දෙවන ශික්ෂාපදය
8. 2. 3.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි යති. -පෙ-
“අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි යන්නෙමි” යි හික්මිය යුතුය.
2. අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය
8. 2. 4.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි හිඳිති. -පෙ-
“අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි හිඳින්නෙමි” යි හික්මිය යුතුය.
අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සිව්වන ශික්ෂාපදය
8. 2. 5.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් කය එල්ලා හෙළමින්, කය සොලව සොලවා ගම ඇතුළෙහි යති. -පෙ-
“කය සොලවමින් ගම ඇතුළෙහි නොයන්නෙමි” යි හික්මිය යුතුය.
කය සොලවමින් ගම ඇතුළෙහි නොයා යුතුය. කය නොසැලෙන සේ කෙළින් තබාගෙන යා යුතුය. යමෙක් අනාදරයෙන් කය එල්ලා හෙළමින්, කය සොලව සොලවා ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය
8. 2. 6.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් කය එල්ලා හෙළමින්, කය සොලව සොලවා ගම ඇතුළෙහි හිඳිති. -පෙ-
“කය සොලව සොලවා ගම ඇතුළෙහි නොහිඳින්නෙමි” යි හික්මිය යුතුය.
කය සොලවමින් ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. කය නොසැලෙන සේ කෙළින් තබාගෙන හිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් කය එල්ලා හෙළමින්, කය සොලවමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදය