අධිකරණ නිදාන ආදිය
1. විවාදාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය (රැස් වීම) කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත් (නිදාන, සමුදය, ජාති, ප්‍රභව, සම්භාර, සමුට්ඨාන යන මේ සියල්ල ‘හේතුව’ යන අර්ථය ඇති වචන ය): අනුවාදාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්: ආපත්තාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්: කිච්චාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්:
විවාදාධිකරණයේ නිදානය (භේදය ඇති කරන කරුණු දහඅට ලෙස දැක්වෙන) විවාදය යි, සමුදය විවාදය යි, ජාතිය විවාදය යි, ප්‍රභවය විවාදය යි, සම්භාරය විවාදය යි, සමුට්ඨානය විවාදය යි. අනුවාදාධිකරණයේ නිදානය චෝදනාව යි, සමුදය චෝදනාව යි, ජාතිය චෝදනාව යි, ප්‍රභවය චෝදනාව යි, සම්භාරය චෝදනාව යි, සමුට්ඨානය චෝදනාව යි. ආපත්තාධිකරණයේ නිදානය ඇවැත යි, සමුදය ඇවැත යි, ජාතිය ඇවැත යි, ප්‍රභවය ඇවැත යි, සම්භාරය ඇවැත යි, සමුට්ඨානය ඇවැත යි. කිච්චාධිකරණයේ නිදානය (හතර ආකාර වූ) සංඝකර්ම යි, සමුදය සංඝකර්ම යි, ජාතිය සංඝකර්ම යි, ප්‍රභවය සංඝකර්ම යි, සම්භාරය සංඝකර්ම යි, සමුට්ඨානය සංඝකර්ම යි.
2. විවාදාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්: අනුවාදාධිකරණයේ -පෙ- ආපත්තාධිකරණයේ -පෙ- කිච්චාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්:
විවාදාධිකරණයේ නිදානය (කුසල, අකුසල, අව්‍යාකෘත යන) හේතු ය, සමුදය හේතු ය, ජාතිය හේතු ය, ප්‍රභවය හේතු ය, සම්භාරය හේතු ය, සමුට්ඨානය හේතු ය. අනුවාදාධිකරණයේ -පෙ- ආපත්තාධිකරණයේ -පෙ- කිච්චාධිකරණයේ නිදානය හේතු ය, සමුදය හේතු ය, ජාතිය හේතු ය, ප්‍රභවය හේතු ය, සම්භාරය හේතු ය, සමුට්ඨානය හේතු ය.
3. විවාදාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්: අනුවාදාධිකරණයේ -පෙ- ආපත්තාධිකරණයේ -පෙ- කිච්චාධිකරණයේ නිදානය කුමක් ද, සමුදය කුමක් ද, ජාතිය කුමක් ද, ප්‍රභවය කුමක් ද, සම්භාරය කුමක් ද, සමුට්ඨානය කුමක් ද යත්:
විවාදාධිකරණයේ නිදානය ප්‍රත්‍යය යි, සමුදය ප්‍රත්‍යය යි, ජාතිය ප්‍රත්‍යය යි, ප්‍රභවය ප්‍රත්‍යය යි, සම්භාරය ප්‍රත්‍යය යි, සමුට්ඨානය ප්‍රත්‍යය යි. අනුවාදාධිකරණයේ -පෙ- ආපත්තාධිකරණයේ -පෙ- කිච්චාධිකරණයේ නිදානය ප්‍රත්‍යය යි, සමුදය ප්‍රත්‍යය යි, ජාතිය ප්‍රත්‍යය යි, ප්‍රභවය ප්‍රත්‍යය යි, සම්භාරය ප්‍රත්‍යය යි, සමුට්ඨානය ප්‍රත්‍යය යි.
අධිකරණ මූල ආදිය
1. අධිකරණ හතරේ මුල් කීයක් ද, සමුට්ඨාන කීයක් ද යත්:
අධිකරණ හතරේ මුල් තිස්තුනකි, සමුට්ඨාන තිස්තුනකි.
2. අධිකරණ හතරේ මුල් තිස්තුන කවරේ ද යත්:
විවාදාධිකරණයේ මුල් දොළහකි, අනුවාදාධිකරණයේ මුල් දාහතරකි, ආපත්තාධිකරණයේ මුල් හයකි, කිච්චාධිකරණයේ මුල එකකි, එනම් සංඝයා ය. අධිකරණ හතරේ මුල් තිස්තුන මේවා ය.
3. අධිකරණ හතරේ සමුට්ඨාන තිස්තුන කවරේ ද යත්:
විවාදාධිකරණයට සමුට්ඨාන වන්නේ භේදය ඇති කරන කරුණු දහඅට ය, අනුවාදාධිකරණයට සමුට්ඨාන වන්නේ විපත්ති හතර ය, ආපත්තාධිකරණයට සමුට්ඨාන වන්නේ ඇවැත් කොටස් හත (සත්ත ආපත්තික්ඛන්ධ) ය, කිච්චාධිකරණයට සමුට්ඨාන වන්නේ කර්ම හතර ය. අධිකරණ හතරේ සමුට්ඨාන තිස්තුන මේවා ය.
අධිකරණ හේතුවෙන් සිදු වන ඇවැත්
1. විවාදාධිකරණය ඇවැතක් ද, ඇවැතක් නොවේ ද යත්: විවාදාධිකරණය ඇවැතක් නොවේ.
එසේ නම්, විවාදාධිකරණය හේතුවෙන් ඇවැතකට පත් වන්නේ ද යත්: එසේ ය, විවාදාධිකරණය හේතුවෙන් ඇවැතකට පත් වන්නේ ය.