ප්‍රශ්න හා පිළිතුරු වාරය
1. යම් තැනක සතිවිනය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි සතිවිනය ඇත්තේ ද, යම් තැනක අමූළ්හවිනය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි අමූළ්හවිනය ඇත්තේ ද, යම් තැනක පටිඤ්ඤාතකරණය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි පටිඤ්ඤාතකරණය ඇත්තේ ද, යම් තැනක යේභුය්‍යසිකාව ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි යේභුය්‍යසිකාව ඇත්තේ ද, යම් තැනක තස්සපාපිය්‍යසිකාව ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි තස්සපාපිය්‍යසිකාව ඇත්තේ ද, යම් තැනක තිණවත්ථාරකය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත්තේ ද, යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි තිණවත්ථාරකය ඇත්තේ ද යත්:
2. යම් කලෙක සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද අධිකරණය සංසිඳේ ද, එවිට යම් තැනක සතිවිනය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත. යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි සතිවිනය ඇත. එහි අමූළ්හවිනය නැත, එහි පටිඤ්ඤාතකරණය නැත, එහි යේභුය්‍යසිකාව නැත, එහි තස්සපාපිය්‍යසිකාව නැත, එහි තිණවත්ථාරකය නැත.
3. යම් කලෙක සම්මුඛාවිනයෙන් ද අමූළ්හවිනයෙන් ද -පෙ- සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද -පෙ- සම්මුඛාවිනයෙන් ද යේභුය්‍යසිකාවෙන් ද -පෙ- සම්මුඛාවිනයෙන් ද තස්සපාපිය්‍යසිකාවෙන් ද -පෙ- සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද අධිකරණය සංසිඳේ ද, එවිට යම් තැනක තිණවත්ථාරකය ඇත්නම් එහි සම්මුඛාවිනය ඇත. යම් තැනක සම්මුඛාවිනය ඇත්නම් එහි තිණවත්ථාරකය ඇත. එහි සතිවිනය නැත, එහි අමූළ්හවිනය නැත, එහි පටිඤ්ඤාතකරණය නැත, එහි යේභුය්‍යසිකාව නැත, එහි තස්සපාපිය්‍යසිකාව නැත.
සංසට්ඨ වාරය (එකට මිශ්‍ර වීම පිළිබඳ වාරය)
1. සම්මුඛාවිනය යැයි හෝ සතිවිනය යැයි හෝ කියන මේ ධර්ම එකට මිශ්‍ර වූවා ද, නැතහොත් මිශ්‍ර නොවූවා ද? මේ ධර්ම එකිනෙකින් වෙන් වෙන් කොට ඒවායේ වෙනස පෙන්වා දිය හැකි ද? සම්මුඛාවිනය යැයි හෝ අමූළ්හවිනය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ පටිඤ්ඤාතකරණය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ යේභුය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තස්සපාපිය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තිණවත්ථාරකය යැයි හෝ කියන මේ ධර්ම එකට මිශ්‍ර වූවා ද, නැතහොත් මිශ්‍ර නොවූවා ද? මේ ධර්ම එකිනෙකින් වෙන් වෙන් කොට ඒවායේ වෙනස පෙන්වා දිය හැකි ද යත්:
2. සම්මුඛාවිනය යැයි හෝ සතිවිනය යැයි හෝ කියන මේ ධර්ම එකට මිශ්‍ර වූවා ය, මිශ්‍ර නොවූවා නොවේ. මේ ධර්ම එකිනෙකින් වෙන් වෙන් කොට ඒවායේ වෙනස පෙන්වා දිය නොහැකි ය. සම්මුඛාවිනය යැයි හෝ අමූළ්හවිනය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ පටිඤ්ඤාතකරණය යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ යේභුය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තස්සපාපිය්‍යසිකාව යැයි හෝ -පෙ- සම්මුඛාවිනය යැයි හෝ තිණවත්ථාරකය යැයි හෝ කියන මේ ධර්ම එකට මිශ්‍ර වූවා ය, මිශ්‍ර නොවූවා නොවේ. මේ ධර්ම එකිනෙකින් වෙන් වෙන් කොට ඒවායේ වෙනස පෙන්වා දිය නොහැකි ය.
සමථවල නිදාන ආදිය
1. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්:
සම්මුඛාවිනය නිදානය (හේතුව) නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. යේභුය්‍යසිකාව නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය. තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය නිදානය නිදානය කොට ඇත්තේ ය, නිදානය සමුදය කොට ඇත්තේ ය, නිදානය ජාතිය කොට ඇත්තේ ය, නිදානය ප්‍රභවය කොට ඇත්තේ ය, නිදානය සම්භාරය කොට ඇත්තේ ය, නිදානය සමුට්ඨානය කොට ඇත්තේ ය.
2. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්:
සම්මුඛාවිනය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. යේභුය්‍යසිකාව හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය. තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය හේතුව නිදානය කොට ඇත්තේ ය, හේතුව සමුදය කොට ඇත්තේ ය, හේතුව ජාතිය කොට ඇත්තේ ය, හේතුව ප්‍රභවය කොට ඇත්තේ ය, හේතුව සම්භාරය කොට ඇත්තේ ය, හේතුව සමුට්ඨානය කොට ඇත්තේ ය.
3. සම්මුඛාවිනය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: සතිවිනය -පෙ- අමූළ්හවිනය -පෙ- පටිඤ්ඤාතකරණය -පෙ- යේභුය්‍යසිකාව -පෙ- තස්සපාපිය්‍යසිකාව -පෙ- තිණවත්ථාරකය කුමක් නිදානය කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාතිය කොට ඇත්තේ ද, කුමක් ප්‍රභවය කොට ඇත්තේ ද, කුමක් සම්භාරය කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨානය කොට ඇත්තේ ද යත්: