නවවැනි ශික්ෂාපදය.
8. 7. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් සිටගෙන සිට, හිඳ සිටින්නකුට දහම් දෙසති. -පෙ-
“සිටගෙන සිට, හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් නොදෙසන්නෙමි” යි හික්මිය යුතු ය.
2. සිටගෙන සිටින්නකු විසින් හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අගෞරවයෙන් සිටගෙන සිට, හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැතක් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
දසවැනි ශික්ෂාපදය.
8. 7. 11.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් පසුපසින් යමින්, ඉදිරියෙන් යන්නකුට දහම් දෙසති. -පෙ-
“පසුපසින් යමින්, ඉදිරියෙන් යන ගිලන් නොවූවකුට දහම් නොදෙසන්නෙමි” යි හික්මිය යුතු ය.
2. පසුපසින් යන්නකු විසින් ඉදිරියෙන් යන ගිලන් නොවූවකුට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අගෞරවයෙන් පසුපසින් යමින්, ඉදිරියෙන් යන ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැතක් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
එකොළොස්වැනි ශික්ෂාපදය.
8. 7. 12.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් මග නොවන තැනින් යමින්, මගින් යන්නකුට දහම් දෙසති. -පෙ-
“මග නොවන තැනින් යමින්, මගින් යන ගිලන් නොවූවකුට දහම් නොදෙසන්නෙමි” යි හික්මිය යුතු ය.
2. මග නොවන තැනින් යන්නකු විසින් මගින් යන ගිලන් නොවූවකුට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අගෞරවයෙන් මග නොවන තැනින් යමින්, මගින් යන ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැතක් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
දොළොස්වැනි ශික්ෂාපදය.