පළමුවන ශික්ෂාපදයයි.
8. 6. 2.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් අත ලොවමින් වළඳති. -පෙ-
“අත ලොවමින් නොවළඳන්නෙමියි හික්මිය යුතුය.”
2. අත ලොවමින් නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් අත ලොවමින් වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදයයි.
8. 6. 3.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් පාත්‍රය ලොවමින් වළඳති. -පෙ-
“පාත්‍රය ලොවමින් නොවළඳන්නෙමියි හික්මිය යුතුය.”
2. පාත්‍රය ලොවමින් නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් පාත්‍රය ලොවමින් වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ස්වල්පයක් ඉතිරි වූ විට එය එක් තැනකට එකතු කොට ඇදගෙන ලොවා වළඳන්නේ නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය.
8. 6. 4.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් තොල් ලොවමින් වළඳති -පෙ-
“තොල් ලොවමින් නොවළඳන්නෙමි යි හික්මිය යුතුය.”
2. තොල් ලොවමින් නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් තොල් ලොවමින් වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය.