හත්වන ශික්ෂාපදය
8. 2. 8.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් අත් එල්ලා හෙළමින්, අත් සොලව සොලවා ගම ඇතුළෙහි හිඳිති. -පෙ-
“අත් සොලව සොලවා ගම ඇතුළෙහි නොහිඳින්නෙමි” යි හික්මිය යුතුය.
අත් සොලව සොලවා ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. අත් නොසැලෙන සේ තබාගෙන හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් අත් එල්ලා හෙළමින්, අත් සොලවමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
අනාපත්ති: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, වාසූපගත වූවාට (ගෙයක නවාතැන් ගෙන සිටින්නාට), ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය.
8. 2. 9.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු හිස එල්ලා හෙළමින්, හිස සොලව සොලවා ගම ඇතුළෙහි යති. -පෙ-
“හිස සොලව සොලවා ගම ඇතුළෙහි නොයන්නෙමි”යි හික්මිය යුතුය.
2. හිස සොලවමින් ගම ඇතුළෙහි නොයා යුතුය. හිස නොසැලෙන සේ කෙළින් තබාගෙන යා යුතුය. යමෙක් අනාදරයෙන් හිස එල්ලා හෙළමින්, හිස සොලවමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය.
8. 2. 10.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු හිස එල්ලා හෙළමින්, හිස සොලව සොලවා ගම ඇතුළෙහි හිඳිති. -පෙ-
“හිස සොලව සොලවා ගම ඇතුළෙහි නොහිඳින්නෙමි”යි හික්මිය යුතුය.
හිස සොලව සොලවා ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. හිස නොසැලෙන සේ කෙළින් තබාගෙන හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් හිස එල්ලා හෙළමින්, හිස සොලවමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, වාසූපගත වූවාට (ගෙයක නවාතැන් ගෙන සිටින්නාට), ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය.
දෙවන උජ්ජග්ඝික වර්ගයයි.