4. 5. 5.
පුබ්බාරාම එකින්ද්රිය සූත්රය
1729. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි මිගාරමාතු ප්රාසාදයෙහි වැඩ සිටිසේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. ‘මහණෙනි, කෙතෙක් ඉන්ද්රියයන් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතියක්ෂය විය. බඹසරවැස නිමවනලදී. කළයුත්ත කරනලදී. මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශකරයිද?” ‘ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන්වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය” “මහණෙනි, එක් ඉන්ද්රියක් වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය, බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරනලදී මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශකරයි. කවර එක් ඉන්ද්රියයද? පඤ්ඤින්ද්රියයාගේ (ඉන්ද්රිය) මහණෙනි, ප්රඥාවත් ආර්ය්ය ශ්රාවකයාට ඊට අනුව ශ්රද්ධාව පිහිටයි. ඊට අනුව වීර්ය්යය පිහිටයි. ඊට අනුව සිහිය පිහිටයි. ඊට අනුව සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක ඉන්ද්රියයක්හුගේ වැඩීමෙන් බහුල වසයෙන් වැඩීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය බඹසර වැස නිමවනලදි. කළයුත්ත කරණලදී. මෙයින් පසු අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි.
4. 5. 6.
පුබ්බාරාම ද්වින්ද්රිය සූත්රය
1730. “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් ආත්මභාවයක්නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයිද?” ස්වාමීනි, ධර්මය භාග්යවතුන් වහන්සේ මුල්කොටමැයි. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය. “මහණෙනි, ඉන්ද්රියයන් දෙදෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි. කවර දෙදෙනෙකුන්ගේද යත්. අර්හත් මාර්ග ප්රඥාවගේ හා අර්හත් මාර්ග සමාධියේය. “මහණෙනි, යම් මාර්ග ප්රඥාවක් ඇත්ද? එය ඔහුගේ පඤ්ඤින්ද්රියයි. මහණෙනි, යම් මාර්ග සමාධියක් ඇත්ද? එය ඔහුගේ සමාධින්ද්රිය වෙයි. මහණෙනි, මේ ඉන්ද්රියයන් දෙදෙන වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි.
4. 5. 7.
පුබ්බාරාම චතුරින්ද්රිය සූත්රය
1731. “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් ක්ෂීණාශ්රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයිද?” ස්වාමීනි, ධර්මය භාග්යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දන්නාහුය. “මහණෙනි, ඉන්ද්රියයන් සතර දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී, මෙයින් අනික් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි. “කවර සතරක්හුගේද යත්. විරියින්ද්රියගේද, සතින්ද්රියගේද, සමාධින්ද්රියගේද, පඤ්ඤින්ද්රියගේද වෙයි. “මහණෙනි, මේ සතර ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි.”
4. 5. 8.
පුබ්බාරාම පඤ්චින්ද්රිය සූත්රය
1732. “මහණෙනි, කොපමණ ඉන්ද්රියයන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව තෙම ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයිද, “ස්වාමීනි, ධර්මය භාග්යවතුන්වහන්සේ මුල්කොටම පවතී. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන්වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය. “මහණෙනි, ඉන්ද්රියයන් පස් දෙනෙකුන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂිණාශ්රව භික්ෂුතෙම ‘ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දන්නෙමියි’ රහත්බව ප්රකාශ කරයි කවර පසක්හුගේද යත්. සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යන ඉන්ද්රියයන්ගේය. “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියන්ගේ වැඩීමෙන් බහුල කිරීමෙන් ක්ෂීණාශ්රව තෙමේ ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරයි.”
4. 5. 9.
පිණ්ඩොල භාරද්වාජ සූත්රය
1733. මා විසින් මෙසේ අසනලදී එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතාරාමයෙහි වැඩ සිටසේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිම වන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලද්දේ වෙයි. එකල්හි භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය. “ස්වාමීනි, ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලදී. “කිමෙක්ද ස්වාමීනි, කිනම් අර්ථයක් දක්නාවූ ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරුන් විසින් ‘ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි’ රහත්බව ප්රකාශ කරන ලද්දේද?”