සමථවල නිදාන ආදිය
1. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්:
සම්මුඛාවිනය නිදානය (හේතුව) නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. යේභුය්‍යසිකාව නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය.
2. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්:
සම්මුඛාවිනය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. යේභුය්‍යසිකාව හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය.
3. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්:
සම්මුඛාවිනය ප්‍රත්‍යය නිදානය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ජාතිය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ප්‍රභවය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සම්භාරය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුට්ඨානය කොට ඇත්තේ ය. සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය ප්‍රත්‍යය නිදානය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ජාතිය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ප්‍රභවය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සම්භාරය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුට්ඨානය කොට ඇත්තේ ය. යේභුය්‍යසිකාව ප්‍රත්‍යය නිදානය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ජාතිය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ප්‍රභවය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සම්භාරය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුට්ඨානය කොට ඇත්තේ ය. තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය ප්‍රත්‍යය නිදානය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ජාතිය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය ප්‍රභවය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සම්භාරය කොට ඇත්තේ ය, ප්‍රත්‍යය සමුට්ඨානය කොට ඇත්තේ ය.
4. සත් සමථයන්ට අයත් මුල් කීයක් ද, සමුට්ඨාන කීයක් ද යත්: සත් සමථයන්ට අයත් මුල් විසිහයකි. සමුට්ඨාන තිස්හයකි.
සත් සමථයන්ට අයත් මුල් විසිහය කවරේ ද යත්: සංඝසම්මුඛතාව (සංඝයා ඉදිරියේ වීම), ධම්මසම්මුඛතාව (ධර්මය ඉදිරියේ වීම), විනයසම්මුඛතාව (විනය ඉදිරියේ වීම), පුග්ගලසම්මුඛතාව (අදාළ පුද්ගලයන් ඉදිරියේ වීම) යන සම්මුඛාවිනයට අයත් මුල් හතරකි. සතිවිනයට අයත් මුල් හතරකි -පෙ- අමූළ්හවිනයට අයත් මුල් හතරකි -පෙ- ඇවැත දේශනා කරන තැනැත්තා ද, යමෙකු ඉදිරියේ දේශනා කරයි ද ඒ තැනැත්තා ද යන පටිඤ්ඤාතකරණයට අයත් මුල් දෙකකි. යේභුය්‍යසිකාවට අයත් මුල් හතරකි -පෙ- තස්සපාපිය්‍යසිකාවට අයත් මුල් හතරකි -පෙ- සංඝසම්මුඛතාව, ධම්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුග්ගලසම්මුඛතාව යන තිණවත්ථාරකයට අයත් මුල් හතරකි. සත් සමථයන්ට අයත් මුල් විසිහය මේවා ය.
සත් සමථයන්ට අයත් සමුට්ඨාන තිස්හය කවරේ ද යත්: සතිවිනය කර්මයට අයත් ක්‍රියාව (ඤත්තිය, එනම් සංඝයාට කරන යෝජනාව), කරණය (ඒ ඤත්තිය ම තැබිය යුතු කාලයේ තැබීම), උපගමනය (තමා ම ඒ කර්මය කිරීම), අජ්ඣුපගමනය (තමාගේ ශිෂ්‍ය භික්ෂුවක් ආදී වෙනත් අයෙකුට “මේ කර්මය කරන්න” යැයි ආරාධනා කිරීම), අධිවාසනාව (“මට මෙය රුචි ය, සංඝයා මෙය කෙරේවා” යැයි මෙසේ කැමැත්ත දීම), අප්පටික්කොසනාව (“මට මෙය නොරුචි ය, මෙසේ නොකරන්න” යැයි වළක්වා නොකීම) යි. අමූළ්හවිනය කර්මයට අයත් -පෙ- පටිඤ්ඤාතකරණ කර්මයට අයත් -පෙ- යේභුය්‍යසිකා කර්මයට අයත් -පෙ- තස්සපාපිය්‍යසිකා කර්මයට අයත් -පෙ- තිණවත්ථාරක කර්මයට අයත් ක්‍රියාව, කරණය, උපගමනය, අජ්ඣුපගමනය, අධිවාසනාව, අප්පටික්කොසනාව යි. සත් සමථයන්ට අයත් සමුට්ඨාන තිස්හය මේවා ය.
සමථයන්ගේ අර්ථ වෙනස් බව ආදිය
1. සම්මුඛාවිනය යැයි හෝ සතිවිනය යැයි හෝ කියන මේ ධර්ම අර්ථයෙනුත් වෙනස් ද, වචනයෙනුත් වෙනස් ද? නොහොත් අර්ථයෙන් එක ම වූ, වචනය පමණක් වෙනස් වූ ඒවා ද? සම්මුඛාවිනය යැයි හෝ අමූළ්හවිනය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ පටිඤ්ඤාතකරණය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ යේභුය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තස්සපාපිය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තිණවත්ථාරකය යැයි හෝ කියන මේ ධර්ම අර්ථයෙනුත් වෙනස් ද, වචනයෙනුත් වෙනස් ද? නොහොත් අර්ථයෙන් එක ම වූ, වචනය පමණක් වෙනස් වූ ඒවා ද?
සම්මුඛාවිනය යැයි හෝ සතිවිනය යැයි හෝ කියන මේ ධර්ම අර්ථයෙනුත් වෙනස් වෙයි, වචනයෙනුත් වෙනස් වෙයි. සම්මුඛාවිනය යැයි හෝ අමූළ්හවිනය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ පටිඤ්ඤාතකරණය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ යේභුය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තස්සපාපිය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තිණවත්ථාරකය යැයි හෝ කියන මේ ධර්ම අර්ථයෙනුත් වෙනස් වෙයි, වචනයෙනුත් වෙනස් වෙයි.