8. 1. 3.
3. සුතනු සූත්රය
901. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ සැවැත් නුවර සුතනු ගංඉවුරෙහි වාසය කරයි. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ කවර නම් ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියේද?”
“ආයුෂ්මත්නි, මම වනාහි සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. කවර සතරක්දයත්? ‘ඇවැත්නි, මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙළෙමි. මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙළෙමි. කෙළෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “ඇවැත්නි, මම වනාහි මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. ඇවැත්නි මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හීන ධර්ම හීන වශයෙන් මනාකොට දැනගත්තෙමි. මධ්යම ධර්ම මධ්යම වශයෙන් දැනගත්තෙමි. ප්රණීත ධර්ම ප්රණීත වශයෙන් දැන ගත්තෙමියි” කීය.
8. 1. 4.
4. කණ්ටකී සූත්රය
902. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් සාරීපුත්ර ස්ථවිරයන්වහන්සේද ආයුෂ්මත් මහාමොග්ගල්ලානස්ථවිරයන් වහන්සේද සාකේත නුවර කණ්ඨකී වනයෙහි වාසය කළාහුය. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද සවස් කාලයෙහි විවේකයෙන් නැගීසිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහි කටයුතු කථාවකොට නිමවා එක්පසෙක වැඩහුන්නාහුය. එක් පසෙක වැඩහුන් ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීහ. [2] “ඇවැත් අනුරුද්ධයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් කිනම් ධර්මයන්ට පැමිණ වාසය කළ යුත්තාහුද?”
“ඇවැත් ශාරීපුත්ර ස්ථවිරයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ට පැමිණ වාසය කළ යුතුයි. කවර සතරක්ද? ඇවැත්නි මේ සාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයි. කෙලෙස් තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. [3] “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ශෛක්ෂ භික්ෂුව විසින් මේ සතර සතිපට්ඨානයන්ට, පැමිණ වාසය කළ යුත්තේයයි” කීය.
8. 1. 5.
5. දුතිය කණ්ටකී සූත්රය
903. (මේ ඡේදය මේ වර්ගයේ 4 සූත්රයේ 1 ඡේදය මෙනි.) “ඇවැත් අනුරුද්ධයෙනි, අශෛක්ෂ භික්ෂුව විසින් කවර ධර්මයන්ට පැමිණ වාසය කළ යුතුද?” “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයනි, අශෛක්ෂ භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන්ට පැමිණ වාසය කළ යුතුයි. කවර සතරක්ද? “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කරයි “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරයි. “කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. “ඇවැත් ශාරීපුත්ර ස්ථවිරයනි, අශෛක්ෂ භික්ෂුව විසින් මේ සතර සතිපට්ඨානයන්ට පැමිණ වාසය කළ යුත්තේයයි” කීය.