3. බලකරණීය වර්ගය
5. 3. 1-48.
බල ආදී සූත්ර
[2] “මහණෙනි, යම්කිසි වීර්ය්යයෙන් කළයුතු කර්මාන්තයෝ කරනු ලැබෙත්ද, වීර්ය්යයෙන් කළයුතු ඒ සියලු කර්මාන්ත පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. “මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයි. සතර සම්යක් ප්රධානයන් බහුල කරයි. මහණෙනි, මහණතෙම කෙසේ නම් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයිද, සතර සම්යක් ප්රධානයන් බහුල කරයිද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [4] “නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා වීම පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි. [5] “මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයි. සතර සම්යක් ප්රධානයන් බහුල කරයි.
(සම්මප්පධානයන්ගේ වශයෙන් බලකරණීය වර්ගයෙහි ඉතිරි සූත්ර එකොළොසද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
බලකරණීයවග්ගො තතියො.
එහි උද්දානය:
බල ද, බීජ ද, නාග ද, රුක්ඛ ද, කුම්භ ද, සූක ද, ආකාස ද, මේඝ දෙක ද, නාවා ද, ආගන්තුක ද, නදී දැයි (මේ සූත්ර දොළසයි.)
4. ඵසනා වර්ගය
5. 4. 1-160.
එසනා ආදී සූත්ර
[2] “මහණෙනි, මේ සෙවීම් තුනෙකි. කවර තුනෙක්ද? කාම වස්තු සෙවීමය, භවය සෙවීමය, සැපයට මාර්ගය සෙවීමය යනුයි. “මහණෙනි, මේ සෙවීම් තුනය, මහණෙනි, මේ සෙවීම් තුන විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතරසම්යක් ප්රධානයන් වැඩියයුතුයි. [3] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. විර්ය්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාවීම පිණිස බොහෝබව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි. “මහණෙනි, මේ සෙවීම් තුන විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස, පහකිරීම පිණිස, මේ සතර සම්යක් ප්රධානයන් වැඩිය යුතුයි”
(ඵසනා වර්ගයේ සම්මප්පධාන වශයෙන් ඉතිරි සූත්ර එකොළස මෙසේ සම්පූර්ණ කර ගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ)
එසනාවග්ගො චතුත්ථො.
එහි උද්දානය:
එසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන මේ සූත්ර පහ ද ඛිල, මල, නීඝ, වෙදනා, තණ්හා යන මේ සූත්ර පහ ද යන දස සූත්රයෝ යි.
5. ඕඝ වර්ගය
5. 5. 1-159.
ඔඝ ආදී සූත්ර
2507-2665. මහණෙනි, ඕඝ (සැඩපහර) සතරක් වෙත්. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි. මහණෙනි, මේ සතර ඕඝයෝ යි. මහණෙනි, මේ සතර ඕඝයන්ගේ පිරිසිඳ දැනීම පිණිස ... (පෙ) ... ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතර සම්මප්පධානයෝ වැඩිය යුත්තාහු ය. කවර සතරක් ද යත් ... (පෙ) ... වැඩිය යුත්තාහු යි. (විස්තර කටයුතුයි).
5. 5. 160.
උද්ධම්භාගිය සූත්රය
[2] මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසක්ද? රූපරාගය, අරූපරාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. “මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස සතර සම්යක් ප්රධානයන් වැඩිය යුතුය. [3] “කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි, වීර්ය්ය පටන්ගනියි, උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ පහකිරීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්ය්ය පටන්ගනියි. [4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්ය්යය පටන්ගනියි, සිත ඔසවයි, උත්සාහ කරයි. උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි, වෑයම් කරයි, වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි. [5] “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනුම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ සතර සම්යක්ප්රධානයන් වැඩිය යුතුය.” (ඕඝ වර්ගයේ සම්මප්පධාන වශයෙන් ඉතිරි සූත්ර නවයද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්ර දසයෙකි.
පස්වැනි සම්මප්පධාන සංයුත්ත නිමි.
එහි වර්ග උද්දානය:
ගංගාපෙය්යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, එසනා වර්ගය, ඕඝ වර්ගය යි සම්මප්පධාන සංයුත්තයෙහි වර්ග පසෙකි.