12. 8. 5.
5. පිසුණාවාචා සූත්රය
1145. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ කේළාම් කීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ කේළාම් කීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය, කවරනම් සතරකගේද?
12. 8. 6.
6. ඵරුසාවාචා සූත්රය
1146. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් වැළකුණාහුද, ඒ සත්වයෝම ඉතා ස්වල්පවෙත්. යමෙක් තුමූ ඵරුෂවචන කීමෙන් නොවැළකුණාහුද. ඒ සත්වයෝම ඉතා බොහෝවෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද යත්,
12. 8. 7.
7. සම්ඵප්පලාප සූත්රය
1147. “මහණෙනි, එපරිදිම යමෙක් තුමූ ප්රලාප කීමෙන් වැළකුණාහුවෙද්ද, එබඳු සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ ප්රලාපකීමෙන් නොවැළකුණාහුද ඔව්හුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතර ආර්ය්යසත්යයන්ගේ නොදැනීම වෙත්. කවර සතරකගේද?
12. 8. 8.
8. බීජගාමසමාරම්භ සූත්රය
1148. “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වැළකුණාහු වෙත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්පවෙති. යමෙක් තුමූ බීජ වර්ග සහ ගස් වැල් කැඩීමෙන් බිඳීමෙන් වෙන්නොවූවාහු වෙත්ද, එබඳු සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්, සතරආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්?
12. 8. 9.
9. විකාලභොජන සූත්රය
1149. “මහණෙනි, එපරිද්දෙන් යමෙක් තුමූ විකාලභෝජනයෙන් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ විකාල භොජනයෙන් නොවැළකුණාහු වෙත්ද. ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුකවරේද? මහණෙනි, සතර ආර්ය්යසත්යයන් නොදක්නා ලද බවය. ඒ සතර කවරේද,
12. 8. 10.
10. ගන්ධවිලෙපන සූත්රය
1150. “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ (අලංකාරය වශයෙන්) මල් ගඳ විලවුන් දැරීම අඩුතැන්පිරවීම සැරසීම යන මෙයින් වැළකුණාහුද ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්ප වෙත්. යමෙක් තුමූ මල් ගඳ විලවුන් දැරීම අඩුතැන් පිරවීම සැරසීම යන මෙයින් නො වැළකුණාහු වෙත්ද? ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතුව කවරේද යත්? මහණෙනි, සතර ආර්ය්යසත්යයන්ගේ නොදක්නාලද බවය. ඒ සතර කවරේද?
දුතියආමකධඤ්ඤපෙය්යාලවග්ගො අට්ඨමො.
එහි උද්දානය:
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන සහ විලෙපන යනු එහි සූත්රයි.