7. ඒසනා වර්ගය
7. 7. 1-160.
ඒසනාදී සූත්‍ර
3291-3450. “මහණෙනි, මේ සෙවීම් (ඒසනා) තුනකි. කවර තුනක් ද? -පෙ- වැඩිය යුතුය.”
(විවේකනිස්සිත ආදිය වශයෙන් ද, අභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන වශයෙන් ද එක් එක් සූත්‍රයෙහි දහසය බැගින් කොට සූත්‍රාන්ත එකසිය හැටක් විස්තර කළ යුතුය.)
ඒසනා වර්ගය සත්වැනියි.
එහි සූත්‍ර නාමාවලිය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා ත්‍රිත්වය, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යනුයි.
8. ඕඝ වර්ගය
7. 8. 1-159.
ඕඝාදී සූත්‍ර
3451-3609. “මහණෙනි, මේ ඕඝ සතරකි කවර සතරක්ද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යනුයි. (විස්තර කළ යුතුයි)”
(ඕඝ වර්ගය ඉද්ධිපාද වශයෙන් විස්තර කළ යුතුයි. මෙසේ සතිපට්ඨානය දක්වා විස්තර කළ යුතුයි.)
7. 8. 160.
උද්ධම්භාගිය සූත්‍රය
3610. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙත්. කවර පසක් ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාව යන මොහුය. මහණෙනි, මේ වනාහි උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස ප්රහාණය කිරීම පිණිස සතර ඉද්ධිපාදයෝ වැඩිය යුත්තාහ. කවර සතරක් ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් (පධානසංඛාර) යුත් ඉද්ධිපාදය වඩයි. වීර්යය අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමසීම (වීමංසා) අධිපති කොට ඇති සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස ප්රහාණය කිරීම පිණිස මේ සතර ඉද්ධිපාදයෝ වැඩිය යුත්තාහ.”
ඕඝ වර්ගය අටවැනියි.
එහි සූත්‍ර නාමාවලිය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යනුයි.
ඉද්ධිපාද සංයුත්තය නිමි.
එහි වර්ග නාමාවලිය:
ඉද්ධිපාද සංයුත්තයෙහි චාපාල, පාසාදකම්පන, අයෝගුළ යන වර්ග ද ගංගා පෙය්යාල ආදී වර්ග පස ද සමග වර්ග අටක් වෙයි.
8. අනුරුද්ධ සංයුත්තය
1. රහෝගත වර්ගය
8. 1. 1.
1. රහෝගත සූත්‍රය
3611. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරයි. එකල රහසිගතව විවේකයෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ‘යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ නොකරන ලද්දේය. යම්කිසි කෙනෙකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් ක්ෂය කිරීමට පැමිණෙන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ කරන ලදී.’ යනුයි.
එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කල අතක් දික් කරන්නේද, දික්කල අතක් වක්කරන්නේද, එපරිද්දෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙය කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, කොපමණකින් වනාහි භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ පටන්ගන්නා ලද්දාහු වෙත්ද?” “ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද,