5. 8.
1. භික්ෂූන් බුදුරජාණන් වහන්සේ පැනවූ ශික්ෂාපදය දක්වමින් කියන විට, “ඇවැත්නි, දක්ෂ වූ, විනය දරන වෙනත් භික්ෂුවකගෙන් විමසන තුරු මම මේ ශික්ෂාපදයෙහි නොහික්මෙන්නෙමි” යි කියන භික්ෂුවට පාචිත්තිය ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: කොසඹෑ නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ආයුෂ්මත් ඡන්න භික්ෂුව අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ආයුෂ්මත් ඡන්න භික්ෂුව, භික්ෂූන් බුදුරජාණන් වහන්සේ පැනවූ ශික්ෂාපදය දක්වමින් කියන විට, “ඇවැත්නි, දක්ෂ වූ, විනය දරන වෙනත් භික්ෂුවකගෙන් විමසන තුරු මම මේ ශික්ෂාපදයෙහි නොහික්මෙන්නෙමි” යි කීවේ ය. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
2. විනයට නිගා කරන භික්ෂුවට පාචිත්තිය ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු විනයට ගැරහූහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
3. මුළා කරවීම පිළිබඳ පාචිත්තිය ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු මුළා කරවූහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් ආකාර තුනකින් හටගනී. -පෙ-
4. කිපී, නොසතුටු සිතින් භික්ෂුවකට පහර දෙන භික්ෂුවට පාචිත්තිය ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු කිපී, නොසතුටු සිත් ඇතිව භික්ෂූන්ට පහර දුන්හ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-
5. කිපී, නොසතුටු සිතින් භික්ෂුවකට අත්ල ඔසවා පෙන්වන භික්ෂුවට පාචිත්තිය ඇවැත පිළිබඳ ශික්ෂාපදය පනවන ලද්දේ කොහිදී ද යත්: සැවැත් නුවරදී පනවන ලදී.
කවරෙකු අරභයා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූන් අරභයා ය.
කිනම් කරුණක් නිසා ද යත්: ෂඩ්වර්ගික භික්ෂූහු කිපී, නොසතුටු සිත් ඇතිව භික්ෂූන්ට අත්ල ඔසවා පෙන්වූහ. ඒ කරුණ නිසා ය.
පැනවීම එකකි.
ඇවැත් හටගන්නා ආකාර හය අතුරෙන් එක් ආකාරයකින් හටගනී: කයින් ද සිතින් ද හටගනී, වචනයෙන් හට නොගනී. -පෙ-