දසවන ශික්ෂාපදය.
දෙවන උජ්ජග්ඝික වර්ගයයි.
ඛම්භකත වර්ගය
8. 3. 1.
එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු උකුළෙහි (ඉණෙහි) අත් තබාගෙන ගම ඇතුළෙහි යති. -පෙ-
“උකුළෙහි (ඉණෙහි) අත් තබාගෙන ගම ඇතුළෙහි නොයන්නෙමි”යි හික්මිය යුතුය.
උකුළෙහි අත් තබාගෙන ගම ඇතුළෙහි නොයා යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන්ම හෝ උකුළෙහි අත් තබාගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවන ශික්ෂාපදය.
8. 3. 2.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු උකුළෙහි (ඉණෙහි) අත් තබාගෙන ගම ඇතුළෙහි හිඳිති. -පෙ-
“උකුළෙහි (ඉණෙහි) අත් තබාගෙන ගම ඇතුළෙහි නොහිඳින්නෙමි”යි හික්මිය යුතුය.
උකුළෙහි අත් තබාගෙන ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන්ම හෝ උකුළෙහි අත් තබාගෙන ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, වාසූපගත වූවාට (ගෙයක නවාතැන් ගෙන සිටින්නාට), ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය.
8. 3. 3.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු හිස වසා සිවුර පොරවාගෙන ගම ඇතුළෙහි යති. -පෙ-
“හිස වසා සිවුර පොරවාගෙන ගම ඇතුළෙහි නොයන්නෙමි”යි හික්මිය යුතුය.
හිස වසා සිවුර පොරවාගෙන ගම ඇතුළෙහි නොයා යුතුය. යමෙක් අනාදරයෙන් හිස වසා සිවුර පොරවාගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය.