5. 1. 2-48.
දෙවැනි පාචීනනින්න ආදී සූත්රය
2212-2258. මහණෙනි, මේ සතර සම්මප්පධානයෝ ය. කවර සතරක් ද යත් ... (පෙ) ... නිවනට බර වූයේ යි.
(ගංගා පෙය්යාලයේ ඉතිරි සූත්ර එකොළොසද සම්මප්පදාන වශයෙන් මෙසේ වෙනස්කොට ගත්කළ සම්පූර්ණ වේ.)
ගඞ්ගාපෙය්යාලවග්ගො පඨමො.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සූත්ර සයක් ද, සමුදුරට නැමුණු සූත්ර සයක් ද වේ. මොහු දෙකොටස දොළසක් වෙති. එහෙයින් වර්ග යයි කියනු ලැබේ.
2. අප්පමාද වර්ගය
5. 2. 1-40.
තථාගතාදී සූත්ර
2259-2298. මහණෙනි, පාද රහිත වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ යම්තාක් සත්වයෝ වෙත් ද ... (පෙ) ... බහුල කරන්නේ යි.
(මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට සතර සම්මප්පධානයන් යොදාගැනීමෙන් මෙහි සූත්ර දහය සම්පූර්ණ වේ.)
අප්පමාද වර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මෙයින් දස වැනි පදය වේ.
3. බලකරණීය වර්ගය
5. 3. 1-48.
බල ආදී සූත්ර
[2] “මහණෙනි, යම්කිසි වීර්ය්යයෙන් කළයුතු කර්මාන්තයෝ කරනු ලැබෙත්ද, වීර්ය්යයෙන් කළයුතු ඒ සියලු කර්මාන්ත පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. “මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයි. සතර සම්යක් ප්රධානයන් බහුල කරයි. මහණෙනි, මහණතෙම කෙසේ නම් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයිද, සතර සම්යක් ප්රධානයන් බහුල කරයිද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන් ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [4] “නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළා වීම පිණිස බොහෝ බව පිණිස මහත් බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි. උත්සාහ කරයි. [5] “මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම සීලය නිසා සීලයෙහි පිහිටා සතර සම්යක් ප්රධානයන් වඩයි. සතර සම්යක් ප්රධානයන් බහුල කරයි.
(සම්මප්පධානයන්ගේ වශයෙන් බලකරණීය වර්ගයෙහි ඉතිරි සූත්ර එකොළොසද මෙසේ යොදාගැනීමෙන් මේ වර්ගය සම්පූර්ණ වේ.)
බලකරණීයවග්ගො තතියො.
එහි උද්දානය:
බල ද, බීජ ද, නාග ද, රුක්ඛ ද, කුම්භ ද, සූක ද, ආකාස ද, මේඝ දෙක ද, නාවා ද, ආගන්තුක ද, නදී දැයි (මේ සූත්ර දොළසයි.)
4. ඵසනා වර්ගය
5. 4. 1-160.
එසනා ආදී සූත්ර
[2] “මහණෙනි, මේ සෙවීම් තුනෙකි. කවර තුනෙක්ද? කාම වස්තු සෙවීමය, භවය සෙවීමය, සැපයට මාර්ගය සෙවීමය යනුයි. “මහණෙනි, මේ සෙවීම් තුනය, මහණෙනි, මේ සෙවීම් තුන විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතරසම්යක් ප්රධානයන් වැඩියයුතුයි. [3] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. විර්ය්ය පටන්ගනියි. උත්සාහ කරයි. උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත දක්වයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කරයි. [4] “නූපන් කුසලධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය උපදවයි. සිත ඔසවයි උත්සාහ කරයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නුමුළාවීම පිණිස බොහෝබව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්ය්ය පටන්ගනියි. සිත ඔසවයි, උත්සාහ කරයි. “මහණෙනි, මේ සෙවීම් තුන විශේෂයෙන් දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස, පහකිරීම පිණිස, මේ සතර සම්යක් ප්රධානයන් වැඩිය යුතුයි”