පහළොස්වැනි ශික්ෂාපදය.
සත්වන පාදුකා වර්ගය.
උද්දානය (සාරාංශ ගාථා):
පරිමණ්ඩල ය, සුපටිච්ඡන්න ය, සුසංවුත ය, ඔක්ඛිත්තචක්ඛු ශික්ෂාපදය සමග උක්ඛිත්තකාය ය, උජ්ජග්ඝිකාය ය, අප්පසද්ද ය, කායප්පචාලක, බාහුප්පචාලක, සීසප්පචාලක යන තුන ද,
ඛම්භකත ය, ඔගුණ්ඨිත ය, උක්කුටිකාය ය, පල්ලත්ථිකාය ශික්ෂාපදය සමග සක්කච්ච ය, පත්තසඤ්ඤී ය, සමසූපක ය, සමතිත්තික ය ද,
සක්කච්ච ය, පත්තසඤ්ඤී ය, සපදාන ය, සමසූපක ය, ථූපතෝ ශික්ෂාපදය ද, පටිච්ඡන්න ය, උජ්ඣානසඤ්ඤී ශික්ෂාපදය සමග විඤ්ඤත්ති ශික්ෂාපදය ද,
නාතිමහන්ත ය, පරිමණ්ඩල ය, මුඛද්වාර ය, සබ්බහත්ථ ය, බ්යාහරණ ය, පිණ්ඩුක්ඛෙපක ය, කබළාවච්ඡේදක ය, අවගණ්ඩකාරක ය, හත්ථනිද්ධුනක ය, සිත්ථාවකාරක ය ද,
ජිව්හානිච්ඡාරක ය, චපුචපුකාරක ය, සුරුසුරුකාරක ය සමග හත්ථනිල්ලෙහක ය, පත්තනිල්ලෙහක ය, ඔට්ඨනිල්ලෙහක ය, සාමිස ය, සසිත්ථක ය ද,
තථාගතයන් වහන්සේලා කුඩය අතැති (ඡත්තපාණි) අයකුට සද්ධර්මය නොදෙසති. දණ්ඩ අතැති අයකුට ද, කඩුව අතැති අයකුට ද, ආයුධ අතැති අයකුට ද මෙසේම නොදෙසති.
පාදුකා හා පාවහන් පැළඳ සිටින්නාට ද, වාහනයක සිටින්නාට හා යහනේ වැතිර සිටින්නාට ද, දණහිස් වටා අත් හෝ රෙද්දක් වෙළාගෙන (පල්ලත්ථිකාවෙන්) හිඳින්නාට ද, හිස වෙළාගත් හා හිස වසාගත් අයට ද නොදෙසති.
බිම හා මිටි ආසනයෙහි හුන් අය විසින් ද, සිටගෙන සිටින්නා විසින් ද, පසුපසින් යන්නා විසින් ද, මග නොවන තැනින් යන්නා විසින් ද දහම් නොදෙසිය යුතු ය. නිල් තණ ආදිය මත හා ජලයෙහි (මල මුත්රා ආදිය) නොකළ යුතු ය.
ඒ වර්ගවල උද්දානය:
පරිමණ්ඩල ය, උජ්ජග්ඝික ය, ඛම්භකත ය, සක්කච්ච ය, කබළ ය, සුරුසුරු ය, සත්වන පාදුකා වර්ගය යනුයි.
අතිදේව (දෙවියන්ට ද වඩා උතුම්) වූ යශස් ඇති ගෞතමයන් වහන්සේ විසින් ශ්රාවකයන් හික්මවනු පිණිස සේඛිය ධර්ම හැත්තෑපහක් පනවන ලදී.
ආයුෂ්මතුනි, සේඛිය ධර්මයෝ උදෙසන ලදහ. ඒ ගැන ආයුෂ්මතුන්ගෙන් අසමි: ඔබ මේ කරුණුවලින් පිරිසිදු ද? දෙවනුව ද අසමි: ඔබ මේ කරුණුවලින් පිරිසිදු ද? තෙවනුව ද අසමි: ඔබ මේ කරුණුවලින් පිරිසිදු ද? ආයුෂ්මතුන් මෙහි පිරිසිදු ය. එහෙයින් නිශ්ශබ්දව සිටිති. මෙය මෙසේ දරමි.
සේඛිය ධර්ම නිමි.