හයවන ශික්ෂාපදය යි.
8. 7. 7.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් හිස ද වසා පොරවාගෙන සිටින්නාට දහම් දෙසති -පෙ-
“හිස ද වසා පොරවාගෙන සිටින ගිලන් නොවූවාට දහම් නොදෙසන්නෙමි යි හික්මිය යුතු ය.”
හිස වසා පොරවාගත්තා (ඔගුණ්ඨිතසීස) නම්: හිස ද සමඟ පොරවාගත් තැනැත්තා යි කියනු ලැබේ.
2. හිස ද වසා පොරවාගෙන සිටින ගිලන් නොවූවාට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අනාදරයෙන් හිස ද වසා පොරවාගෙන සිටින ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, හිස විවෘත කරවා දෙසන්නාට ඇවැත් නැත. ආපදාවලදී ද, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වන ශික්ෂාපදය යි.
8. 7. 8.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් බිම හිඳගෙන ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසති -පෙ-
“බිම හිඳගෙන, ආසනයක හිඳ සිටින ගිලන් නොවූවාට දහම් නොදෙසන්නෙමි යි හික්මිය යුතු ය.”
2. බිම හිඳගෙන, ආසනයක හිඳ සිටින ගිලන් නොවූවාට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අනාදරයෙන් බිම හිඳගෙන, ආසනයක හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
අටවැනි ශික්ෂාපදය.
8. 7. 9.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසති. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූන් මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන්නේ කෙසේ නම් ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන්නේ කෙසේ නම් ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ-” ගරහා, ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.