4. 14. 1-30.
තථාගතාදී සූත්‍ර
1905-1934. මහණෙනි, යම්තාක් සත්ත්වයෝ පා නැත්තා වූ හෝ ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(කියන ලද නයින් විස්තර කළ යුතුය. සූත්‍ර තිහක් දත යුතුය.)
පුන අප්පමාද වර්ගය දහහතර වැන්නයි.
එහි උද්දානය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සූරිය, වත්ථ යන මෙයින් දසවන පදය වේ.
15. පුන බලකරණීය වර්ගය
4. 15. 1-36.
බලාදී සූත්‍ර
1935-1970. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(කියන ලද නයින් ම විස්තර කරන්නහු විසින් සූත්‍ර තිස්සයක් දත යුතුය.)
පුන බලකරණීය වර්ගය පහළොස් වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්‍ර දොළසකි).
16. පුන ඒසනා වර්ගය
4. 16. 1-120.
ඒසනාදී සූත්‍ර
1971-2090. මහණෙනි, මේ ඒෂණා තුනකි ... වැඩිය යුතුය.
(පෙර කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්‍ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඒසනා වර්ගය සොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යැයි (සූත්‍ර සමූහයකි).
17. පුන ඕඝ වර්ගය
4. 17. 1-119.
ඕඝාදී සූත්‍ර
2091-2209. මහණෙනි, මේ ඕඝ සතරකි ... වැඩිය යුත්තාහ.
4. 17. 120.
උද්ධම්භාගිය සූත්‍රය
2210. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි. මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස නැති කිරීම පිණිස ප්‍රහාණය පිණිස පඤ්චෙන්ද්‍රියයෝ වැඩිය යුත්තාහ. කවර පසෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම රාගය දුරුකිරීම කෙළවර කොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සද්ධින්ද්‍රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට දෝසය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ විරියින්ද්‍රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සතින්ද්‍රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ සමාධින්ද්‍රිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ද්වේෂය දුරුකිරීම කෙළවර කොට මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති අමෘතයට බැසගන්නාවූ අමෘතය උපදවන්නාවූ අමෘතය කෙළවර කොට ඇත්තාවූ නිවනට බැසගන්නාවූ නිවන පහළ කරන්නාවූ නිවන කෙළවර කොට ඇත්තාවූ නිවනට නැමුණාවූ නිවනට හැරුණාවූ පඤ්ඤින්ද්‍රිය වඩයි. මහණෙනි, මේ පසක්වූ උද්ධම්භාගිය සංයෝජනයන් විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච ඉන්ද්‍රියයෝ වැඩිය යුත්තාහ.”
(මෙහි කියන ලද නයින් ද අභිඥා ආදිය වශයෙන් ද විස්තර කරන්නහු විසින් සූත්‍ර එකසිය විස්සක් දත යුතුය.)
පුන ඕඝ වර්ගය දාහත්වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරුද්ධම්භාගිය යැයි (සූත්‍ර සමූහයකි).
ඉන්ද්‍රිය සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
සුද්ධක, මුදුතර, ඡළින්ද්‍රිය, සුඛින්ද්‍රිය, ජරා, සූකරඛත, බොජ්ඣංග, ගංගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යන මේ දොළොස ද, පුන ගංගාපෙය්‍යාල ආදී පස් වර්ගය දැයි වර්ග දාහතක් වෙත්.