4. 3. 10.
10. දුතිය ඡළින්ද්රිය සූත්‍රය
500. [2] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සොතින්ද්රිය නොදනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධය නොදනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඝානින්‍ද්‍රිය නොදනිත්ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ජිව්හින්ද්රිය නොදනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය නොදනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්රිය නොදනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, කායින්ද්රිය නිරෝධය නොදනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත්ද, “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මනින්‍ද්‍රිය නොදනිත්ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නොදනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීප්‍රතිපදාව නොදනිත්ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරත්. [3] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය දනිත්ද චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, සොතින්ද්රිය දනිත්ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, සොතින්ද්රිය නිරෝධය දනිත්ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ඝානින්‍ද්‍රිය දනිත්ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධය දනිත්ද, ඝානින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, ජිව්හින්ද්රිය දනිත්ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව හේතුව දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධය දනිත්ද, ජිව්හින්ද්රිය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත්ද, කායින්ද්රිය නිරෝධය දනිත්ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, මනින්‍ද්‍රිය දනිත්ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්ද, “මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන්ගේ නැතිකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධිය අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරත්.
ඡළින්ද්රියවග්ගො තතියො.
එහි උද්දානය:
පුනබ්භව ද, ජීවිත සහ අඤ්ඤා ද, එකබීජී සහ සුද්ධක ද, සොතාපන්න, අරහං, බුද්ධ සහ සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකක් ද වේ.
4. සුඛින්ද්රිය වර්ගය
4. 4. 1.
වෙදනින්ද්‍රිය සූත්‍රය
1715. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රියය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි. මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්රිය පස වෙත්”
4. 4. 2.
වෙදනින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
1716. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසක් වෙත්. කවර පසක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය උපෙක්ඛින්‍ද්‍රිය යනුයි. මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැනගනියිද? මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ අර්හත් මාර්ගයට නියතවූ නිර්වාණය පිහිටකොට ඇති සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 4. 3.
වෙදනින්ද්‍රිය අරහන්ත සූත්‍රය
1717. “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සුඛින්ද්රිය, දුක්ඛින්ද්රිය, සොමනස්සින්ද්රිය, දොමනස්සින්ද්රිය, උපෙක්ඛින්‍ද්‍රිය යනුයි. “මහණෙනි, යම් කලෙක මහණතෙමේ මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඇතිවීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තෘෂ්ණා දාෂ්ටීන්ගෙන් අල්වා නොගෙන මිදුනේවේද, මහණෙනි, මේ මහණතෙමේ ක්ෂය කරනලද ආශ්‍රවයන් ඇති වැස නිමවන මාර්ගබ්රහ්මචර්ය්යාව ඇති කරනලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, තමාගේ අර්ථයට පැමිණියාවූ, මනාකොට දැන මිදුනාවූ අර්හත් පුද්ගලයා යයි කියනු ලැබේ.