3. 10. 160.
උද්ධම්භාගිය සූත්රය
1684. “මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසක්දයත්, රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්යාව යනුයි. මහණෙනි, මේ පස්දෙන උද්ධම්භාගිය සංයෝජනයෝයි. “මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්ගේ මනා දැනුම පිණිස, සම්පූර්ණයෙන් දැනගැනීම පිණිස, විනාශය පිණිස, සම්පූර්ණයෙන් පහකිරීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යය ඇති ව, මනා නුවණ ඇති ව, සිහි ඇති ව, ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්යයන් දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කරයි. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මය අනුව බලමින් කෙලෙස් තවන වීර්යය ඇති ව, මනා නුවණ ඇති ව, සිහි ඇති ව, ලෝකයෙහි අභිධ්යාදෞර්මනස්යයන් දුරු කොට වාසය කරයි. “මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන ධර්මයන්ගේ මනා දැනුම පිණිස, සම්පූර්ණයෙන් දැනගැනීම පිණිස, විනාශය පිණිස, සම්පූර්ණයෙන් පහකිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
461-470. (මේ වර්ගයේ දහවෙනි සූත්රයට මෙන් සූත්ර නවයටත් සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මග්ග සංයුත්තයේ ඕඝ වර්ගයේ මෙන් මෙහිද සූත්ර දහය සම්පූර්ණ වේ.)
ඕඝවග්ගො දසමො.
එහි උද්දානය:
ඔඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය ද, කාමගුණ, නීවරණ, ඛන්ධ, උද්ධම්භාගිය යනුයි. (මෙහි ද ඒසනා වර්ගය මෙන් එක්සිය සැට සූත්රයෝ විස්තර කළ යුත්තාහ.)
තුන් වැනි සතිපට්ඨාන සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
අම්බපාලි, නාලන්ද, සීලට්ඨිති, අනනුස්සුත, අමත, ගඞ්ගා, අප්පමාද, බලකරණීය, එසනා, ඔඝ යයි වර්ග දසයකි.