7. 1. 7.
භික්ඛු සූත්රය
819. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව ඒ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරන්නාහුය. මහණෙනි, දැන් වනාහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ අත් බැව්හිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙත්ද, ඒ සියල්ලෝ සතර ඍද්ධි පාදයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්. “කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, අතීතකාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කළාහුද, අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන්ගේ නැති කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නාහුද, දැන් කාලයෙහි ඇතැම් භික්ෂූහු ආශ්රවයන්ගේ නැති කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරත්ද, “ඒ සියල්ලෝම මේ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඊට පැමිණ වාසය කරත්.”
7. 1. 8.
අරහන්ත සූත්රය
820. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝ වෙත්. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙම අර්හත් සම්යක් සම්බුද්ධයයි කියනු ලැබේ.”
7. 1. 9.
ඤාණ සූත්රය
821. “මහණෙනි, මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළවිය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළවිය. විද්යාව පහළ වීය. ආලෝකය පහළ වීය. මහණෙනි, ඒ මේ වීර්ය්යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළවිය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළවිය. ඥානය පහළවිය. ප්රඥාව පහළ වීය. විද්යාව පහළ වීය. ආලෝකය පහළ වීය.
“මහණෙනි, මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ විය. ඥානය පහළ වීය. ප්රඥාව පහළ වීය. විද්යාව පහළ වීය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූ විරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, මේ විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදයයි පෙර නොඇසූ විරූ ධර්මයන්හි මාහට නුවණැස පහළ වීය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය. මහණෙනි, ඒ මේ විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වැඩිය යුතුයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ වීය. ආලෝකය පහළ විය. “මහණෙනි, වඩන ලද්දේයයි මට පෙර නොඇසූවිරූ ධර්මයන්හි නුවණැස පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
7. 1. 10.
චේතිය සූත්රය
822. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පොරවා විශාලා නුවරට පිණ්ඩපාතය පිණිස වැඩිසේක. විශාලා නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී වැඩියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක. “ආනන්දය, නිසීදනය ගනුව, චාපාල චේතිය යම් තැනකද දිවා විහරණය සඳහා එහි යන්නෙමි”යි-ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්යවතුන් වහන්සේගේ පසුපසින් ගියේය. එකල්හි භාග්යවතුන් වහන්සේ චාපාල චේතිය යම් තැනකද එතැනට වැඩියහ. වැඩ, පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට භාග්යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.