7. සමථවාරය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, සමථ (ඇවැත් සංසිඳවන ක්රම) හත අතුරෙන් කොපමණ සමථයකින් සංසිඳේද යත්: මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, සමථ හත අතුරෙන් සමථ තුනකින් සංසිඳේ: ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යනුවෙනි. -පෙ-
2. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, සමථ හත අතුරෙන් කොපමණ සමථයකින් සංසිඳේද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, සමථ හත අතුරෙන් සමථ තුනකින් සංසිඳේ: ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යනුවෙනි.
හත්වන සමථවාරය නිමි.
8. සමුච්චයවාරය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව කොපමණ ඇවැත්වලට පත්වේද යත්: මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව ඇවැත් තුනකට පත්වේ. දිරාපත් නොවූ සිරුරෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් පාරාජිකා ඇවැත් වේ. බොහෝ සෙයින් දිරාපත් වූ සිරුරෙහි මෛථුන ධර්මය සේවනය කරයි නම් ථුල්ලච්චය ඇවැත් වේ. ඇරගෙන තිබෙන මුඛයක් තුළට ලිංගය කොතැනකවත් නොගැටෙන සේ ඇතුළු කරයි නම් දුක්කට ඇවැත් වේ. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුව මේ ඇවැත් තුනට පත්වේ.
ඒ ඇවැත්, විපත්ති (පිරිහීම්) හතර අතුරෙන් කොපමණ විපත්තිවලට අයත් වේද, ආපත්තිස්කන්ධ (ඇවැත් කොටස්) හත අතුරෙන් කොපමණ ආපත්තිස්කන්ධවලට ඇතුළත් වේද, ආපත්තිසමුට්ඨාන (ඇවැත් හටගන්නා ආකාර) හය අතුරෙන් කොපමණ සමුට්ඨානවලින් හටගනීද, අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක්ද, සමථ හත අතුරෙන් කොපමණ සමථවලින් සංසිඳේද යත්:
ඒ ඇවැත්, විපත්ති හතර අතුරෙන් ඇතැම් විට ශීලවිපත්තියට ද ඇතැම් විට ආචාරවිපත්තියට ද යනුවෙන් විපත්ති දෙකකට අයත් වේ. ආපත්තිස්කන්ධ හත අතුරෙන් ඇතැම් විට පාරාජිකාපත්තිස්කන්ධයට ද ඇතැම් විට ථුල්ලච්චයාපත්තිස්කන්ධයට ද ඇතැම් විට දුක්කටාපත්තිස්කන්ධයට ද යනුවෙන් ආපත්තිස්කන්ධ තුනකට ඇතුළත් වේ. ආපත්තිසමුට්ඨාන හය අතුරෙන් එක් සමුට්ඨානයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හටනොගනී. අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණයයි. සමථ හත අතුරෙන් ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, ඇතැම් විට සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් ද යනුවෙන් සමථ තුනකින් සංසිඳේ. -පෙ-
2. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව කොපමණ ඇවැත්වලට පත්වේද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව දුක්කට ඇවැත නම් වූ එක් ඇවැතකට පත්වේ. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව මේ එක් ඇවැතට පත්වේ.
ඒ ඇවැත, විපත්ති හතර අතුරෙන් කොපමණ විපත්තිවලට අයත් වේද, ආපත්තිස්කන්ධ හත අතුරෙන් කොපමණ ආපත්තිස්කන්ධවලට ඇතුළත් වේද, ආපත්තිසමුට්ඨාන හය අතුරෙන් කොපමණ සමුට්ඨානවලින් හටගනීද, අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක්ද, සමථ හත අතුරෙන් කොපමණ සමථවලින් සංසිඳේද යත්: ඒ ඇවැත, විපත්ති හතර අතුරෙන් ආචාරවිපත්තිය නම් වූ එක් විපත්තියකට පමණක් අයත් වේ.