3. 1. 8.
සූද සූත්රය
1186. “මහණෙනි, බාලවූ අව්යක්තවූ අදක්ෂ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්යඤ්ජන වර්ග එළවන්නේය. ඒ බාලවූ අව්යක්තවූ අදක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු නො ම ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මෙනම් ව්යඤ්ජනය කැමති වෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝ කොට වළඳයි. මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල් රස ඇති ව්යඤ්ජනය කැමති වෙයි. ඇඹුල් රස ව්යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල්රස ව්යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල්රස ව්යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්යඤ්ජනය අද මිහිරි රස ඇති ව්යඤ්ජනය අද කර රස ඇති ව්යඤ්ජනය අද කර රස නැති ව්යඤ්ජනය අද ලුණු රස ඇති ව්යඤ්ජනය අද කිවුල් රස ඇති ව්යඤ්ජනය කැමතිවෙයි. කිවුල් රස ඇති ව්යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්යඤ්ජනයෙහි ගුණ කියයි, යන අන්දමින් ලකුණු කර නොගනියි. “මහණෙනි, මේ අඥානවූ අව්යක්තවූ අදක්ෂවූ අරක්කැමියා වස්ත්රද නොලබන්නේ වෙයි. වැටුප්ද නොලබන්නේ වෙයි. තෑගි බෝගද නොලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? ඒ බාලවූ අව්යක්තවූ අදක්ෂවූ අරක්කැමි තෙම ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන නොගන්නේ නම් එය එසේ වන්නේය.
“මහණෙනි, එපරිද්දෙන්ම මෙහි ඇතැම් බාලවූ අව්යක්තවූ අදක්ෂවූ භික්ෂුවක් වීර්ය්යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය නොකරයිද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද, වීර්ය්යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද, වීර්ය්යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහ නොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද, වීර්ය්යයෙන් යුක්තව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව ලෝකයෙහි ලෝභ ද්වේෂයන් දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය නොකරයිද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය නොකරන්නාවූ ඔහුගේ සිත සමාධියට නොපැමිණෙයි. ක්ලේශයෝ පහනොවෙත්. හෙතෙම ඒ නිමිත්ත නොම ඉගෙන ගනියිද, “මහණෙනි, ඒ බාලවූ අව්යක්තවූ අදක්ෂවූ මහණ තෙම මේ ආත්මයෙහි සැප විහරණ නොලබන්නේ වෙයි. ලෝකෝත්තර සිහිය හා නුවණ නොලබන්නේ වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, ඒ බාලවූ අව්යක්තවූ අදක්ෂවූ භික්ෂුව ස්වකීය චිත්තයාගේ නිමිත්ත නොදනී නම් එය එසේ වන්නේය.
“මහණෙනි, පණ්ඩිතවූ ව්යක්තවූ දක්ෂවූ අරක්කැමියෙක් රජුන්ට හෝ රජමහ ඇමතියන්ට හෝ ඇඹුල් රස ඇත්තාවූද තිත්ත රස ඇත්තාවූද කටුක රස ඇත්තාවූද මිහිරි රස ඇත්තාවූද කර රස ඇත්තාවූද කර රස නැත්තාවූද ලුණු රස ඇත්තාවූද කිවුල් රස ඇත්තාවූද නොයෙක් ව්යඤ්ජන වර්ග එළවන්නේය. ඒ පණ්ඩිතවූ ව්යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වකීය ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය. අද මාගේ ස්වාමියා මේ ව්යඤ්ජනය කැමතිවෙයි. මෙයට අත දිගු කරයි. මෙය බොහෝකොට වළඳයි. මෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා ඇඹුල්රස ඇති ව්යඤ්ජනය කැමතිවෙයි. ඇඹුල්රස ව්යඤ්ජනයට අත දිගු කරයි. ඇඹුල් රස ව්යඤ්ජනය බොහෝකොට වළඳයි. ඇඹුල් රස ව්යඤ්ජනයෙහි ගුණ කියයි. අද මාගේ ස්වාමියා තිත්ත රස ව්යඤ්ජනය කැමතිවෙයි. අද කටුක රස ඇති ව්යඤ්ජනය අද මිහිරි රස ඇති ව්යඤ්ජනය අද කර රස ඇති ව්යඤ්ජනය අද කර රස නැති ව්යංජනය අද ලුණු රස ඇති ව්යඤ්ජනය අද කිවුල්රස ඇති ව්යඤ්ජනය කැමති වෙයි. කිවුල් රස ඇති ව්යඤ්ජනයට අත දිගු කරයි. කිවුල් රස ඇති ව්යඤ්ජනය බොහෝකොට වළඳයි. කිවුල් රස ඇති ව්යඤ්ජනයෙහි ගුණ කියයි යනුවෙනි. “මහණෙනි, ඒ පණ්ඩිතවූ ව්යක්තවූ දක්ෂවූ අරක්කැමියා වස්ත්රද ලබන්නේය. වැටුප්ද ලබන්නේය. තෑගි බෝගද ලබන්නේය. ඊට හේතු කවරේද? එසේ ඒ පණ්ඩිතවූ ව්යක්තවූ දක්ෂවූ අරක්කැමියා ස්වාමියාගේ ලකුණු ඉගෙන ගන්නේය.