3. 4. 6.
අඤ්ඤා සූත්‍රය
1214. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් කරනලද බැවින් මේ ආත්මයෙහි රහත්වීම හෝ ස්කන්ධ ශේෂව ඇතිකල්හි අනාගාමී බව හෝ යන මේ ඵල දෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.”
3. 4. 7.
ඡන්ද සූත්‍රය
1215. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්ද යත්. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ වේදනාවන් කෙරෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, නීවරණාදී ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුගේ ධර්මයන් කෙරෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ඒ ආශාව ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි”
3. 4. 8.
පරිඤ්ඤාත සූත්‍රය
1216. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. “කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් කය මනාකොට දැනගන්නා ලද්දේ වේ. කය මනාකොට දැන ගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරන්නහු විසින් වේදනාව මනාකොට දැන ගන්නා ලද්දේ වේ. වේදනාව මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් සිත මනාකොට දැනගන්නා ලද්දේ වේ. සිත මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් ධර්මයෝ මනාකොට දැන ගන්නා ලද්දේ වේ. ධර්මයන් මනාකොට දත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වන්නේය.”
3. 4. 9.
භාවනා සූත්‍රය
1217. “මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කවරේද? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීමයි.
3. 4. 10.
විභඞ්ග සූත්‍රය
1218. “මහණෙනි, මම නුඹලාට සතිපට්ඨානයද, සතිපට්ඨාන භාවනාද, සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාවද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සතිපට්ඨානය නම් කවරේද? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, මේ සතිපට්ඨානයයි කියනු ලැබේ.
“මහණෙනි, සතිපට්ඨාන භාවනාව නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්‍රෝධයද, සංසිඳවාගෙන කයෙහි ඉපදීම ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවාගෙන වේදනාවෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි නැතිවීම් ස්වභාව බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි ඇතිවීම් ස්වභාවයද නැතිවීම් ස්වභාවයද, බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා ගෙන සිතෙහි ඉපදීම් ස්වභාව බලමින් වාසය කෙරේද,