී, වචනයෙන් හට නොගනී. සමහර විට වචනයෙන් ද සිතින් ද හට ගනී, කයින් හට නොගනී. සමහර විට කයින් ද වචනයෙන් ද සිතින් ද හට ගනී.
සමුට්ඨානය නිමි.
එහි නාමාවලිය:
අචිත්තක ද, කුසල ද, සමුට්ඨාන ද යන මේවා සියලු ආකාරයෙන්, ධර්මයට අනුව ද නිවැරදි ක්රමයට අනුව ද සමුට්ඨානය දැන ගන්න.