6. 4.
1. අනාදරයෙන් නොසැලකිල්ලෙන් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් එහෙ මෙහෙ බලමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් එහෙ මෙහෙ හාරමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් සූපය (හොද්ද) ම බොහෝ සේ වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් බත් ගොඩ මුදුනෙන් මඩිමින් පිණ්ඩපාතය වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් සූපය හෝ ව්‍යංජනය හෝ බතින් වසන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන්, ගිලන් නොවී සිටියදී, සූපය හෝ බත හෝ තමා සඳහා ඉල්ලාගෙන වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් දොස් සොයන සිතින් අනුන්ගේ පාත්‍රය බලන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් (මොනර බිත්තරයක් තරම්) ලොකුවට බත් කට සාදන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් දිගටි බත් කට සාදන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
සිව්වැනි පිණ්ඩපාත වර්ගයයි.
6. 5.
1. අනාදරයෙන්, බත් කට මුවට ළං නොකළ කල්හිම මුව විවර කරන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
2. අනාදරයෙන් මුළු අතම (සියලු ඇඟිලි) මුවෙහි දමමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
3. අනාදරයෙන් බත් කට සහිත මුවින් කතා කරන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
4. අනාදරයෙන් බත් පිඬු මුවට උඩ දමමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
5. අනාදරයෙන් බත් කට කඩ කඩා වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
6. අනාදරයෙන් කම්මුල්හි බත් පිඬු රැස් කොට වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
7. අනාදරයෙන් අත සොලවමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
8. අනාදරයෙන් බත් ඇට විසුරුවමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
9. අනාදරයෙන් දිව දික් කරමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
10. අනාදරයෙන් “චපු චපු” යන හඬ නඟමින් වළඳන භික්ෂුව එක් ඇවැතකට පැමිණේ: එනම් දුක්කට ඇවැතටයි.
පස්වැනි කබළ වර්ගයයි.