හත්වන ශික්ෂාපදය
8. 6. 8.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු දණ්ඩක් (සැරයටියක්) අතැති අයට ධර්මය දේශනා කළහ. -පෙ-
“දණ්ඩක් අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. දණ්ඩ නම්: මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෙකුගේ රියන් හතරක් දිග සැරයටියයි. ඊට වඩා දිග වූ දෙය දණ්ඩක් නොවේ. ඊට වඩා කෙටි වූ දෙය ද දණ්ඩක් නොවේ.
දණ්ඩක් අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් දණ්ඩක් අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය යි.
8. 6. 9.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් කඩු ආදී ආයුධ අතැති අයට ධර්මය දේශනා කරති -පෙ-
“කඩු ආදී ආයුධ අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. සත්ථ (ආයුධ) නම්: එක් පැත්තකට මුවහත ඇති හෝ දෙපැත්තටම මුවහත ඇති, පහර දෙන ආයුධයයි.
කඩු ආදී ආයුධ අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් කඩු ආදී ආයුධ අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය යි.
8. 6. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් අවි අතැති, ගිලන් නොවූ අයට ධර්මය දේශනා කරති -පෙ-
“අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකරන්නෙමි යි හික්මිය යුතුය.”
2. ආයුධ (අවි) නම්: දුන්න හෝ දුනු විශේෂයක් හෝ ය.
අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා නොකළ යුතුය. යමෙක් අනාදරයෙන් අවි අතැති, ගිලන් නොවූ අයෙකුට ධර්මය දේශනා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
සයවන සුරුසුරු වර්ගය යි.