4. 7. 4.
4. ආසවක්ඛය සූත්රය
1748. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පංචඉන්ද්රියයෝ ආශ්රවයන් ක්ෂයකිරීම පිණිස පවතිත්. කවර පසෙක්ද යත්? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්රියයෝ ආශ්රවයන්ගේ ක්ෂයකිරීම පිණිස පවතිත්.
4. 7. 5.
5. ද්විඵල සූත්රය
1749. මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ආත්මයෙහි රහත් බව හෝ ස්කන්ධ ශෙෂය ඇති කල්හි අනාගාමි බව හෝ යන ඵලදෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.
4. 7. 6.
6. සත්තානිසංස සූත්රය
1750. මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, මේ පඤ්ච ඉන්ද්රියයෝයි. මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ඵල සතක් ආනිසංස සතක් කැමති විය යුතුයි. කවර ඵල සතක් ආනිසංස සතක්ද? මේ ආත්මයෙහි කෙලෙසුන් නසා රහත් බව අවබෝධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබෝධ නොකෙළේද, ඉක්බිති මරණ කාලයෙහි රහත් බව අවබෝධ කරයි. ඉදින් මේ ආත්මයෙහිම කෙලෙසුන් නසා රහත් බව අවබෝධ නොකරයිද මරණ කාලයෙහිත් රහත් බව අවබෝධ නොකරයිද? ඉක්බිති පංච ඔරම්භාගිය සංයෝජනයන් නැති කිරීමෙන් අන්තරා පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. උපහච්ච පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. අසංඛාර පරිනිබ්බායී නම් අනාගාමි වෙයි. සසංඛාර පරිනිබ්බායි නම් අනාගාමි වෙයි. උද්ධංසොත අකනිට්ඨාගාමි නම් අනාගාමි වෙයි. මහණෙනි මේ පඤ්චෙන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් මේ ඵල සත ආනිසංස සත කැමති විය යුත්තේය.
4. 7. 7.
7. ජම්බුරුක්ඛොපම සූත්රය
1751. මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද අවබෝධය පිණිස ඔවුන්ගේ පඤ්ඤින්ද්රිය අග්රවේ. මහණෙනි බොධිපාක්ෂික ධර්මයෝ කවරහුද? මහණෙනි, සද්ධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය බොධිපාක්ෂික ධර්මයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව යම්කිසි ගස් වර්ග ඇත්තාහුද දඹගස ඔවුන්ගෙන් අග්රවේ. මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි බොධි පාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය අග්රවේ.