4. 1. 7.
දුතිය සමණ බ්රාහ්මණ සූත්රය
1691. මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ සද්ධින්ද්රිය නොදනිත්ද, සද්ධින්ද්රියයාගේ ඉපදීම නොදනිත්ද, සද්ධින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, සද්ධින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව නොදනිත්ද, විරියින්ද්රිය නොදනිත්ද විරියින්ද්රියයාගේ ඉපදීම නොදනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව නොදනිත්ද, සතින්ද්රිය නොදනිත්ද, සතින්ද්රියයාගේ ඉපදීම නොදනිත්ද, සතින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, සතින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව නොදනිත්ද, සමාධින්ද්රිය නොදනිත්ද, සමාධින්ද්රියයාගේ ඉපදීම නොදනිත්ද, සමාධින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, සමාධින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව නොදනිත්ද, පඤ්ඤින්ද්රිය නොදනිත්ද, පඤ්ඤින්ද්රියයාගේ ඉපදීම නොදත්ද, පඤ්ඤින්ද්රියයාගේ නිරෝධය නොදනිත්ද, පඤ්ඤින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව නොදනිත්ද, මහණෙනි, මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතරෙහි ශ්රමණයයි සම්මත වූවාහුද, බ්රාහ්මණයන් අතරෙහි බ්රාහ්මණයයි සම්මත වූවාහුද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රමණභාවයාගේ අර්ථයද, බ්රාහ්මණභාවයාගේ අර්ථයද මේ ආත්මයෙහි තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ නොවසත්.
මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රහ්මණයෝ හෝ සද්ධින්ද්රිය දනිත්ද, සද්ධින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, සද්ධින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, සද්ධින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව දනිත්ද, විරියින්ද්රිය දනිත්ද, විරියින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, විරියින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, විරියින්ද්රියාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව දනිත්ද, සතින්ද්රිය දනිත්ද, සතින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, සතින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, සතින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව දනිත්ද, සමාධින්ද්රිය දනිත්ද, සමාධින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, සමාධින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, සමාධින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව දනිත්ද, පඤ්ඤින්ද්රිය දනිත්ද, පඤ්ඤින්ද්රියයාගේ ඉපදීම දනිත්ද, පඤ්ඤින්ද්රියයාගේ නිරෝධය දනිත්ද, පඤ්ඤින්ද්රියයාගේ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව දනිත්ද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතරෙහි ශ්රමණයයි සම්මතවූවාහුද, බ්රාහ්මණයන් අතරෙහි හෝ බ්රාහ්මණයයි සම්මතවූවාහුද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණභාවයාගේ අර්ථයද, බ්රාහ්මණ භාවයාගේ අර්ථයද මේ අත්බැව්හිම තෙමේ විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට දැන ඊට පැමිණ වාසය කරත්.”
4. 1. 8.
දට්ඨබ්බින්ද්රිය සූත්රය
1692. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙක් වෙති. කවර පසෙක්ද, සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, සද්ධින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ සතර සොතාපත්ති අඞගයන්හි සද්ධින්ද්රියන් දතයුතුයි. මහණෙනි, විරින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ සතර සම්යක් ප්රධානයන්හි විරියින්ද්රිය දතයුතුයි. මහණෙනි, සතින්ද්රිය කොතැන්හි දත යුතුද? මේ සතර සතිපට්ඨානයන්හි සතින්ද්රිය දතයුතුයි. මහණෙනි, සමාධින්ද්රිය කොතැන්හි දත යුතුද? මේ සතර ධ්යානයන්හි සමාධින්ද්රිය දතයුතුයි. මහණෙනි, පඤ්ඤින්ද්රිය කොතැන්හි දතයුතුද? මේ ආර්ය සත්ය සතරෙහි පඤ්ඤින්ද්රිය දතයුතුයි. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්රියයෝයි.”
4. 1. 9.
ඉන්ද්රිය විභඞග සූත්රය
1693. මහණෙනි, මේ ඉන්ද්රිය පස්දෙනෙක් වෙති කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, සද්ධින්ද්රිය යනු කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ ශ්රද්ධා ඇත්තේ වේද, ඒ භාග්යවතුන් වහන්සේ මේ නිසා අර්හත්යහ සම්යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්යා පසළොස් චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්ම සාරථීය. දෙවි මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ භාග්යවත්යයි තථාගතයන් වහන්සේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මෙය සද්ධින්ද්රියයයි කියනු ලැබේ.
මහණෙනි, විරියින්ද්රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ අකුසල ධර්මයන් පහකරනු පිණිස කුසල ධර්මයන් වැඩීම පිණිස දැඩි වීර්ය්ය ඇතිව පටන් ගන්නාලද වීර්ය්යය ඇතිව කුසල ධර්මයන්හි බහාතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ විරින්ද්රියයයි කියනු ලැබේ.