8. 2. 2.
ඉද්ධිවිධ සූත්රය
3622. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් නොයෙක් ඉද්ධි අනුභව කරමි. එකෙක්ව බොහෝ දෙනෙක් වෙමි. බොහෝ දෙනෙක්ව එකෙක් වෙමි. ප්රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නෙමි. ජලයෙහි මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යමි. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්ය්යංකයෙන් හිඳ ගෙනම යමි. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කරමි. පිරිමදිමි. බඹලොව දක්වා කයින් වසඟයෙහි පවත්වමි” කීය.
8. 2. 3.
දිබ්බසෝත සූත්රය
3623. “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්ය ශ්රෝත්ර ධාතුවෙන් දිව්යවූද මනුෂ්යවූද දුරවූද ළඟවූද දෙවදෑරුම් ශබ්දයන්ම අසන්නෙමි.”
8. 2. 4.
චේතෝපරිය සූත්රය
3624. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත් සිතින් සිත පිරිසිඳ දැනගතිමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගතිමි. පහවූ රාග ඇති සිත පහවූ රාග ඇති සිතයයි දැන ගතිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගතිමි. දොස සහිත සිත දොස සහිත සිතයයි දැනගතිමි. දොස රහිත සිත දොස රහිත සිතයයි දැනගතිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දැනගතිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දැන ගතිමි. හැකුලුන සිත හැකුලුන සිතයයි දැනගතිමි. විසිර ගිය සිත විසිර ගිය සිතයයි දැනගතිමි. මහග්ගත සිත මහග්ගත සිත යයි දැනගතිමි. මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිත යයි දැනගතිමි. උසස් සිත උසස් සිතයයි දැනගතිමි. උසස් නොවූ සිත උසස් නොවූ සිතයයි දැනගතිමි. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතයයි දැනගතිමි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගතිමි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දැන ගතිමි. මිදුනු සිත මිදුනු සිතයයි දැනගතිමියි” කීය.
8. 2. 5.
ඨාන සූත්රය
3625. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හේතූන් හේතූන් වශයෙනුත් හේතු නොවන කරුණු හේතු නොවන කරුණු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 6.
කම්ම සූත්රය
3626. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ හේතුවට කාරණයට අනුකූල විපාක තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 7.
සබ්බත්ථ සූත්රය
3627. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සියලු තැන්වලට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 8.
අනේකධාතු සූත්රය
3628. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අනේකධාතු නානාධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 9.
නානාධිමුත්තික සූත්රය
3629. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සත්වයන්ගේ නොයෙක් අදහස් තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.