6. 7.
1. අනාදරයෙන් පයෙහි මිරිවැඩි දැමූ කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් පයෙහි පාවහන් දැමූ කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් යානයක හුන් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් යහනක (ඇඳක) හුන් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් දණහිස් අත්වලින් හෝ රෙද්දකින් වෙළාගෙන (අකවටු බැඳගෙන) හුන් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් හිස වෙළාගත් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් හිස වසා පොරොවාගත් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් තමන් බිම හිඳ, අසුනක හුන් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් තමන් මිටි අසුනක හිඳ, උස් අසුනක හුන් කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් තමන් සිටගෙන, හිඳගෙන සිටින කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
11. අනාදරයෙන් තමන් පිටුපසින් යමින්, ඉදිරියෙන් යන කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
12. අනාදරයෙන් තමන් මඟ නොවන තැනින් යමින්, මඟින් යන කෙනෙකුට දහම් දෙසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
13. අනාදරයෙන් සිටගෙන මළ පහ කරන හෝ මුත්රා කරන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
14. අනාදරයෙන් තණකොළින් කොළ පැහැ වූ තැනක මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
15. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව කොපමණ ඇවැත්වලට පැමිණේ ද යත්: අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි. අනාදරයෙන් පරිභෝජනයට ගන්නා ජලයෙහි මළ පහ කරන හෝ මුත්රා කරන හෝ කෙළ ගසන භික්ෂුව මේ එක් ඇවැතට පැමිණේ.
හත්වැනි පාදුකා වර්ගයයි.
සේඛිය නිමි.
දෙවැනි කතාපත්තිවාරය නිමි.