12. 9. 2.
2. උච්චාසයන සූත්‍රය
1152. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතරආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 3.
3. ජාතරූපරජත සූත්‍රය
1153. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් රන්රිදී මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් නොවැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 4.
4. ආමකධඤ්ඤ සූත්‍රය
1154. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් වැළකුණාහුවෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් අමු ධාන්‍ය වර්ග පිළිගැනීමෙන් නොවැළකුණාහුවෙත්ද ඔව්හුම ඉතා බොහෝ වෙත්, ඊට හේතුව කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
12. 9. 5.
5. ආමකමංස සූත්‍රය
1155. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැණීමෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැන්මෙන් නොවැළකුණාහුවෙත්ද, ඒ සත්වයෝ තුමූ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය කවර සතරකගේද යත්?
12. 9. 6.
6. ඉත්ථිකුමාරි සූත්‍රය
1156. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් ස්ත්‍රීන්, තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වකෙනෙක් ස්ත්‍රීන් තරුණියන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. මහණෙනි, ඊට හේතුව කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බවය, කවර සතරකගේද යත්?
12. 9. 7.
7. දාසිදාස සූත්‍රය
1157. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් දාස දාසීන් පිළිගැන්මෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද? මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
12. 9. 8.
8. අජෙළක සූත්‍රය
1158. “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් එළුවන් බැටළුවන් පිළි ගැනීමෙන් වැළකුණාහු වෙත්ද, ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද? මහණෙනි, සතරආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 9.
9. කුක්කුට සූකර සූත්‍රය
1159. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඌරන් කුකුළන් පිළිගැනීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 10.
10. හත්ථිගවාස්ස සූත්‍රය
1160. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝතුමූ ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැනීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්ව කෙනෙක් ඇතුන් ගවයන් අශ්වයන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?
තතියආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො නවමො.
එහි උද්දානය:
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක, කුක්කුටසූකර සහ වළවා යනු එහි සූත්‍රයි.