12. 8. 8.
8. බීජගාමසමාරම්භ සූත්රය
1148. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වැළකුණාහු වෙත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වෙන්නොවූවාහු වෙත්ද, එබඳු සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 8. 9.
9. විකාලභොජන සූත්රය
1149. “මහණෙනි, එපරිද්දෙන් යමෙක් තුමූ විකාලභෝජනයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ විකාල භොජනයෙන් නොවැළකුණාහු වෙත්ද. ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුකවරේද? මහණෙනි, සතර ආර්ය්යසත්යයන් නොදක්නා ලද බවය. ඒ සතර කවරේද,
12. 8. 10.
10. ගන්ධවිලෙපන සූත්රය
1150. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ (අලංකාරය වශයෙන්) මල් ගඳ විලවුන් දැරීම අඩුතැන්පිරවීම සැරසීම යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ මල් ගඳ විලවුන් දැරීම අඩුතැන් පිරවීම සැරසීම යන මෙයින් නො වැළකුණාහු වෙත්ද? ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්? මහණෙනි, සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. ඒ සතර කවරේද?
දුතියආමකධඤ්ඤපෙය්යාලවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන සහ විලෙපන යනු එහි සූත්රයි.
9. තතිය ආමකධඤ්ඤ වර්ගය
12. 9. 1.
1. නච්චගීත සූත්රය
1151. (මේ වර්ගයේ මේ 1, 2 ඡේද සියල්ලම 1 වෙනි ඡේදය පඨම ආමකධඤ්ඤ පෙය්යාල වර්ගයේ 1 වෙනි සූත්රයේ මෙනි.) “මහණෙනි, එපරිද්දෙන් යම්කෙනෙක් තුමූ නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකීම් යන මෙයින් නොවැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතර ආර්ය්යසත්යයන්ගේ නොදැකීම වෙති. කවර සතරකගේද යත්, (මේ ඡේද සියල්ලම ඉහත වර්ගයේ සූත්රවල 4, 5 වෙනි ඡේද මෙන් වෙත්.)
12. 9. 2.
2. උච්චාසයන සූත්රය
1152. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් කෙනෙක් උස් ආසන මහ ආසන පරිභොගයෙන් වැළකුණාහුද ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතුව කවරේද, මහණෙනි, සතරආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 3.
3. ජාතරූපරජත සූත්රය
1153. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් රන්රිදී මසු, කහවණු පිළිගැන්මෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් රන්, රිදී, මසු කහවණු පිළිගැන්මෙන් නොවැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 9. 4.
4. ආමකධඤ්ඤ සූත්රය
1154. “මහණෙනි, එපරිද්දෙන්ම යම් කෙනෙක් අමු ධාන්ය වර්ග පිළිගැන්මෙන් වැළකුණාහුවෙත්ද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් කෙනෙක් අමු ධාන්ය වර්ග පිළිගැනීමෙන් නොවැළකුණාහුවෙත්ද ඔව්හුම ඉතා බොහෝ වෙත්, ඊට හේතුව කවරේද යත්, මහණෙනි, සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවරනම් සතරකගේද යත්?
12. 9. 5.
5. ආමකමංස සූත්රය
1155. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැණීමෙන් වැළකුණාහු වෙත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වකෙනෙක් අමු මස් පිළිගැන්මෙන් නොවැළකුණාහුවෙත්ද, ඒ සත්වයෝ තුමූ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය කවර සතරකගේද යත්?