12. 7. 7.
7. පෙත්තෙය්ය සූත්රය
1137. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ යම් සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙත් පියාට උපකාර නොකරන්නාවූ යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්ය්ය සත්යයන්ගේ නොදැනීම වෙති. කවර නම් සතර ආර්ය්ය සත්යයන්ගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 8.
8. සාමඤ්ඤ සූත්රය
1138. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම ශ්රමණයන් කෙරෙහි මනාකොට පිළිපදින්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔවුහු ඉතා ස්වල්ප වෙති. ශ්රමණයන් කෙරෙහි මනාකොට නො පිළිපදින්නාවූ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 9.
9. බ්රහ්මඤ්ඤ සූත්රය
1139. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම බ්රාහ්මණයන් කෙරෙහි මනාකොට පිළිපන්නාවූ යම් ඒ සත්වයෝ වෙත්ද ඔව්හු ඉතා ස්වල්ප වෙති, බ්රාහ්මණයන් කෙරෙහි මනාව නොපිළිපදින්නාවූම සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නා ලද බවය, කවර නම් සතරකගේද යත්? (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
12. 7. 10.
10. ජෙඨාපචායී සූත්රය
1140. (මේ ඡේද මේ වර්ගයේ 1, වෙනි සූත්රයේ 1, 2 ඡේද මෙන් වෙත්.) “මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යමෙක් තුමූ කුල දෙටුවන් පුදත්ද එබඳු සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යමෙක් තමාගේ කුල දෙටුවන් නොපුදත්ද එබඳු සත්වයෝ ඉතා බොහෝ වෙති. ඊට හේතු කවරේද? මහණෙනි, සතර ආර්ය්ය සත්යයන් නොදත්බවය, කවර නම් සතර ආර්ය්ය සත්යයන්ගේද යත්, (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 4, 5 ඡේද මෙන් වෙත්.)
පඨමආමකධඤ්ඤපෙය්යාලවග්ගො සත්තමො.
එහි උද්දානය:
අඤ්ඤත්ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමෙරය, ඔදකජ, මත්තෙය්ය, පෙත්තෙය්ය, සාමඤ්ඤ, බ්රහ්මඤ්ඤ සහ අපචායී යනු එහි සූත්රයි.