7. 4. 1-48.
පාචීනනින්නාදී සූත්‍ර
3155-3202. “මහණෙනි, යම්සේ ගංගා නදිය පෙරදිගට නැමීයේද පෙරදිගට වක්ව යේද පෙරදිගට අවනතව යේද... (පෙ)... නිවනට බරවූයේ වේද.”
ගංගා පෙය්‍යාලය ඉර්ධිපාදය වශයෙන් විස්තර කළයුතුයි.
ගඞ්ගාපෙය්‍යාලවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
පෙරදිගට නැමුණු සයක්ද, සාගරයට නැමුණු සයක්දැයි මේ දොළොසකි. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.
5. අප්පමාද වර්ගය
7. 5. 1-40.
තථාගතාදී සූත්‍ර
3203-3242. “මහණෙනි, පා නැත්තාවූ දෙපා ඇත්තාවූ සිව්පා ඇත්තාවූ යම්තාක් සත්වයෝ වෙත්ද... (පෙ)... බහුලීකරොතීති.”
අප්පමාද වර්ගය පස්වැනියි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන දස පදයෝ ය.
6. බලකරණීය වර්ගය
7. 6. 1-48.
බලාදී සූත්‍ර
3243-3290. “මහණෙනි, යම්සේ යම්කිසි ශරීර බලයෙන් කළයුතු කර්මාන්තයෝ කරනු ලැබෙත්... (පෙ)... බහුලීකරොතීති.”
බලකරණීය වර්ගය හයවැනියි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක් ද, නාවා, ආගන්තුක, නදී යනුයි.
7. ඒසනා වර්ගය
7. 7. 1-160.
ඒසනාදී සූත්‍ර
3291-3450. “මහණෙනි, මේ සෙවීම් තිදෙනෙකි. කවර තිදෙනෙක්ද? (පෙ)... වැඩිය යුතුය.”
(විවේකනිශ්‍රිත ආදිය වශයෙන්ද, අභිඥා පරිඥා පරික්‍ෂය ප්‍රහාණ වශයෙන්ද, එකෙකෙහි සොළස සොළස බැගින් කොට එකසිය සැටක් සූත්‍රාන්ත විස්තර කළ යුතුය.)
ඒසනා වර්ගය සත්වැනියි.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා ත්‍රිත්වය, ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යනුයි.
8. ඕඝ වර්ගය
7. 8. 1-159.
ඕඝාදී සූත්‍ර
3451-3609. “මහණෙනි, මේ ඕඝ සතරකි කවර සතරක්ද? කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යනුයි. (විස්තර කළ යුතුයි)”
(ඕඝ වර්ගය ඉද්ධිපාද වශයෙන් විස්තර කළ යුතුයි. මෙසේ සතිපට්ඨානය දක්වා විස්තර කළ යුතුයි.)
7. 8. 160.
උද්ධම්භාගිය සූත්‍රය
3610. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පසක් වෙත්. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙත්. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණීස පහ කිරීම පිණිස සතර ඉර්ධිපාදයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර ඉද්ධිපාදයන් වැඩිය යුත්තාහ.”
ඕඝවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යනුයි.
සත්වෙනි ඉර්ධිපාද සංයුත්තය නිමි
එහි වර්ග උද්දානය:
ඉද්ධිපාද සංයුත්තයෙහි චාපාල, පාසාද, කම්පන, යෝගුළ, ගංගාපෙය්‍යාල ආදී වූ පසෙන් ද යුත් වර්ග අටක් වෙත්.