4. 3. 5.
5. ඡළින්ද්රිය සූත්රය
495. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද? චක්ඛුන්ද්රිය, සොතින්ද්රිය, ඝානින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්ද්රිය යනුයි මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්රිය සයවෙති.”
4. 3. 6.
6. ඡළින්ද්රිය සෝතාපන්න සූත්රය
496. [2] “මහණෙනි මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්ද්රිය, සොතින්ද්රිය, ඝානින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්ද්රිය යනුයි මහණෙනි, යම් කලෙක වනාහි ආර්ය්ය ශ්රාවකතෙමේ මේ ෂඞ්න්ද්රියයන්ගේ ඉපදීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද, නිස්සරණදය තත්වූ පරිද්දෙන් දනියිද, මහණෙනි, ඒ ආර්ය්යශ්රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේ අර්හත් මාර්ගයට නියතවූයේ නිර්වාණය පරායන කොට ඇත්තේයයි කියනු ලැබේ”
4. 3. 7.
7. ඡළින්ද්රිය අරහන්ත සූත්රය
497. [2] “මහණෙනි, මේ ඉන්ද්රියෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්ද්රිය, සොතින්ද්රිය, ඝානින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්ද්රිය යනුයි. “මහණෙනි, යම්සේ වනාහි මහණතෙමේ මේ ෂඞ්ඉන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හා දිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, [3] “මහණෙනි, ඒ භික්ෂූතෙම ක්ෂය කරන ලද ආශ්රවයන් ඇත්තාවූ මාර්ග බ්රහ්මචර්ය්යාව වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහාතැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කරනලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 3. 8.
8. ඡළින්ද්රිය අභිසම්බුද්ධ සූත්රය
498. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයක්ද, චක්ඛුන්ද්රිය, සොතින්ද්රිය, ඝානින්ද්රිය, ජිව්හින්ද්රිය කායින්ද්රිය, මනින්ද්රිය යනුයි. [3] “මහණෙනි, මම යම්තාක් මේ ෂඞ්ඉන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ නොකෙළෙම්ද, “මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මාරයන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්රජාවට නිරුත්තරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්රතිඥා නොකෙළෙමි. [4] “මහණෙනි, මම යම් කලෙක වනාහි මේ ෂඞ්ඉන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදය, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්රජාවට නිරුත්තරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්රතිඥා කෙළෙමි. මාගේ අර්හත්ඵල සමාධිය විනාශ නොවේ. මාගේ මේ අන්තිම ජාතියයි. දැන් මගේ නැවත ඉපදීමක් නැත්තේය යන ඥාන දර්ශනය මට පහළවිය.”
4. 3. 9.
9. ඡළින්ද්රිය සමණ බ්රාහ්මණ සූත්රය
499. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයක්ද? චක්ඛුන්ද්රිය, සොතින්ද්රිය, ඝානින්ද්රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්ද්රිය යනුයි. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ ෂඞ්ඉන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකරත්. [3] “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ ෂඞ්ඉන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ආශ්රවයන් නැති කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත් ”
4. 3. 10.
10. දුතිය ඡළින්ද්රිය සූත්රය
500. [2] “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ චක්ඛුන්ද්රිය නොදනිත්ද, චක්ඛුන්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, චක්ඛුන්ද්රිය නිරෝධය නොදනිත්ද, චක්ඛුන්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ සොතින්ද්රිය නොදනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධය නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ඝානින්ද්රිය නොදනිත්ද, ඝානින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ඝානින්ද්රිය නිරෝධය නොදනිත්ද, ඝානින්ද්රිය නිරෝධ ගාමිනී ප්රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ජිව්හින්ද්රිය නොදනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ කායින්ද්රිය නොදනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය නිරෝධය නොදනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්රමණයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ මනින්ද්රිය නොදනිත්ද, මනින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, මනින්ද්රිය නිරෝධය නොදනිත්ද, මනින්ද්රිය නිරෝධගාමිනීප්රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරත්. [3] “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ චක්ඛුන්ද්රිය දනිත්ද චක්ඛුන්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, චක්ඛුන්ද්රිය නිරෝධය දනිත්ද, චක්ඛුන්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව දනිත්ද, සොතින්ද්රිය දනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, සොතින්ද්රිය නිරෝධය දනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව දනිත්ද, ඝානින්ද්රිය දනිත්ද, ඝානින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, ඝානින්ද්රිය නිරෝධය දනිත්ද, ඝානින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව දනිත්ද, ජිව්හින්ද්රිය දනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව හේතුව දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධ ගාමිනී ප්රතිපදාව දනිත්ද, මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව දනිත්ද, මනින්ද්රිය දනිත්ද, මනින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, මනින්ද්රිය නිරෝධය දනිත්ද, මනින්ද්රිය නිරෝධගාමිනී ප්රතිපදාව දනිත්ද, “මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ආශ්රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය අර්හත්ඵල ප්රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
ඡළින්ද්රියවග්ගො තතියො.
එහි උද්දානය:
පුනබ්භව ද, ජීවිත සහ අඤ්ඤා ද, එකබීජී සහ සුද්ධක ද, සොතාපන්න, අරහං, බුද්ධ සහ සමණබ්රාහ්මණ සූත්ර දෙකක් ද වේ.