4. 10. 1-12.
බලාදී සූත්‍ර
1777-1788. මහණෙනි, යම් සේ බලයෙන් කළ යුතු යම් කර්මාන්ත කෙනෙක් කරනු ලැබෙත් ද ... බහුල වශයෙන් කරන්නේ වෙයි.
(බලකරණීය වර්ගය විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට පංචෙන්ද්‍රියය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
බලකරණීය වර්ගය දස වැන්නයි.
එහි උද්දානය:
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ දෙකක්, නාවා, ආගන්තුක, නදී යැයි (සූත්‍ර දොළසකි).
11. ඒසනා වර්ගය
4. 11. 1-40.
ඒසනාදී සූත්‍ර
1789-1828. මහණෙනි, මේ ඒෂණා (සෙවීම්) තුනකි. කවර තුනක් ද යත්: ... වැඩිය යුතුය.
(ඒසනා වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය. මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට පංචෙන්ද්‍රියය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)
ඒසනා වර්ගය එකොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා යන තුන ද ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යැයි (සූත්‍ර සමූහයකි).
12. ඕඝ වර්ගය
4. 12. 1-40.
ඕඝාදී සූත්‍ර
1829-1868. මහණෙනි, මේ ඕඝ (සැඩපහර) සතරකි. කවර සතරක් ද යත්: ... වැඩිය යුතුය.
(ඕඝ වර්ගය ද විවේකනිස්සිත ආදිය වශයෙන් විස්තර කළ යුතුය.)
ඕඝ වර්ගය දොළොස් වැන්නයි.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරුද්ධම්භාගිය යැයි (සූත්‍ර සමූහයකි).
13. පුන ගංගා පෙය්‍යාලය
4. 13. 1-36.
පාචීනනින්නාදී සූත්‍ර
1869-1904. මහණෙනි, යම් සේ ගංගා නදිය ... නිවනට බර වූයේ වෙයි.
(ඉන්ද්‍රිය සංයුත්තයේ පුනගංගාපෙය්‍යාල වර්ගය රාග විනය ආදිය වශයෙන් ද, අමතොගධ ආදිය වශයෙන් ද, නිබ්බානනින්න ආදිය වශයෙන් ද විස්තර කළ යුතුය. එක එකෙහි තුන තුන බැගින් කොට සූත්‍ර තිස්සයක් දත යුතුය.)
පුන ගංගා පෙය්‍යාලයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැමුණු සයක් ද, සමුද්‍රයට නැමුණු සයක් ද වේ. මොහු දෙදෙන දොළසක් වෙත්. එහෙයින් වර්ග යැයි කියනු ලැබේ.