තුන්වන ශික්ෂාපදය.
8. 6. 4.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් තොල් ලොවමින් වළඳති -පෙ-
“තොල් ලොවමින් නොවළඳන්නෙමි යි හික්මිය යුතුය.”
2. තොල් ලොවමින් නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් තොල් ලොවමින් වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය.
8. 6. 5.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරියෙහි භෙසකලා වනය නම් මුව වනයෙහි වැඩ වසන සේක. එකල භික්ෂූන් කොකනද (නෙළුමක හැඩයෙන් තැනූ බැවින් මේ නම ලැබූ) ප්‍රාසාදයෙහි ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගනිති. මිනිසුන් “කාමසැප විඳින ගිහියන් මෙන් ශාක්‍යපුත්‍ර ශ්රමණයන් කෙසේ නම් ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගන්නේද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂූන්ට ඇසුණි. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවෝද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂූන් ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගන්නේද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂූන් ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගන්නා බව සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ඒ හිස් පුරුෂයන් කෙසේ නම් ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගන්නේද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ඉඳුල් සහිත අතින් පැන් බඳුන නොපිළිගන්නෙමි යි හික්මිය යුතුය.”
3. ඉඳුල් සහිත අතින් පැන් බඳුන නොපිළිගත යුතුය. යමෙක් අනාදරයෙන් ඉඳුල් සහිත අතින් පැන් බඳුන පිළිගනී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, සෝදන්නෙමි යි හෝ සෝදවන්නෙමි යි හෝ පිළිගන්නේ නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය.
8. 6. 6.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරියෙහි භෙසකලා වනය නම් මුව වනයෙහි වැඩ වසන සේක. එකල භික්ෂූන් කොකනද ප්‍රාසාදයෙහි බත් ඇට සහිත පාත්‍රය සේදූ දිය ගෙය ඇතුළත දමති. මිනිසුන් “කාමසැප විඳින ගිහියන් මෙන් ශාක්‍යපුත්‍ර ශ්රමණයන් කෙසේ නම් බත් ඇට සහිත පාත්‍රය සේදූ දිය ගෙය ඇතුළත දමන්නේද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.