4. 4. 7.
දුතිය වෙදනින්ද්රිය විභංග සූත්රය
1721. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යනුයි. “මහණෙනි, සුඛින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික සැපයක් වේද, කායික මිහිරක් වේද, කාය ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක්වේද, මහණෙනි, මේ සුඛින්ද්රියයයි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේද? -පෙ- මහණෙනි, උපෙක්ඛින්ද්රිය කවරේද? යම් ඒ කායිකවූද, චෛතසිකවූද, මිහිරිද නොවූ අමිහිරිද නොවූ විඳීමක්වේද, මහණෙනි මේ උපෙක්ඛින්ද්රියයයි කියනුලැබේ. “මහණෙනි, එහි යම් සුඛින්ද්රියක් වේද, යම් සොමනස්සින්ද්රියක් වේද, ඒ සැප වේදනාව යයි දත යුතුයි. මහණෙනි, එහි යම් දුක්ඛින්ද්රියයක් වේද යම් දොමනස්සින්ද්රියක් වේද ඒ දුක් වේදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් ඒ උපෙක්ඛින්ද්රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දතයුතුයි. මහණෙනි, මොව්හු වනාහි පංචෙන්ද්රියයෝය.”
4. 4. 8.
තතිය වෙදනින්ද්රිය විභංග සූත්රය
1722. “මහණෙනි, ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොම්නස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යනුයි. “මහණෙනි, සුඛින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික සැපයක් වේද, කායික මිහිරක් වේද, කාය ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක්වේද, මහණෙනි, මේ සුඛින්ද්රියයයි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ කායික දුකක් වේද, කායික අවහිරයක් වේද, කාය ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මෙය දුක්ඛින්ද්රියයයි කියනු ලැබේ. “මහණෙනි, සොම්නස්සින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික සැපයක් වේද, මානසික මිහිරක් වේද, මනො ස්පර්ශයෙන් උපන් සැපවූ මිහිරිවූ විඳීමක් වේද, මහණෙනි, මේ සොමනස්සින්ද්රියයයි කියනු ලැබේ. “මහණෙනි, දොමනස්සින්ද්රිය කවරේද? මහණෙනි, යම් ඒ මානසික දුකක්වේද? මානසික අමිහිරක් වේද? මනො ස්පර්ශයෙන් උපන් දුක්වූ අමිහිරිවූ විඳීමක්වේද? මහණෙනි, මේ දොමනස්සින්ද්රියයයි කියනු ලැබේ. “මහණෙනි, උපෙක්ඛින්ද්රිය කවරේද? යම් ඒ කායිකවූද, චෛතසිකවූද, මිහිරිද නොවූ අමිහිරිද නොවූ විඳීමක්වේද, මහණෙනි මේ උපෙක්ඛින්ද්රියයයි කියනුලැබේ.
“මහණෙනි, එහි යම් සුඛීන්ද්රියක් වේද, යම් සොමනස්සින්ද්රියක් වේද ඒ සුඛ වේදනාව යයි දත යුතුයි මහණෙනි, එහි යම් දුක්ඛින්ද්රියක් වේද යම් දොමනස්සින්ද්රියක් වේද ඒ දුක්ඛ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්ද්රියයක් වේද? ඒ වේදනාව දුක්ද නොවූ සැපද නොවූ වේදනාවයයි දත යුතුයි. මහණෙනි, මෙසේ වනාහි මේ පංචෙන්ද්රියයෝ පිළිවෙලින් පසක්ව තුනක් වෙත්. තුනක්ව පසෙක් වෙත්.”
4. 4. 9.
තෙජොපම සූත්රය
1723. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්ද්රිය යනුයි. “මහණෙනි, විඳියයුතු සැප වේදනාව ඉපදීමට සුදුසු ස්පර්ශය නිසා සුඛින්ද්රිය උපදී. හෙතෙම සැපවත් වූයේ සැපවත්වූවෙමි’ යි දැනගනියි. ඒ සුඛවේදනාවට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සුඛ වේදනාව උපදින ස්පර්ශය සැප වේදනාවක් නිසා උපන් යම් සුඛින්ද්රියක් වේද ඒ සුඛින්ද්රියය නිරුද්ධ වේ. එය සංසිඳේයයි දැනගනියි. ‘මහණෙනි, දුක් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දුක්ඛින්ද්රියක් උපදීද, හෙතෙම දුක්වූයේ දුක් වූයෙමි’ යි දැනගනියි. ඒ දුක් වේදනාව ඇතිවීමට හේතුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දුක් වේදනාව උපදවන ස්පර්ශය නිසා උපන් යම් දුක්ඛින්ද්රියක් වේද ඒ දුක්ඛින්ද්රිය නිරුද්ධ වෙයි. එය සංසිඳේයයි දැනගනියි.
‘මහණෙනි, සොම්නස් වේදනාව ඉපදීමට සුදුසුවූ ස්පර්ශය සොමනස්සින්ද්රිය නිසා උපදී. හෙතෙම සොම්නස් වූයේ සොම්නස් වූයෙමි’යි දැනගනියි. ඒ සොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ සොමනස්ස වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් සොමනස්සින්ද්රියක් උපන්නේද ඒ සොමනස්සින්ද්රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි. “මහණෙනි, දොම්නස් වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා දොමනස්සින්ද්රිය උපදී. හෙතෙම දොම්නස් වූයේ දොම්නස් වූවෙමි’යි දැනගනියි. ඒ දොමනස්සය ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප වේදනාවවූ දොම්නස් ඇතිවීමට සුදුසු ස්පර්ශය නිසා යම් දොමනස්සින්ද්රියක් උපදීද ඒ දොමනස්සින්ද්රිය නිරුද්ධවේ එය සංසිඳේයයි දැන ගනියි. “මහණෙනි, උපෙක්ඛා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශය නිසා උපෙක්ඛින්ද්රිය උපදී. හෙතෙම උපෙක්ෂා වූයේ උපෙක්ෂා වූවෙමි’යි දැනගනියි. ඒ උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසුවූ ස්පර්ශයාගේ නිරෝධයෙන් ඊට අනුරූප උපෙක්ෂා වේදනාව ඇතිවීමට සුදුසු ස්පර්ශය යම් උපෙක්ඛින්ද්රියක් උපදීද ඒ උපෙක්ඛින්ද්රිය නිරුද්ධවේ. එය සංසිඳේයයි දැනගනියි.