4. 4. 9.
තෙජොපම සූත්රය
1723. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යනුයි. “මහණෙනි, විඳියයුතු සැප වේදනාව ඉපදීමට සුදුසු ස්පර්ශය නිසා සුඛින්ද්රිය උපදී. හෙතෙම සැපවත් වූයේ සැපවත්වූවෙමි’ යි දැනගනියි. ඒ සුඛවේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සුඛ වේදනාව උපදින ස්පර්ශය සැප වේදනාවක් නිසා උපන් යම් සුඛින්ද්රියක් වේද ඒ සුඛින්ද්රියය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි. ‘මහණෙනි, දුක් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්රියක් උපදීද, හෙතෙම දුක්වූයේ දුක් වූයෙමි’ යි දැනගනියි. ඒ දුක් වේදනාව ඇතිවීමට හේතුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දුක් වේදනාව උපදවන ස්පර්ශය නිසා උපන් යම් දුක්ඛින්ද්රියක් වේද ඒ දුක්ඛින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
‘මහණෙනි, සොම්නස් වේදනාව ඉපදීමට සුදුසුවූ ස්පර්ශය සොමනස්සින්ද්රිය නිසා උපදී. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමි’යි දැනගනියි. ඒ සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සොමනස්ස වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්රියක් උපන්නේද ඒ සොමනස්සින්ද්රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි. “මහණෙනි, දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්රිය උපදී. හෙතෙම දොම්නස් වූයේ දොම්නස් වූවෙමි’යි දැනගනියි. ඒ දොමනස්සය ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දොම්නස් ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් දොමනස්සින්ද්රියක් උපදීද ඒ දොමනස්සින්ද්රිය නිරුද්ධවේ එය සංසිඳේයයි දැන ගනියි. “මහණෙනි, උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්ද්රිය උපදී. හෙතෙම උපෙක්ෂා වූයේ උපෙක්ෂා වූවෙමි’යි දැනගනියි. ඒ උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය යම් උපෙක්ඛින්ද්රියක් උපදීද ඒ උපෙක්ඛින්ද්රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.
“මහණෙනි, යම්සේ දඬු දෙකක්හුගේ ගැටීම නිසා එක්වීම නිසා උණුසුම උපදී. ගිනි උපදියි. ඒ දඬු වෙන්වීමෙන් වෙන්ව තැබීමෙන් එයින් උපන් යම් උණුසුමක් වේද ඒ උණුසුම නිරුද්ධවේ. ඒ සංසිඳේ. මහණෙනි, එපරිද්දෙන්ම සුඛ වේදනාව සුදුසුවූ ස්පර්ශය සුඛින්ද්රිය නිසා උපදී. හෙතෙම සුවපත් වූයේම සැපවත් වූයෙමියි දැනගනියි. ඒ සැප වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ සුඛ වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සුඛින්ද්රියක් උපදීද ඒ සුඛින්ද්රියය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැන ගනියි. “මහණෙනි, එපරිද්දෙන්ම දුක්ඛ වේදනාව ඇති වීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්රිය උපදී. හෙතෙම දුක් වූයේම දුකට පත්වූ යෙමියි දැනගනියි. ඒ දුක් වේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ දුක්වේදනාව උපදවන්නාවූ ස්පර්ශය නිසා යම් දුක්ඛින්ද්රියක් උපදීද ඒ දුක්ඛින්ද්රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේයයි දැනගනියි. “මහණෙනි, එපරිද්දෙන්ම සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා සොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමියි දැනගනියි. ඒ සොම්නස් වේදනාව සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ සොමනස්ස වේදනාව උපදවන ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්රියක් වේද ඒ සොමනස්සින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි. “මහණෙනි, එපරිද්දෙන්ම දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්රිය උපදියි. හෙතෙම දොම්නස් වූයේම දොම්නස් වූයෙමියි දැනගනියි. ඒ දොමනස්ස වේදනාව ඇතිවීමට සුදුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ යම් දොම්නස්සින්ද්රියක් උපදීද ඒ දොමනස්සින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳුනේයයි දැනගනියි. “මහණෙනි, උපෙක්ඛා වේදනාවට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්ද්රිය උපදියි. හෙතෙම උපෙක්ෂාවූයේ උපෙක්ෂා වූයෙමියි දැනගනියි. ඒ උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූපවූ උපෙක්ඛා වේදනා උපදවන ස්පර්ශය නිසා යම් උපෙක්ඛින්ද්රියක් උපදීද, ඒ උපෙක්ඛින්ද්රිය නිරුද්ධවෙයි. එය සංසිඳුනේ යයි දැනගනියි.
4. 4. 10.
උප්පටි පාටික සූත්රය
1724. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසෙක්ද? දුක්ඛින්ද්රිය, දොමනස්සින්ද්රිය, සුඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යනුයි. ‘මහණෙනි මේ ශාසනයෙහි අප්රමාදීවූ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නාවූ භික්ෂුවට දුක්ඛින්ද්රිය උපදියි. හෙතෙම මෙසේ දැනගනියි මේ දුක්ඛින්ද්රිය මට උපන්නේය. එය වනාහි නිමිති සහිතය. නිදාන සහිතය. හේතු සහිතය ප්රත්යසහිතය. “ඒ කාන්තයෙන් ඒ දුක්ඛින්ද්රිය නිමිති රහිතව නිදාන රහිතව හේතු රහිතව ප්රත්ය රහිතව උපදින්නේය යන මේ කාරණය විද්යමාන (සිද්ධ) නොවේ. හෙතෙම දුක්ඛින්ද්රියද දැනගනියි. දුක්ඛින්ද්රියට හේතුවද දැනගනියි. දුක්ඛින්ද්රිය නිරෝධයද දැනගනියි. යම් තැනක උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධ වෙයිද, එයද දැනගනියි. කොතැන්හි උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නොවී නිරුද්ධ වේද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්රීති සුඛය ඇති ප්රථමධ්යානයට එළඹ වාසය කරයිද, මෙහි උපන් දුක්ඛින්ද්රිය ඉතිරි නැතිව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණතෙම දුක්ඛින්ද්රිය නැතිකිරීම දැනගත්තේයයි ඒ සඳහාම සිත එළවන්නේයයි කියනු ලැබේ