3. 3. 3.
පරිහාන සූත්රය
1201. කුක්කුටාරාමයෙහි:
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම වේද? ඊට හේතු කවරේද ප්රත්යය කවරේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයිනි, යම් හෙයකින් සද්ධර්මයාගේ නොපිරිහීම වේද, එයට හේතු කවරේද ප්රත්යය කවරේද?” “ආයුෂ්මත් භද්රය, යහපති, යහපති. ආයුෂ්මත් භද්රය, ඔබගේ ප්රඥා මාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්රය, නුඹ මෙසේ විචාරන්නෙහිද? ‘ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් සද්ධර්මයාගේ පිරිහීම වේද, එයට හේතු කවරේද ප්රත්යය කවරේද? ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම නොවේද එයට හේතු කවරේද ප්රත්යය කවරේද, කියාද?”-“ආයුෂ්මතුනි එසේය.”
“ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය නොවේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් සද්ධර්මයාගේ නොපිරිහීම වන්නේයි.”
3. 3. 4.
සුද්ධක සූත්රය
390. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. “ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. “කවර සතරෙක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා නීවරණාදි ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද? “මහණෙනි, මොවුහු වනාහි සතර සතිපට්ඨාන ධර්මයෝ වෙත්.”
3. 3. 5.
බ්රාහ්මණ සූත්රය
1203. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතුවූ, සිහි කටයුතුවූ, කථාවකොට නිමවා එක් පසෙක හිඳගත්තේය. එක් පසෙක හිඳගත් ඒ බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද, එයට හේතු කවරේද, ප්රත්යය කවරේද? භවත් ගෞතමයන් වහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේද එයට හේතු කවරේද? ප්රත්යය කවරේද?”
“බ්රාහ්මණය, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝකල් පවත්නේ නොවේ. බ්රාහ්මණය සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේ. “කවර සතරක්හුගේද යත්? බ්රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, බ්රාහ්මණය මේ ශාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “බ්රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් පුරුදු නොකළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. බ්රාහ්මණය, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි යනුයි. මෙසේ වදාළ කල්හි ඒ බ්රාහ්මණතෙමේ භාග්යවතුන් වහන්සේට මෙය කීය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. යම්සේ යටිකුරුකර තැබූ භාජනයක් උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් විවෘත කරන්නේද, මංමුළා වූවෙකුට මඟ කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේද එපරිද්දෙන් භාග්යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලදී. ඒ මම භාග්යවතුන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ යමි. අද පටන් මා දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට දරණසේක්වායි කීය.”