7. 1. 3.
අරිය සූත්රය
815. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ ආර්ය්යවූ නෛර්ය්යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්. “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුතු ඉද්ධිපාදය වඩයි. “විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ ආර්ය්යවූ නෛර්ය්යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්”
7. 1. 4.
නිබ්බිදා සූත්රය
816. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නො ඇලීම පිණිස දුක් නිරුද්ධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනාකොට අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්. “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක්ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “වීර්ය්යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස දුක් නිරෝධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්.”
7. 1. 5.
පදෙස සූත්රය
817. “මහණෙනි, අතීතයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. “මහණෙනි, ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති. “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. “මහණෙනි, ඇතැම් ශ්රමණ බ්රාහ්මණයෝ අතීත කාලයෙහි ඉද්ධිපදෙස (මාර්ග තුන හා ඵල තුන) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ අනාගත කාලයෙහි ඉද්ධිප්පදෙස (මාර්ගතුන හා ඵල තුන) උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ මේ කාලයෙහි ඉද්ධිප්පදේසයන් උපදවත්ද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවති.”
7. 1. 6.
සමත්ත සූත්රය
818. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ සමත්ත ඉද්ධිය (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්රමණයෝ හෝ බ්රහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්. “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, අතීත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ සමත්ත ඉද්ධි (අර්හත් ඵලය) ඉපදවූවාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඉපදවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවන්නාහුද ඒ සියල්ලෝ සතර ඉද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවන්නාහ. මහණෙනි, දැන් ඇතැම් ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ සමත්ත ඉද්ධිය උපදවත්ද, ඒ සියල්ලෝ මේ සතර ඍද්ධිපාදයන් වැඩීමෙන් බහුල කිරීමෙන් උපදවත්.”