7. 2. 7.
ඉද්ධිවිධ සූත්රය
829. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි) “මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉර්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලුදෙන මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුයි බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් හරහට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹ ලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්.
“මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට හරහට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්යංකයෙන් යත්. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟෙහි පවත්වති. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.
“කවර සතරක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීමංසය අධිපති කොට ඇති සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වැළඳුවාහුද එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිදෙමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්. “මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉද්ධි විධි වළඳන්නාහුය. එක් කෙනෙක්වී බොහෝ දෙනෙක් වන්නාහුය. බොහෝදෙනෙක් වී එකෙක් වන්නේය. අහසෙහි මෙන් ප්රකට බවට මුවහ බවට බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නාහුය. ජලයේ මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරන්නාහුය. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යන්නාහුය. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්යංකයෙන් යන්නාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය, පිරිමදින්නාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පවත්වන්නාහුය. ඒ සියලුදෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් එසේ කරත්. “මහණෙනි, මේ කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ නොයෙක් ඉද්ධිවිධි වළඳන්නාහුය. එකෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්වී එකෙක් වෙයි. අහසෙහි මෙන් ප්රකට බවට මුවහ බවට බිත්තියෙන් පිට පවුරෙන් පිට පර්වතයෙන් පිට නොගැටී යති. ජලයේ මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කරත්. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යත්. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්යංකයෙන් යත්. මහත්, ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරන්නාහුය. පිරිමදින්නාහුය. බඹලොව තෙක් වසඟෙහි පවත්වති. ඒ සියලු දෙන සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවිනුත් එසේ වෙත්.
7. 2. 8.
භික්ඛු සූත්රය
830. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි) “මහණෙනි, සතර ඉන්ද්රියයන් හොඳින් බහුල වශයෙන් වැඩූ මහණතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයෙහිදීම තෙමේ මනා නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. කවර සතරක්හුගේද යත්? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල වශයෙන් වැඩීමෙන් මහණතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයේම තෙමේ මනා නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි.
7. 2. 9.
භාවනා සූත්රය
831. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි) “මහණෙනි, නුඹලාට ඉද්ධියත් ඉද්ධිපාදයත්, ඉද්ධිපාදයන් වැඩීමත් ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාවත් කියන්නෙමි. එය අසව්. “මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ නොයෙක් ඉද්ධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් වීය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම මුවහවීම බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්ය්යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මෙය ඉද්ධියයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදය නම් කුමක්ද? මහණෙනි යම් මාර්ගයක් යම් ප්රතිපදාවක් ඉද්ධිය ලැබීම පිණිස පවතියිද, මහණෙනි, එය ඉද්ධිපාදයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමනම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන් වැඩීමයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාව නම් කවරේද? ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේදයත් සම්යක් දෘෂ්ටිය, සම්යක් කල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යනුයි. මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාවයයි කියනු ලැබේ.