4. සඞ්ගහිතවාරය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, ඇවැත් කොටස් හත (ආපත්තික්ඛන්ධ) අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද යත්: මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, ඇවැත් කොටස් හත අතුරෙන් සමහර විට පාරාජිකා ඇවැත් කොටසට ද, සමහර විට ථුල්ලච්චය ඇවැත් කොටසට ද, සමහර විට දුක්කට ඇවැත් කොටසට ද යන ඇවැත් කොටස් තුනකට ඇතුළත් වේ. -පෙ-
2. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, ඇවැත් කොටස් හත අතුරෙන් ඇවැත් කොටස් කීයකට ඇතුළත් වේද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, ඇවැත් කොටස් හත අතුරෙන් දුක්කට ඇවැත් කොටස නම් වූ එක් ඇවැත් කොටසකට පමණක් ඇතුළත් වේ.
හතරවැනි සඞ්ගහිතවාරය නිමි.
5. සමුට්ඨානවාරය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය (ආපත්ති සමුට්ඨාන) අතුරෙන් ආකාර කීයකින් හටගනීද යත්: මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී. කයෙන් ද සිතෙන් ද හටගනී; වචනයෙන් හටනොගනී. -පෙ-
2. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර කීයකින් හටගනීද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී. කයෙන් ද සිතෙන් ද හටගනී; වචනයෙන් හටනොගනී.
පස්වැනි සමුට්ඨානවාරය නිමි.
6. අධිකරණවාරය
1. මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක්ද යත්: මෛථුන ධර්මය සේවනය කරන භික්ෂුවට අදාළ ඇවැත්, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණයයි (ඇවැත් පිළිබඳ අධිකරණයයි). -පෙ-
2. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, අධිකරණ හතර අතුරෙන් කවර අධිකරණයක්ද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්‍රා කරන හෝ කෙළ ගසන භික්ෂුවට අදාළ ඇවැත, අධිකරණ හතර අතුරෙන් ආපත්තාධිකරණයයි.
හයවන අධිකරණවාරය නිමි.